තාක්කාලි ව්‍යාංජනය හදමු 🍅🍅🍅 (Tomato Curry - Thakkali)

තාක්කාලි ව්‍යාංජනය හදමු 🍅🍅🍅 (Tomato Curry - Thakkali) - Your Choice Way
අපි අද හදමු පාන්, රොටි, පාරාටා, නූඩ්ල්ස්, බත් ඕන දෙයක් එක්ක හරි හරියට ගැළපිලා එන රස තක්කාලි කරි එකක්.අපි බලමු මේ තක්කාලි කරි එක හදන්න මොනවාද අවශ්‍ය කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍅 ලොකු තක්කාලි 4ක් (කපාගත්)
  • 🍅 රටළූණු 1 (කපාගත්)
  • 🍅 සුදුළූණු බික් 2ක්
  • 🍅 කරපිංචා ඉත්තක්
  • 🍅 අමු මිරිස් (අවශ්‍ය පමණ)
  • 🍅 ලුණු රස අනුව
  • 🍅 ගම්මිරිස්
  • 🍅 කුරුදු
  • 🍅 කහ කුඩු
  • 🍅 මිරිස් කුඩු
  • 🍅 තුනපහ කුඩු
  • 🍅 පොල් කිරි

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම මැටි වළදකට සියලුම ද්‍රව්‍ය දමා ගන්න.( තාක්කාලි Acid වන නිසා ඇලුමිනියම් භාජන භාවිත කරන්න එපා.) 
  2. ඉන්පසු දිය කිරෙන් ලිපේ තියන්න. (දිය කිරි ගොඩක් එකතු කරන්න එපා. තක්කාලි වලිනුත් වතුර උනන නිසා)
  3. ඉන්පසු තක්කාලි හොදින් තැම්බුණ විට මිටි කිරි අවශ්‍ය පමණ යොදා නටවාගන්න. හොද්ද උකු වී ගෙන එනවිට ලිප Off කරන්න.
ඔයාලට මේ  තක්කාලි කරිය, ඉදිආප්ප එක්ක වුනත් කෑමට එකතු කර ගන්න පුළුවන්.

තාක්කාලි ව්‍යාංජනය හදමු 🍅🍅🍅 (Tomato Curry - Thakkali) - Your Choice Way
මේ තක්කාලි කරිය හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තාක්කාලි ව්‍යාංජනය හදමු 🍅🍅🍅 (Tomato Curry - Thakkali) තාක්කාලි ව්‍යාංජනය හදමු 🍅🍅🍅 (Tomato Curry - Thakkali) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2021 Rating: 5

0 comments:

Post a Comment