ඇඹුල් ඇඹිලිය [Ebul Ebiliya] (Oxalis Corniculata)

ඇඹුල් ඇඹිලිය [Ebul Ebiliya] (Oxalis Corniculata) - Your Choice Way
🌿 ඇඹුල් පලා යනුවෙන්ද සිංහලෙන් හඳුන්වන ඇඹුල් ඇඹිලිය පොළොව මතුපිට හෝ පස් යට දුවන හීන් කඳක් සහිත බහු වාර්ෂික ශාකයකි.

🌿 කඳේ ඇති සන්ධිවලින් පොළවට මුල් ඇදේ. කඳෙන් විහිදී ඉහල නඟින අතුවල ඇති ත්‍රිපත්‍රි සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. 

🌿 පුෂ්ප මංජරිවල හට ගන්නා පෙති පහක් සහිත මල් කහ පැහැතිය. ඵලය තුඩක් ඇති අඟල් 3/4 පමණ දිග ස්ඵෝටිකාවකි. 

🌿 මෙම උද්භිද ගණයටම අයත් මහ ඇඹුල්ඇඹිලිය (Oxalis latifolia) නමින් කොල කරමක් විශාල මෙවැනිම ශාකයක් ඇති අතර එහි මල් දම් පැහැතිය. 

🌿 එමෙන්ම විසිතුරු ශාක ලෙස වගා කරන Oxalis විශේෂ කීපයක් ද අප රටින් හමු වෙයි. 

🌿 මෙම ශාක ලංකාවේ තෙතමනය ඇති බොහෝ තැන්වල මෙන්ම ලෝකයේ නිවර්තන හා සෞම්‍ය ප්‍රදේශ සියල්ලක ම පාහේ වැවේ. 

🌿 ඉන්දියාවට දේශීය වන අප රටට හඳුන්වා දී ඇති ඇඹුල් අඹිලිය විශේෂ Oxalidaceae උද්භිද කුලයට අයත්ය.

🌿 සංස්කෘතෙන් “අම්බෂ්ඨා“ සහ "වාංගේරි" යනුවෙන් හඳුන්වන ඇඹුල් ඇඹිලිය නමේ සඳහන් ආකාරයට ම ඇඹුල් රසැ ති ය. 

🌿 කුසගිනි මදිකම, ආහාර අරුචිය, අතීසාරය, අජීර්ණය, අර්ශස්, ප්‍රවාහිකා, ගුදභ්‍රන්ශ, චර්ම රෝග, අක්ෂි රෝග, රුධිර වහනය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම සම්පූර්ණ පැළෑටියම භාවිතා කරයි. 

🌿 ඇඹුල් ඇඹිලිය කුසගිනි වඩවන, ආහාර ප්‍රිය කරවන, ඉදිමුම් නසන, වේදනාවන් පහ කරන ගුණ සහිතයි.

🌿 ලේ අඩුකම හා මාන්දම යන රෝගාබාධ වලින් පෙළෙන දරුවන්ට ඇඹුල් ඇඹිලිය ව්‍යාංජනය සමඟ බත් කෑමට දීම ගුණය. 

🌿 ග්‍රහණියට ඇඹුල් ඇඹිලිය යොදා නිපදවන වාංගේරි සෘතය දෙයි. අර්ශස්සහ ගුදභ්‍රන්ශ රෝග සඳහා ඇඹුල් ඇඹිලිය කොළ යුෂ ගිතෙල් මීකිරි සමඟ මිශ්‍රකර පැසවා බීමට දෙයි. 

🌿 තුවාල පිරිසිදු කිරීමට, ගෙඩි පැසවීමට සහ පිපිරීමට ඇඹුල් ඇඹිලිය පත්‍ර ප්‍රලේපය යොදා ගනී. 

🌿 අත්තන විෂට සහ වඳ බවට ප්‍රතිකාර කිරීමට ද ඇඹුල් ඇඹිලිය භාවිතා කරයි. මෙම කොළ පලාවක් සහ ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගත හැකිය.

🌿 මූලාශ්‍ර ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක, ඔසුතුරු විසිතුරු සහ ආයුර්වේද ඖෂධ සංග්‍රහය කෘති.

ඇඹුල් ඇඹිලිය [Ebul Ebiliya] (Oxalis Corniculata) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇඹුල් ඇඹිලිය [Ebul Ebiliya] (Oxalis Corniculata) ඇඹුල් ඇඹිලිය [Ebul Ebiliya] (Oxalis Corniculata) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 10, 2021 Rating: 5

0 comments:

Post a Comment