Meran Thelabuwen Song Lyrics - මෙරන් තෙළඹුවෙන් ගීතයේ පද පෙළ

Meran Thelabuwen Song Lyrics - මෙරන් තෙළඹුවෙන් ගීතයේ පද පෙළ

Meran Thelabuwen Song Lyrics - මෙරන් තෙළඹුවෙන් ගීතයේ පද පෙළ
Song Title : Meran Thelabuwen (මෙරන් තෙළඹුවෙන්)
ගායනය : සේනානායක වේරලියද්ද සහ කුමාරි මුණසිංහ
පද : වසන්ත දුක්ගන්නා‍රාළ
තනුව හා සංගීතය : සේනානායක වේරලියද්ද


මෙරන් තෙළඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ
මහ වන්නිකරේ උන්ටයි පාඩුව ඇතිවන්නේ

නුඹේ නමින් සෑය බඳිම් මා දිව්රන්නේ
මගෙ කන්නලව්ව ඉවසනවද රත්නවල්ලියේ

භීත කරයි මා අසරණවේද රජුන්නේ
මහ සෑය බඳින්නට වෙන තැන් නැද්ද සොයන්නේ

මහ සෑය පුරා මල්දමකට නුඹ ගැලපෙන්නේ
තෙළඹු ගසෙන් බැස වැඩපන් ස්වර්ණමාලියේ

මෙරන් තෙළඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ
මහ වන්නිකරේ උන්ටයි පාඩුව ඇතිවන්නේ

ඔය අගේ වඩන රන් තෙළඹුව නොසිත ලොබා
නුඹ මගේ අනසකට ඉහළින් යන්ට එපා

වෙන සහේ යන්න මට කුලයක් නැතිය සුභා
මගෙ ගාඩි වංශයට යන කල නම් අසුභා

මෙරන් තෙළඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ
මහ වන්නිකරේ උන්ටයි පාඩුව ඇතිවන්නේ

නුඹේ නමින් සෑය බඳිම් මා දිව්රන්නේ
මගෙ කන්නලව්ව ඉවසනවද රත්නවල්ලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Meran Thelabuwen Song Lyrics - මෙරන් තෙළඹුවෙන් ගීතයේ පද පෙළ Meran Thelabuwen Song Lyrics - මෙරන් තෙළඹුවෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2021 Rating: 5

0 comments:

Post a Comment