Your Choice Way

Tribute to Sunil Perera Song Lyrics - සුනිල් පෙරේරාට උපහාරය ගීතයේ පද පෙළ

Tribute to Sunil Perera Song Lyrics - සුනිල් පෙරේරාට උපහාරය ගීතයේ පද පෙළ
Song Title : Tribute to Sunil Perera (සුනිල් පෙරේරාට උපහාරය)
Mix & Mastered by Nifal Ibrahim 
Recording Engineer : Rukshan Ranathunga
Live Audio Engineer (infinity) : Kanishka Goonewardena
Video Director and Editor : Nalaka Dayanath
DOP : Sameera Buddika
Organized By : Fusion Media

“මතු දිනයක මගේ දෙනෙතට ඔබ හමුවේ නම් එදින නැවත මා හිනැහෙන්නම්”

ශ්‍රී ලංකාවේ සංගීත ඉතිහාසයේ නොමැකෙන නාමය සුනිල් පෙරේරා මහතා (සුනිල් අංකල්) අද අපි අතර නැති වුනත් අපිව මෙතනට ගේන්න ඔබ දැක්වූ සහයෝගයට අපි හැමදාමත් ණයගැති!  මෙම ගීත කිහිපය ඔහුට උපහාරයක් ලෙස අපිට කියන්න ලැබීම ගැන තියෙන සතුට කියල නිම  කරන්න බැහැ!

ගුරුතුමනි! ඔබට නිවන් සුව!


කැටිකොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්…
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්…

ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේ
තවමත් මගෙ මතකයෙහි රැඳේ
නෙත් යුග මා දෙස යොමා
මගෙ මියුලැසියේ…
කුමක් කියන්නටද සැරසුනේ…

පාවෙන්න පිරිසියක් උඩ නැගලා
පිටසක්වලකින් මෙහාට බැහැලා
අවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ
අපි නම් නෑ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනවා දක්කලා ඔහෙලා
බලමුද පොඩ්ඩක් වතගොත අහලා කුරුමිට්ටෝ

කොයි දේසේ ඉදලද එන්නේ – අගහරු ලෝකෙන් අපි එන්නේ
මෙහෙ ආවේ කුමටද අපි මෙහෙ ආවට අකමැතිද
ඔය තරම මිටි මොකද හලෝ මිටි උනාට අපි රජ කොල්ලෝ
තනි කකුලෙන් හිටගතහකිද ඔලුවෙන් හිටගෙන පෙනමුද

සුදු හාලේ බත් වේලේ සම්බෝලේ
රස දුන්නේ මුළු ලෝකෙම හදුනන්නේ
ලුණු හා දෙහි අපි දෙන්නා

අපි දෙන්නා එක් වීලා පන වාගේ
ලොවේ ඉන්නේ වැඩ (හැඩ) පෙන්නා හිනා හිනැහිලා
සහයෝගෙන් වැඩේ දෙන්නේ

හැමතැන හැමවිට එක වගේ ගැලපෙන
රට දිව පිනවන රස ගුණ ගෙන දෙන
ලුණු දෙහි ලුණු දෙහි
කවදත් කොතනත් කාගේත් සිත් ගත
ජන හද ජයගත් කෑමකි රසවත්
ලුණු දෙහි ලුණු දෙහි
රම්පප රම්පප
රම්පප
ලුණු දෙහි ලුණු දෙහි
ලුණු දෙහි ලුණු දෙහි…. ලුණු දෙහි ලුණු දෙහි

බැදලා 25 අවුරුදු ජුබිලිය අංකල් ජොන්සන් ගේ
ගන්නා රෝයල් පාටිය අපටත් දන්වා එව්වා බොලේ
සොමියක් ගන්නට නියම චාන්ස් එක
අතහරින්නටත් බැරි හින්දා
මේ අපි ඩබලම ආවෙත් මෙතනට ආශික් ඔක්කොම ඇති හින්දා

අම්මෝ (හාලෝ)
වෙල්කම් කිය කිය ජොන්සන් දෙනවා අතට අත
ගෙස්ට්ලා ගෙනාපු තෑගි බෝග ගැනයි වයිෆ් ගේ හිත
පුදුමෙන් පුදුමයි දැක්කම ආසයි, පාටියක් ග්‍රෑන්ඩ් ම (ලෙවල්)
ලොකු පොඩි පොරවල් ඔක්කොම ඇවිල්ලා නෑගැති හැමෝමම (නෑ කිසි අඩල් තබල්)

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ රිදී ජුබිලිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ රිදී ජුබිලිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ රිදී ජුබිලිය

තේක්ක බුරුත නැදුන් කරුවල ලෑලි – ගෙනල්ල සෑදූ බඩු කාගෙත් මනලෝලී
හිටි පුර (විත්‍රිත්‍ර) ලිය මල්කම් කැටයම් පේළී – දමාපු අල්මාරිද හොඳ බඩු මේ ලී

වඩු වැඩෙන් දිවි රකින – බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මං
වඩු වැඩෙන් දිවි රකින – බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මං
කිසිම හැඩක් නැති මෙලීය – අරගෙන මං කරන දිරිය
කපල කොටල ඉරල මැනල – හදන ලී බඩූ
වඩු වැඩෙන් දිවි රකින – බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මං

ලොරෙන්සෝ ද අල්මේදා
කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින්
ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා
සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ ටැමරින් බැන්ජෝ මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා
කණු හතරෙම ලයිට් දාලා

බ්රැන්ඩි බීලා නොන්ඩි ගහලා
අම්බානක ගුස්පි දාල
ඉම්පෝටඩ් මොරිනාකා
ඇපල් තැපැල් ගොඩගැහිලා
නෝනා මට අත වනනවා
මම (අපි) ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඉඳගෙන බෑ බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඉඳගෙන බෑ බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඉඳගෙන බෑ බෑ කියනවා

අද පඩි හින්දා සොමියට හිත ගිය හින්දා
යාලුවෝ කැන්දා තරගෙට බීවද මන්දා
නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා
අයියෝ බොන්නට බැරිනම් මොකකට බ්ව්වද මන්ද
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
අනේ උබේ ඩාලින් සයිමා කට් වෙලා

බොරුවට අඩලා කිමද හැපෙන්නේ විමලා
කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
අනේ උබේ ඩාලින් සයිමා කට් වෙලා
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා
සයිමා...

ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා

මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් උදම් අනා
සතුරු කමින් පිල් බෙදිලා මිනිසා මුලා වෙලා

ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා

ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා


Original Videos


Oba Dhutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) by Gypsies 

Kurumitto (කුරුමිට්ටෝ) by Gypsies

Lunu Dehi by Gypsies 

Uncle Jhonson by Gypsies 

Waduwa by Gypsies 

Lourenco De Almeida by Gypsies 

Saima Cutwela by Gypsies

Lowe Sama (ලොවේ සැමා) by Gypsies
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tribute to Sunil Perera Song Lyrics - සුනිල් පෙරේරාට උපහාරය ගීතයේ පද පෙළ Tribute to Sunil Perera Song Lyrics - සුනිල් පෙරේරාට උපහාරය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, October 08, 2021 Rating: 5

0 comments:

Post a Comment