දොළපිදේනි දී පිල්ලියෙන් වැඩ ගත් කහටගස්දිගිලියේ හීන් අප්පුගෙ කථාව (Appu)

දොළපිදේනි දී පිල්ලියෙන් වැඩ ගත් කහටගස්දිගිලියේ හීන් අප්පුගෙ කථාව (Appu) - Your Choice Way

හොල්මන් අවතාර වගේ ගුප්ත දේවල් කියන්නේ චකිතයක් වගේම ලොකු කුතුහලයක් ඇති වෙන දෙයක්,,,
අද කියන්න යන්නේ හොල්මන් ගැනවත් අවතාර ගැනවත් නෙවේ,,, පිල්ලියක් ගැන,,,
මේ ගෲප් එක මේ වගේ දේවල් කතා කරන ගෲප් එකක් නිසා මේ ගැන විශ්වාස නැති අය කරුණාකරලා මේ දේවල් බලන්න එපා...

පිල්ලියක් කියන්නේ පුද්ගලයෙක්ගේ හෝ සතෙක්ගේ ස්වරූපයට යම්කෙනෙකුට දෘශ්ටියක් ලබා දීමකි,,, ඒක එක් ආකාරයක ඇස්බැන්දුමක් කියන්න පුළුවන්,,, හැබැයි මේක ගොඩක් භයානකයි,,,

ජාඇල පැත්තේ කඩයක් මංකොල්ල කාල පැනලා යන හොරු කන්ඩායමක් පස්සෙන් පොලිසිය වගේ පිල්ලියක් යවලා හොරු කන්ඩායම ගිය වාහනේ දඩුගම් ඔයට පෙරලලා ඔවුන් පොලිසියට කොටු කරපු හාමුදුරුනමක් සීදූව පැත්තේ බොහොම ප්‍රසිද්ධ උනා,,,

මේත් ඒ වගේ දෙයක්,,, එක්තරා පොතක පළවුනු සත්‍ය කථාවක උපුටා ගැනීමක්,,,
අනුරාධපුර දිස්ත්‍රික්කය කියන්නෙත් දකුණු පළාත වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට බොහොම ප්‍රසිද්ධ පළාතක්නේ,,,, මේ පළාතේ ඉදලා තියෙනවා හීන් අප්පු කියලා ගුරුන්නාන්සේ කෙනෙක්,,,
මේ ගමේම දවසක් තුන් කුළුදුල් දරුවෙක් මිය ගිහිල්ලා,,, දුෂ්කර පළාතක්නේ,,, කුළු හරකෙක් ඇනලා තමා මේ දරුවා මිය ගිහිල්ලා තියෙන්නේ,,, ඉතින් මේ ගුරුන්නාන්සෙත් කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් ඉදලා තියෙන්නේ මේ වගේ මරණයක්,,,, හේතුව මේ ගුරුන්නාන්සෙගේ එක්තරා කටයුත්තක් ඉටු කරගන්න,,,
ඒ තමා පිල්ලියක් යවන්න පිල්ලිය නිර්මාණය කරගන්න තමා මේ තුන් කුළුදුල් කෙනෙක්ගේ මල මිනියක් ඕන වෙන්නේ,,, ඉතින් මේ ගුරුන්නාන්සේ තව සහයට කීප දෙනෙක් එක්ක රෑ දෙගොඩහරියේ ගිහින් මේ කනත්තට,,,,

ගිහින් පළවෙනි රාජකාරිය තමා මළමිනිය ගොඩට ගන්න එක,,, දෙතුන් දෙනෙක් එකතු වෙලා වලේ පස් අරන්දාල මිනීපෙට්ටිය ගොඩට ගත්තා,,, එහෙම්ම උස්සගෙන ගිහින් කැරකොප්පුව මැද්දේ කළු පාට ලොකු කෝන් ගහේ බැන්දා,,, ලනු පට තුන හතරකින් මිනිය බැන්දත් ඔළුව තාමත් පහතට එල්ලිලා,,,
ඔළුව ඔහොම තිබ්බට මම ජප කරද්දි බලහල්ලකෝ ඔළුව උස්සන රඟ
යැයි හීන් අප්පු හිනාවෙලා කියද්දි කට්ටියටනම් හින්දාඩිය දාන්න ඇති,, මේවා හීන් අප්පුට කජු කන්නා වාගේ වැඩ,,,

කොහොමෙන් කොහොම හරි කරන්න ඕන වැඩ කටයුතු ටික කට්ටියට තේරුම් බේරුම් කරලා දීලා හීන් අප්පු වැඩේ පටන් අරන්,,, වැඩේ කරන්න තියෙන්නේ මිනිය වලලලා තිබ්බ වලේම තමා,,,
මිනී වල ඇතුලේ පැදුරක් එලලා පැදුරට සාත්තුවක් එහෙම කරපු ගුරුන්නාන්සේ පැදුරේ දිගාවෙලා මන්තර ජප කරනවා,,,

ඕන් එතකොට ආතක් පාතක් නැතුව වදුරෙක් එතනට කඩන් පාත් උනාලු,,, ඒකත් දොළපිදේනි ගන්න ආපු අවතාරයක් ,, බුලත් කොලයක් කාපු වදුරා ලග තිබුන ගහකට පැනලා අතුරුදහන් උනාලු ,,,
ඔන්න ටිකකින් අහල පහල පදුරු පොඩි වෙන්න ගත්තලු,,, එ තමා නාග අවතාරේ,, බිත්තරයක් ගිලලා දාපු නයත් කැලේ අස්සට වැදිලා නොපෙනී ගියාලු,,,
ඔය විදියට සුනඛ, බළල්, මුව , සූඛර ආදී නොයෙක් නොයෙක් අවතාර ඇවිත් දොළපිදේනි අරගෙන ගිහින් අරගෙන ගිහින් ඉවරලු,,,

දැන් එන්න තියෙන්නේ මහසෝනා විතරයි,,, වැවේ කෙලවරේ පේන අහසෙන් උඩු තල්ල මවාගෙන වැවේ මායිමෙන් යටි තල්ල මවාගෙන මහසෝනා එනකොට මුළු පළාතම අදුරෙන් වැහිලා ගිහිල්ලා,,, හද එලියක්වත් නෑ,,,
මහසෝනට ඕන දොළපිදේනි දුන්නට පස්සේ ඌ ගමන් කරේ කෝන් ගහේ බැදලා තිබුන මිනිය පැත්තට,,, මිනිය ගාවට ගිය මහසෝනා එකපාරම අතුරුදහන් වෙනවා,,, එතකොට ඔන්න ගහේ බැදලා තිබුන මිනිය කුළු හරකෙක් වගේ දඟලනවා,,, බැදලා තිබුන ලණු චටස් පටස් ගාල කඩාගෙන මළමිනිය හෙමීට වල දිහාට ගාටනවා,,,

වලේ පතුලේ ඉදන් මතුරන ගුරුන්නාන්සේ දිහා බලන් ඉදලා එකපාරම වලට පැනලා ගුරුන්නාන්සේගේ දෙපැත්තෙන් කකුල් දාල බඩ උඩින් වාඩි වෙනවා,,,
මහ හයියෙන් හිනාවුන මලමිනියේ දිව ටික ටික දික්වෙන්න ගන්නේ පපුව උඩ තියන් ඉන්න ලේ ගොට්ටට,,, මන්තර ජප කරන්න කරන්න දිව ලේ ගොට්ටට ලං වෙනවා,,, දිව ලේ රස විදින්න අගල් දෙක තුනකට වඩා නෑ,,

ඉක්මනට සූදානම් කරලා තියාගත්ත හෙප්පුවත් කතුරත් අතට ගත්ත හින් අප්පු දිවට යටින් හෙප්පුව තියලා කතුරෙන් සටස් ගාල මලමිනියේ දිව කපා ගන්නවා,,, බැරි වෙලා හරි දිව ලේ රස වින්දනම් හීන් අප්පුයි ගෝලයොයි මහසෝනා අතින් කම්බස් වෙනවා,,,

දිව කැපෙනවත් එක්කම පන නැතිවෙන මලමිනිය ගුරුන්නාන්සෙගේ ඇග උඩම දිගාවෙනවා,,, හනිකට වල උඩට එන ගුරුන්නාන්සේ පූජාවට ගෙනාව සබ්බ සකලමනාවම වලට දාල වල වහලා එතනින් යනවා,,,
ඔන්න ඔය දිව තමා වේලලා පිල්ලි යවන්න භාවිතා කරන්නේ,,, සුනඛ පිල්ලිය තමා ඔවුන්ගේ ජනප්‍රියම පිල්ලිය,,, තමන්ට හතුරුකමක් කරන මොකාද ඉන්නේ පිල්ලියට අන දෙන්න විතරයි තියෙන්නේ ,,,,
මා පුතා අහවල් ගමේ අහවල් නම තියෙන එකා නහලා වරෙන් කියලා,,,
ඔහොම අවුරුදු ගණනාවක් කෙරුම් කරපු හීන් අප්පු ගුරුන්නාන්සේ අන්තිමට ඔය විදියෙම මුස්පේන්තු වැඩකට ගිහින්ම මහසෝනා අතින්ම කම්බස් වුනාලු,,,

එදා මහසොහොන් අවතාරේ එනකොට දොළපිදේනි දෙන්න ආවතේව කාරයො එකෙක්‍ ඉදලා නෑ,,, බය උන උන් වැවට පැනලා පීනගෙන ගිහින්,,,

දොළපිදේනි නැතිඋන මහසෝනා ගහපු පාරට හීන් අප්පු වලෙන් උඩට විසි වෙලා ගිහින් ඔළුව තිබුනේ කෝන් ගහේ මුදුනෙලු,,,,

ඔන්න ඕකයි කහටගස්දිගිලියේ හීන් අප්පුගෙ කථාව.....
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දොළපිදේනි දී පිල්ලියෙන් වැඩ ගත් කහටගස්දිගිලියේ හීන් අප්පුගෙ කථාව (Appu) දොළපිදේනි දී පිල්ලියෙන් වැඩ ගත් කහටගස්දිගිලියේ හීන් අප්පුගෙ කථාව (Appu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 14, 2021 Rating: 5

0 comments:

Post a Comment