Chandraya Paya Enawa Priye Song Lyrics - චන්ද්‍රයා පායා එනවා ප්‍රියේ ගීතයේ පද පෙළ

Chandraya Paya Enawa Priye Song Lyrics - චන්ද්‍රයා පායා එනවා ප්‍රියේ ගීතයේ පද පෙළ

Chandraya Paya Enawa Priye Song Lyrics - චන්ද්‍රයා පායා එනවා ප්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Chandraya Paya Enawa Priye (චන්ද්‍රයා පායා එනවා ප්‍රියේ)
ගායනය : හරුන් ලන්ත්‍රා සහ ඉන්ද්‍රාණි සේනාරත්න (එවකට ඉන්ද්‍රාණි විජේබණ්ඩාර)
පද රචනය : හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය : සිසිර සේනාරත්න
1965 දී තිරගත වූ "හිතට හිත" චිත්‍රපටියෙනි.


චන්ද්‍රයා පායා එනවා ප්‍රියේ
සීත සුළඟයි කියලා ගියේ ...//
නිසලතාවෙන් මැවූ රාත්‍රියේ
ආදරේ වේදනා දේ ළයේ

වේදනාවෙන් වගේ සාගරේ
කැළඹිලා හඬ නගා රැල් බිඳේ
සිතට වද දී අනේ මේ වගේ
ඔබ කෙසේ ඉන්නෙ දෝ රන් කඳේ

ඉපදිලා එක ගහේ මල් වගේ
නැළවිලා සැනසිලා ලෝකයේ
ජීවිතේ ඇති තුරා ඔබ මගේ
ඒ තමා මා පැතූ දේ ලොවේ

සීත සඳ රැස්‌ වැටුණු නිල් දියේ
මතුවෙලා මට පෙනේ රූ ඔබේ
මා සොයා ආ උතුම් ආදරේ
ඇතිවෙලා නැතිවුණා දෝ මෙසේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chandraya Paya Enawa Priye Song Lyrics - චන්ද්‍රයා පායා එනවා ප්‍රියේ ගීතයේ පද පෙළ Chandraya Paya Enawa Priye Song Lyrics - චන්ද්‍රයා පායා එනවා ප්‍රියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 23, 2021 Rating: 5

0 comments:

Post a Comment