Rathri Oba Gewi Yannata Kalin Song Lyrics - රාත්‍රී ඔබ ගෙවී යන්නට කලින් ගීතයේ පද පෙළ

Rathri Oba Gewi Yanata Kalin Song Lyrics - රාත්‍රී ඔබ ගෙවී යන්නට කලින් ගීතයේ පද පෙළ
Song Title : Rathri Oba Gewi Yannata Kalin (රාත්‍රී ඔබ ගෙවී යන්නට කලින්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින්
තාරකා මල් ඇහිඳිනා
කින්නරාවිය නිවන්
ඇවිලෙනා සිතැඟි ඈ
සිහිල් සඳ වතුරෙන්
රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින්

ලිය මඬුලු යහනේ
සරා සඳ වැතිරිලා ...//
පුරා මී බිඳු පොපියනා
රත් තඹර විල ස්වර්ණ හංසිය නිදිවරයි

රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින්

දුහුළු මඳ පවනේ
තුරු ලතා මල් සළයි
විහඟ වියවුල් නතර වූ
සුසුම් උණුසුම් රෑ පුරා ඈ ඉකිබිඳී

රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින්
තාරකා මල් ඇහිඳිනා
කින්නරාවිය නිවන්
ඇවිලෙනා සිතැඟි ඈ
සිහිල් සඳ වතුරෙන්
රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathri Oba Gewi Yannata Kalin Song Lyrics - රාත්‍රී ඔබ ගෙවී යන්නට කලින් ගීතයේ පද පෙළ Rathri Oba Gewi Yannata Kalin Song Lyrics - රාත්‍රී ඔබ ගෙවී යන්නට කලින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 12, 2021 Rating: 5

0 comments:

Post a Comment