Nawka Eli Niwena Ra Song Lyrics - නෞකා එලි නිවෙනා රෑ ගීතයේ පද පෙළ

Nawka Eli Niwena Ra Song Lyrics - නෞකා එලි නිවෙනා රෑ ගීතයේ පද පෙළ
Song Title : Nawka Eli Niwena Ra (නෞකා එලි නිවෙනා රෑ)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක


නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැළඹෙන රෑ
තනි වී ක්ෂිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මම දෝ

සුසුමෙහි සුළඟට සැලි සැලි හිත වෙවුලා
මම ඉකි බිඳිනෙමි ගිනිසිළු පද අවුලා
සිවුසිය ගව් දුර ගොඩ බිම කොතැනක හෝ
පෙම් සිරි යහනක ඔබ ඇත දනිමි අහෝ

නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැළඹෙන රෑ
තනි වී ක්ෂිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මම දෝ

නැව් බඳ දෙදරා යලි යලි හැපෙන රළේ
අසරණ නැවියෙකු වැලපී ඇසෙන නදේ
ඔබ නැති ලොව මට කඳුලක ඉන්න කියා
මැදියම් කළුවර සඳු අර යන්න ගියා

නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැළඹෙන රෑ
තනි වී ක්ෂිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මම දෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nawka Eli Niwena Ra Song Lyrics - නෞකා එලි නිවෙනා රෑ ගීතයේ පද පෙළ Nawka Eli Niwena Ra Song Lyrics - නෞකා එලි නිවෙනා රෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 09, 2021 Rating: 5

0 comments:

Post a Comment