Sandae Pahan Nadee There Song Lyrics - සැඳෑ පහන් නදී තෙරේ ගීතයේ පද පෙළ

Sandae Pahan Nadee There Song Lyrics - සැඳෑ පහන් නදී තෙරේ ගීතයේ පද පෙළ
Song Title : Sandae Pahan Nadee There (සැඳෑ පහන් නදී තෙරේ)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : අජන්තා රණසිංහ


සැඳෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිම් ළං වෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුණා
මලයි විලයි හෙමින් තුරුල් වුණා //

දෑස පේන මානයේ පවා
නෑ මිනිස් හඬක් ඇහෙන්නෙ නෑ
ආදරේ සුරංගනා රැයේ
ජීවිතේ පියාසරයි ඔහේ
රතු පාට ඒ අහස් තලේ
ඔබෙ රෝස දුන්නු හාදුවේ

සැඳෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිම් ළං වෙලා
ඔබයි මමයි හඳයි රැයයි වුණා
මලයි විලයි හෙමින් තුරුල් වුණා

ප්‍රේම සීන කල්පනා ලොවේ
ස්වර්ණ වර්ණ මාලිගා මැවේ
එන්න යන්න ඒ විමන් කරා
ඩිංග ඩිංග මාරුතේ එතී
නොනිදා නිදයි ඔබේ නුවන්
අඩවන් වෙලා හෙමින් හෙමින්

සැඳෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිම් ළං වෙලා
ඔබයි මමයි හඳයි රැයයි වුණා
මලයි විලයි හෙමින් තුරුල් වුණා
මලයි විලයි හෙමින් තුරුල් වුණා
ඔබයි මමයි හඳයි රැයයි වුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandae Pahan Nadee There Song Lyrics - සැඳෑ පහන් නදී තෙරේ ගීතයේ පද පෙළ Sandae Pahan Nadee There Song Lyrics - සැඳෑ පහන් නදී තෙරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 09, 2021 Rating: 5

0 comments:

Post a Comment