බනානා පෑන් කේක් හදමු (Banana Pancake Hadamu)

බනානා පෑන් කේක් හදමු (Banana Pancake Hadamu) - Your Choice Way
ලොකු පොඩි කාටත් ගැළපෙන Recipe එකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. මේක වැඩ අධික වේලාවක වුනත් හරිම ඉක්මනට හදා ගන්න පුළුවන් ඒවගේම හරිම රසයි.අපි බලමු මේ Pancake එක හදන්න මොනවද අවශ්‍ය කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍌 හොඳින් ඉදුණු ලොකු කෙසෙල් ගෙඩි 02
  • 🧈 බටර් 1/2 tsp (තේ හැදි)
  • 🧂 සීනී 2 tbsp (මේස හැදි)
  • 🍚 පිටි 1 Cup
  • 🥡බේකින් පවුඩර් 1/2 tsp (තේ හැදි)
  • 🍶 වැනිලා 1 tsp (තේ හැදි)
  • 🥛 කිරි කොප්ප 1/2

✅ සාදා ගන්නා ආකාරය :

  1. ඉහත සඳහන් සියල්ල Blender Cup එකකට දමා Blender කරගන්න.(Blender එකක් නොමැති නම් ඉදුණු කෙසෙල් ගෙඩි  ගැරැප්පුවකින් හොඳින්පොඩි කරගත යුතුය. ඉන්පසු වෙනම භාජනයකට පිටි, බටර්, සීනී, බේකින් පවුඩර්, කිරි  දමා whisk එකකින් හොඳින් (Beat) මිශ්‍ර කර ගන්න. ඉන්පසු එයට වැනිලා සහ පොඩිකරගත් කෙසෙල් දමා එයද නැවත හොඳින් Beat කරගන්න.)
  2. ඉන් පසුව පෑන් එක රත්වෙන්න තබා සදාගත් මිශ්‍රණයෙන් කොටසක් හැන්දකින් ගෙන පෑන් එකකට දමා Spread කර අඩු ගින්දරේ දෙපැත්තම රන්වන් පාට වනතෙක් පිසගන්න.
  3. මේ Pancake පැණි සමඟ හෝ Chocolate Cream එකක් සමඟ හෝ පළතුරු මිශ්‍ර යෝගට් සමඟ රස බලන්න. 🌮🌮🌮

✅ වැදගත්

  • 💡 වැඩි වේලාවක් Beat වන තරමට Pancake එකේ soft ගතිය වැඩිවේ.
බනානා පෑන් කේක් හදමු (Banana Pancake Hadamu) - Your Choice Way

හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්..

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බනානා පෑන් කේක් හදමු (Banana Pancake Hadamu) බනානා පෑන් කේක් හදමු (Banana Pancake Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 20, 2021 Rating: 5

0 comments:

Post a Comment