Man Ahawwa Horen Song Lyrics - මං ඇහැව්වා හොරෙන් ගීතයේ පද පෙළ

Man Ahawwa Horen Song Lyrics - මං ඇහැව්වා හොරෙන් ගීතයේ පද පෙළ
Song Title : Man Ahawwa Horen (මං ඇහැව්වා හොරෙන්)
ගායනය : රූකාන්ත ගුණතිලක
තනුව : රෝහණ වීරසිංහ
පද : සිඩ්නි චන්ද්‍රසේකර


මං ඇහැව්වා හොරෙන් හදවතින්
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කළොත් හොදයි කියා
මම පැත්තකට වුණා
හදවත කී දෙය ගැනම සිතා
හද පැත්තකින් තබා
ඔයා ගැනම කල්පනා කළා
ඔයා ගැනම කල්පනා කළා

කල්පනාව ගැඹුරුයි
මැවෙනා සිතුවම් හරි සොඳුරුයි
පෙර ආත්මයකදිත්
සිතුවම් කල්පනාවෙ දැවටේ
සිත දැහැන්ගත වුණා
කල්පනාවෙ ඈතට යන්න ගියා
මගෙ ගත නිසල වුණා
පෙර ආත්මයට මා අරන් ගියා

පෙර ආත්මයේදිත් ඔයා
මගෙ විනීත බිරිඳම වෙලා
මේ ආත්මයේදිත් පතා
ආ නිසාලු අපි එක්වීලා
පව් කරපු නිසා
ඒ ආත්මෙදිත් අපි නොදැන සිතා
මේ ආත්මයෙදි දැන්
එක සෙවණක ඉන්න බැරි වෙලා

මම ඇහැව්වා හොරෙන් හදවතින්
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කළොත් හොදයි කියා
මම පැත්තකට වුණා
හදවත කී දෙය ගැනම සිතා
හද පැත්තකින් තබා
ඔයා ගැනම කල්පනා කළා
ඔයා ගැනම කල්පනා කළා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Ahawwa Horen Song Lyrics - මං ඇහැව්වා හොරෙන් ගීතයේ පද පෙළ Man Ahawwa Horen Song Lyrics - මං ඇහැව්වා හොරෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 09, 2021 Rating: 5

0 comments:

Post a Comment