Sanda Pana Wage Song Lyrics - සඳ පාන වාගේ ගීතයේ පද පෙළ

Sanda Pana Wage Song Lyrics - සඳ පාන වාගේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Pana Wage (සඳ පාන වාගේ)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : නන්දන වික්‍රමගේ


සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ
නිල් විල් ජලාසේ හංසිය විලාසේ
මා හද විලේ සැරිසරන්නේ

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ
මල් මාවතේ සැරිසරාලා
නැළවුණු ළඳේ තුරුලු වීලා
සමනල්ලු කෝ අද ගිහිල්ලා
මල් ගොමුවේ නෑ මල් පිපීලා
ඔබ නොඑන මේ බිම් තලාවේ
පාළුව හඬයි රෑ දවාලේ
කවදාක හෝ යළි සිනාසෙයි ආයේ
ආවා කියා පෙම්බරාවී
හද වේදනාවන් නිවේවී

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ
නිල් විල් ජලාසේ හංසිය විලාසේ
මා හද විලේ සැරිසරන්නේ

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ
නිල්වන් ගැබේහි පියාඹා
එන්නම් ප්රියේ ඔබ සොයාලා
සිඳලන්න මේ කඳුළු ගංගා
හද වේදනා මදිද වින්දා

යළි මාවතේ මල් පිපීලා
සමනල්ලු රෑනෙ පිරීලා
ඔබ මා ළඟින් ඉන්නවානම් ආයේ
මල් මී වසන්තේ උදාවී
හද වේදනාවන් නිවේවී

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ
නිල් විල් ජලාසේ හංසිය විලාසේ
මා හද විලේ සැරිසරන්නේ

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Pana Wage Song Lyrics - සඳ පාන වාගේ ගීතයේ පද පෙළ Sanda Pana Wage Song Lyrics - සඳ පාන වාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2021 Rating: 5

0 comments:

Post a Comment