Mathakada Walibath Iwuwa Song Lyrics - මතකද වැලිබත් ඉවුවා ගීතයේ පද පෙළ

Mathakada Walibath Iwuwa Song Lyrics - මතකද වැලිබත් ඉවුවා ගීතයේ පද පෙළ

Mathakada Walibath Iwuwa Song Lyrics - මතකද වැලිබත් ඉවුවා ගීතයේ පද පෙළ
Song Title : Mathakada Walibath Iwuwa (මතකද වැලිබත් ඉවුවා)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී සහ ජානක වික්‍රමසිංහ
පද රචනය : මහින්ද දිසානායක
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මතකද වැලිබත් ඉවුවා
පුංචි සන්දියේ
වැස්සට ගෙට එන්නට අවසරද නංගියේ

මතකයි වැලිබත් ඉවුවා
එන්ඩ ඇවිත් ඈඳි ගන්ඩ ගෙපිල කණ්ඩියේ

මතකද වැලිබත් ඉවුවා

මුවැත්තියක් දිවියකු මඟ දුටුව වංගියේ
වගේ බයක් නුඹෙ මුහුණේ ඇයිද නංගියේ

අපි දෙන්නා දෙන්නාටම අයිති වංගියේ
වාගෙ නොවෙයි දැන් අපි පති පතිනි පංතියේ

මතකද වැලිබත් ඉවුවා
පුංචි සන්දියේ
වැස්සට ගෙට එන්නට අවසරද නංගියේ

මතකයි වැලිබත් ඉවුවා
එන්ඩ ඇවිත් ඈඳි ගන්ඩ ගෙපිල කණ්ඩියේ

මතකද වැලිබත් ඉවුවා

දොරපළුවට මුවා වෙලා හැංගි හැංගියේ
කියන කතා හුණු නැති විට වගේ නංගියේ

තරහ ගන්ඩ එපා ඔන්න කී සුනංගුවේ
යතුර දෙන්ඩ මේ ගේ දොර දැන් මගේ නොවේ

මතකද වැලිබත් ඉවුවා
පුංචි සන්දියේ
වැස්සට ගෙට එන්නට අවසරද නංගියේ

මතකයි වැලිබත් ඉවුවා
එන්ඩ ඇවිත් ඈඳි ගන්ඩ ගෙපිල කණ්ඩියේ

මතකද වැලිබත් ඉවුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathakada Walibath Iwuwa Song Lyrics - මතකද වැලිබත් ඉවුවා ගීතයේ පද පෙළ Mathakada Walibath Iwuwa Song Lyrics - මතකද වැලිබත් ඉවුවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 11, 2021 Rating: 5

0 comments:

Post a Comment