වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls)

වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls) - Your CHoice Way

මම අද දවසෙ කන්න හැදුවා රස කෑමක් . වෙජි මීට් බෝල්ස්. නිර්මාංශ අයට ගොඩාක් හොදයි.හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න . 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • මයිසුර් පරිප්පු කප් 1/4
  • රුලං කප් 1 175g
  • කැරට් අල 1 ( සිහින්ව කපා ගත් . මම ග්‍රේට් කලා )
  • කරපිංචා 
  • සුදු ළුනු බික්  6
  • වතුර කප්  2 1/2  +  1
  • ලුනු කුඩු තේ හැදි 1 
  • තුන පහ තේ හැදි  1
  • කහ කුඩු තේ හැදි  1/2
  • මිරිස් කුඩු තේ හැදි  1
  • ගම්මිරිස් කුඩු තේ හැදි  1/2

තෙම්පරාදුව සදහා 
  • පොල් තෙල්මේ ස හැදි   3
  • සුදුරු තේ හැදි 1/2
  • අඹ තේ හැදි 1/2
  • ලොකු ළුනු ගෙඩ් 1 
  • කැලි මිරිස් මේස හැදි 1 
  • ලුනු කුඩු  තේ හැදි 1 

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව පරිප්පු සෝදා විනාඩි 15 පෙගෙන්න තබන්න . පසුව භාජනයකට වතුර කප් 1 දමා මද ගින්දරේ පරිප්පු ටික තම්බා ගන්න . තැම්බූනාට පසු පැත්තකින් තබන්න .
  2. දැන් ග්‍රයින්ඩර් එකට කරපිංච , සුදු ළුනු , ලුනු ටිකක් දමා ග්‍රයින්ඩ් කර පේස්ට් එකක් සාදා ගන්න .  එයත් පැත්තකින් තබන්න .
  3. භාජනයකට වතුර කප් 2 1/2 දමා ලිප තබා උතුරන විට ලුනු කුඩු තේ හැදි 1 , කහ කුඩු , තුනපහ කුඩු , ගම්මිරිස් කුඩු , මිරිස් කුඩු සහ කරපිංච පේස්ට් එකෙන් භාගයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . සියඹලා ඇට 1 එකතු කරන්න . 
  4. පසුව කැරට් ටික එකතු කර කලවම් කර  තැම්බෙන තුරු උයා ගන්න . 
  5. දැන් පොල් තෙල් මේස හැදි 1 එකතු කර මිශ්‍ර කරන්න . පසුව රුලං ටික ටික එකතු කරමින් හැදි ගාන්න . එම වෙලාවටම තම්බා ගත් පරිප්පු ටිකත් එකතු කර හොඳින් කලවම් කරන්න . 
  6. දැන් ලිප නිවා දමා ටිකක් වෙලා ලිප මත තබා ලිපෙන් ඉවත් කරන්න . (පහළ පින්තූරයේ පෙන්වා ඇති පරිදි )
  7. ටිකක් නිවුනු පසු අත් දෙකෙහි තෙල් ගාගෙන තරමක බෝල සාදා ගන්න . (පහළ පින්තූරයේ පෙනන පරිදි )
  8. භාජනයක් ලිප තබා පොල් තෙල් දමා අඹ , සුදුරු දමා ටිකක් බැදුනු පසු ඉතිරි කරපිංච පේස්ට් එක එකතු කර මිශ්‍ර කර ලුනු කුඩු , කැලි මිරිස් , එකතු කර මිශ්‍ර කරන්න . 
  9. ටික වේලාවකින්  ළුනු එකතු කර හොඳින් කලවම් කර තෙම්පරාදු කරන්න . 
  10. අවසානෙට  සාදා ගත් වෙජි මීට් බෝල්ස් ටික එකතු කර හොඳින් කලවම් කරන්න . 
හදලා බලන්න කෝ . හරිම රසයි. Dhammika Panangala (ධම්මිකා පනංගල)

වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls) - Your CHoice Way

වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls) - Your CHoice Way

වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls) - Your CHoice Way

වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls) - Your CHoice Way

වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls) - Your CHoice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls) වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 21, 2021 Rating: 5

0 comments:

Post a Comment