Mal Wiyanin Bandi Song Lyrics - මල් වියනින් බැඳි ගීතයේ පද පෙළ

Mal Wiyanin Bandi Song Lyrics - මල් වියනින් බැඳි ගීතයේ පද පෙළ
Song Title : Mal Wiyanin Bandi (මල් වියනින් බැඳි)
ගායනය : සේනානායක වේරලියද්ද
පද රචනය : ශාන්ත දේශබන්දු
තනුව : සේනානායක වේරලියද්ද


මල් වියනින් බැඳි මහ බැද්දේ වුන්
අකුරු කොරන්නට නුවරට ගියෙ මං
නුවර පිරිලා එරමිණි කටුවැල්
ආයෙත් බැද්දට එනවා මං ...//

තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ
තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ

මල් පැණි මෝරණ කාලෙට බැද්දේ
ගී පද ගොතලා තාලෙට කීවේ ...//
සොරබොර වැව ළඟ කොමළිගෙ කෝමළ
නුවර කෙහේවත් තිබුණා නම්

මල් වියනින් බැඳි මහ බැද්දේ වුන්
අකුරු කොරන්නට නුවරට ගියෙ මං
නුවර පිරිලා එරමිණි කටුවැල්
ආයෙත් බැද්දට එනවා මං

තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ
තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ

මහතුන් වෙනවට වැඩිය හොඳයි මට
බැද්දෙ බතක් කර සිටියානම් ..//
මල් පට ඇරුණම කුරුලු මිටෙන් හැර
ආයෙත් බැද්දට එනවා මං

මල් වියනින් බැඳි මහ බැද්දේ වුන්
අකුරු කොරන්නට නුවරට ගියෙ මං
නුවර පිරිලා එරමිණි කටුවැල්
ආයෙත් බැද්දට එනවා මං ...//

තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ
තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ ...////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Wiyanin Bandi Song Lyrics - මල් වියනින් බැඳි ගීතයේ පද පෙළ Mal Wiyanin Bandi Song Lyrics - මල් වියනින් බැඳි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2021 Rating: 5

0 comments:

Post a Comment