Hitha Newathuna Thana Song Lyrics - හිත නැවතුන තැන ගීතයේ පද පෙළ

Hitha Newathuna Thana Song Lyrics - හිත නැවතුන තැන ගීතයේ පද පෙළ
Song Title : Hitha Newathuna Thana (හිත නැවතුන තැන)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : නන්දන වික්‍රමගේ


හිත නැවතුන තැන ඔබ නවතිනවාද
ඔබ නැවතුන තැන හිත නවතිනවාද
ඔබයි ඔබේ හිතයි
එක විට එක තැන නැවතුන දා
බලන්න වට පිට
මම ඔබ ළඟද කියා

හිත නැවතුන තැන

දුර ඈත නොපෙනෙන රෑක
ළඟ පාත ඉන්නෙමී
දුටුවාද බැලුවාද
දෙනෙතින් සෙනේ කියමී
හිත තාම දුර නේද
හැමදාම අසමී
හිත පාළු වුන දාට
ඔබ ගාව ඉන්නෙමී

හිත නැවතුන තැන ඔබ නවතිනවාද

මුළු රෑම සඳු ගාව
තරු රෑන තනි රකී
හැමදාම ඔබ ගාව
තනි නෑනෙ මම ඉමී
නුඹ නාව නෙතු ගාව
කඳුලැල් සැලි සැලී
ඉඟි පෑව ඔය දෑස
මතකේ රැඳි රැඳී

හිත නැවතුන තැන ඔබ නවතිනවාද
ඔබ නැවතුන තැන හිත නවතිනවාද
ඔබයි ඔබේ හිතයි
එක විට එක තැන නැවතුන දා
බලන්න වට පිට
මම ඔබ ළඟද කියා

හිත නැවතුන තැන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hitha Newathuna Thana Song Lyrics - හිත නැවතුන තැන ගීතයේ පද පෙළ Hitha Newathuna Thana Song Lyrics - හිත නැවතුන තැන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 08, 2021 Rating: 5

0 comments:

Post a Comment