Ahasai Oba Mata Song Lyrics - අහසයි ඔබ මට ගීතයේ පද පෙළ

Ahasai Oba Mata Song Lyrics - අහසයි ඔබ මට ගීතයේ පද පෙළ

Ahasai Oba Mata Song Lyrics - අහසයි ඔබ මට ගීතයේ පද පෙළ
Song Title : Ahasai Oba Mata (අහසයි ඔබ මට)
ගායනය : සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්


අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
හිනිමන් බදිනු බැරි...
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි...

ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ
අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ..
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා...

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
හිනිමන් බදිනු බැරි...
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි...//

‍අනාත සයුරක වැහිදිය දෝත ඔබයි
අගාත අඳුරක දුල රන් සිළුව ඔබයි..
ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි...

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
හිනිමන් බදිනු බැරි...
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahasai Oba Mata Song Lyrics - අහසයි ඔබ මට ගීතයේ පද පෙළ Ahasai Oba Mata Song Lyrics - අහසයි ඔබ මට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 11, 2021 Rating: 5

0 comments:

Post a Comment