Your Choice Way

දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 16 ලෝක ආහාර දිනය (Significance Of The Day - October 16 World Food Day)

දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 16 ලෝක ආහාර දිනය (Significance Of The Day - October 16 World Food Day) - Your Choice Way

එක්සත් ජාතීන්ගේ දින දර්ශනයෙහි වඩාත්ම සන්වාදයට බදුන් වන්නා වූ ප්‍රමුඛගත දිනය, ආහාර ඉංජිනේරු දිනය හෙවත් ලෝක ආහාර දිනය අදට යෙදී ඇත. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය 1945 දි පිහිටුවීම සමරනු වස් සෑම වසරකම ඔක්තෝබර් 16 දින ලෝක ආහාර දිනය ජාත්‍යන්තර මට්ටමින් සමරනු ලබයි.

දුගීකම , කෘෂිකර්මය, ආහාර නිෂ්පාදනය , මානව පෝෂණය හා වාරිමාර්ග ආදී විෂය ක්ෂේත්‍රයන්ට අදාළව සෑම වසරක් පාසාම එක්සත් ජාතීන් විසින් තේමාවක් ප්‍රකාශයට පත් කරනු ලබයි. 

වර්ථමාන ලෝකයේ දැකිය හැකි ප්‍රබල ගැටළුවක් වී ඇත්තේ ආහාර බෙදීයාමේ විෂමතාවයයි.දියුණු සමාජය විසින් ආහාර නිෂ්දපානයෙන් බහුතරයක් බුක්ති විදින අතර  ලෝකයේ මිලියන 820 කට අදික ජනගහනයක් කුසගින්නේ පෙළේ.කාන්තාවන් 60% ක් හා වයස අවුරුදු 5 ට අඩු ළමුන් මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් දිනපතා මන්දපෝෂණය හා සම්බන්ධ හේතු නිසා මිය යයි.මිලියන 67 ක පමණ ජනතාවක් තරබාරුකමින්, ස්තූලභාවයෙන් පීඩා විදියි.කාර්මීකරණය , නාගරීකරණය,ගෝලීයකරණය,වානිජකරණය, පාරිභෝගීකරණය ආදී ලෝක සමජ ප්‍රවනතාවන් ඔස්සේ වත්මන් ලොව ජීවත් වන ජනතාවගේ ආහාර, ආහාර ලබා ගැනීමේ ආචාර ධර්ම හා ආහාර පුරුදු බරපතල ලෙස වෙනස් වී ඇත. බොහෝ නාගරික ජනතාව ක්ශනික ආහාරවලට, වීදි වෙලදුන්ගෙන් ආහාර ලබා ගැනීමට මෙන්ම අවන්හල් මත යැපීමට හුරු වී ඇත. අද වන විට නිවස තුළ ආහාර සම්පාදනය අවම මට්ටමකට පැමින ඇත.සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීමෙන් හෘද රෝග,දියවැඩියාව, අදික කොලෙස්ටරෝල් තත්වයන් නිසා වන සංකූලතාවයන් , පිළිකා ආදී සෞඛ්‍යයමය විපත් වලට ජනයා ගොදුරු වේ.ලොව පුරා මරණ 1/5 ක් සිදු වන්නේ සෞඛ්‍ය  සම්පන්න නොවන ආහාර ගැනීම නිසා බව පර්යෙෂණ වාර්තාලින් හදුනා ගෙන ඇත.

ක්‍රියාශීලි ජීවිතයක් ගත කිරීම සදහාත්,රෝග අවදානම අවම කිරීම සදහාත්, ප්‍රමානවත් පරිදි ආරක්ශිත පෝශ්‍යදායී විවිධ ආහාර ලබා ගැනීම සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා ගැනීමක් ලෙස නිර්වචනය කල හැකිය. මෙහිදී පුද්ගලයින්ගේ පෝශන අවශ්‍යතා සැපිරෙන පරිදි විවිධ වර්ගයේ ආහාර ලබා ගැනීම වැදගත් වේ. එසේම සෞඛ්‍යාරක්ෂිතව  ආහාර ලබා ගැනීමට පාරිභෝගික ජනතාවගේ ආකල්ප හා හැසිරීම් වෙනස් කල යුතු වේ. 

ලොව මිලියන 800කට වඩා ජනගහනයක් කුසගින්නේ පීඩා විදින පසුබිමක ආහාර නාස්තිය හා අපතේ යෑමද ඉහළ මට්ටමක පවතී. ලෝක ආහාර නිෂ්පාදනයෙන් 1/3 ක් නියග, උපද්‍රව ආදී හේතූන් මත ලොවට අහිමි වේ. එසේම තවත් 1/3ක් ආහාර අපතේ හරිනු ලබයි.ඒ අනුව මානව පරිභෝජනය සදහා ඉතිරි වන්නේ මුළු ආහාර නිෂ්පාදනයෙන් 1/3 ක ප්‍රමාණයක් පමණි.මානව සමාජය පුරා සාදාරණව ආහාර බෙදී නොයාමත්, ආහාර නාස්තියත් ආචාරධාර්මික ශිෂ්ට සම්පන්න මානව සමාජයක පැවතිය යුතු තත්වයක් නොවේ.කෙසේ වෙතත් ජනගහන වර්ධන ප්‍රක්ශේපන අනුව වර්ෂ 2050 වන විට අවශ්‍ය ඉල්ලුම සපුරාලීමට ආහාර නිෂ්පාදනය තවත් 60% කින් වැඩි කළ යුතු බව විද්වත්හු මත පල කරති. 

ආහාර සුරක්ශිතතාව පිළිබඳ අවබෝධය ද මෙහිදී වැදගත් වේ.ලොව පුරා සිටින සියලු ජනතාවට ප්‍රමානවත් පරිදි නිසි පෝෂණයෙන් යුක්ත, සෞඛ්‍යාරක්ෂිත ආහාර තිරසාර ලෙස ලබා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම ආහාර සුරක්ෂිතතාවයයි. එනම් ප්‍රමානවත් පරිදි ආහාර ලබා ගැනීමටත් ඒවා පෝශ්‍යදායී සෞඛ්‍යාරක්ෂිත ආහාර බවටත් , තමන් ගන්නා ආහාරය පිලිඹඳව තේරීමක් එනම් වාරණයක් සිදු කළ හැකි බවටත් සහතික වීමයි.ආහාර සුරක්ෂිතතාව රජයේ ප‍්‍රමුඛතාවට ගෙන ඇති අතර, ඒ පිළිබඳව සැලැස්මක් ද සකසා ක‍්‍රියාවට නංවා ඇත. එය තවත් සක‍්‍රීය මට්ටමට ගත යුතුය. පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ දී සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වට්ටෝරුවට අනුව සිදුකිරීම යහපත්ය. ගැබිනි මව්වරුන්ට සපයන පෝෂණ සහනාධාරය නිසි පරිදි ලබාදෙනු ලබයි. පාරිභෝගික නිෂ්පාදන අලෙවිය පිළිබඳව නියාමනය හා අධීක්ෂණය තව තවත් දිරිමත් කළ යුතුය. පාරිභෝගික අයිතීන් පිළිබඳව සිවිල් සමාජය දක්වන උනන්දුව ප‍්‍රමාණවත් නොවන බව ද කිව යුතුය. ආහාර නිෂ්පාදනයේදී විෂ රසායන හා කෘත‍්‍රිම පොහොර භාවිතය නියාමනය සම්බන්ධයෙන් විවේචන ද පවතී. වසවිස නැති දේශීය ආහාර නිෂ්පාදනය සඳහා ගනු ලැබූ උත්සාහය එකිනෙක ආයතන සීමාවන් නිසා අඩපණ නොකොට දිරිමත් කළ යුතුය. 

මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ දිගුවක් ලෙස මෑතක දී ගොඩනගා ජනතා අයිතියට පැවරු කළුගඟ - මොරගහකන්ද ව්‍යාපෘතිය එම ප‍්‍රදේශවල පොදු ජනතාවට, කෘෂිකාර්මික ජනතාවට ජල පහසුකම් ලබාගැනීමට පහසුකම් සැලසීමකි. එසේම වයඹ හා රජරට ප‍්‍රදේශවල වැව් ප‍්‍රතිසංස්කරණය ද කෘෂිකාර්මික දියුණුව තුළින් ආහාර සුරක්ෂිතතාවට හේතු වන දිගුකල් ඵල දරන ව්‍යාපෘතීන්ය. වගා නොකළ සියලු ඉඩම් සුදුසු වගාවන් සඳහා භාවිත කිරීම ඉදිරිගාමීව සිදු කළ යුතුය. කෘෂිකාර්මික නිෂ්පාදන ප‍්‍රමිතියෙන් යුතුව මහජනතාවට ලබාගැනීම පිණිස නූතන තාක්ෂණය යොදා ගනිමින් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ආරම්භ කළ  ව්‍යාපෘතිය ද නිසියාකාරව පණ ගැන්විය යුතුය. 

කෘෂිකාර්මික නිෂ්පාදන පිළිබඳව ගොවි ජනතාව නිතර මැසිවිලි නගන්නේ, සිය නිෂ්පාදන අතරමැදියන් විසින් අත්කරගන්නා බවත්, මෙන්ම නිසි ලාභයක් නොලැබෙන බවත්ය. අස්වනු සරු කාලයට නිසි මිලදී ගැනීමේ ප‍්‍රතිපත්තියක් නොවීමෙන් අනවශ්‍ය ලෙස භාණ්ඩ මිල පහත වැටෙන බවත් හා අපතේ යන බවත්ය. නිසි වේලාවට ජලය නොලැබීම, පොහොර නොලැබීම, නියඟ ආදී විපත් ඇතිවීම, වසංගත රෝග ව්‍යාප්තිය, ණය බර පිළිබඳව ද මැසිවිලි නැගෙයි. ප‍්‍රවාහන ගැටලු හා නිසි ඇසුරුම් භාවිත නොකිරීම නිසා ආහාර නිෂ්පාදන නරක්වීම හා අපතේ යෑම ද වාර්තා වේ. මෙම ගැටලු වලට තිරසර විසඳුම් ලබාදීම වැදගත් වේ. 

දුගීකම, කුසගින්න, මන්දපෝෂණය පිළිබඳව කතා කරන විට අප රට තවමත් පවුල් ලක්ෂ 25 කටත් වැඩි ප‍්‍රමාණයක් සමෘද්ධි සහනාධාරය ලබයි. එම සහනාධාරය 70 දශකයේ අගබාගයේදී ජනසවිය සංකල්පය යටතේ, ප‍්‍රමුඛතා පදනමකින් ආරම්භ වූ අතර, තවමත් විවිධ සංකල්ප නාම යටතේ වසර 40කටත් වැඩි කාලයක් පවත්වාගෙන යෑම දිළිඳුකමේ දුෂ්ට චක‍්‍රය ද නැත්නම්, වැඩසටහන්වල ඌනතාවක් ද යන්න විවරණය කරගත යුත්තකි. දිගින් දිගටම ආධාර ලබාදුන්න ද ආධාරලාභීන් බලසතු නොවී වෙනත් පටු අරමුණු ඉටුවන්නේ නම් එය සමාජ අභිවෘද්ධියට හිතකර නොවේ.  

ලොව දුගීකම හා සාගින්න මැඩලීමට ගත හැකි පියවර, ක්‍රියාමර්හ පිලිබදව ලෝක ප්‍රජාවගේ අවබෝදය ඉහළ නැංවීමට මෙම දිනය සැමරීමේ අරමුණ වේ.එක්සත් ජාතීගේ තක්සේරු වාර්තාවවලට අනුව  සාගින්න දුරලීමෙන් අත්වන ප්‍රතිලාභ  රැසකි. ඒ අතර ලොව පුරා වසරකට මිලියන 3.1 පමණ වූ ළමා ජීවිත බේරා ගැනීමට හැකියාව ලැබේ. යහපත් පෝෂණයෙන් යුක්ත මව්වරුන්ද , වඩාත් ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියකින් යුතු ළදරුවන් ද බිහි කර ගත හැකිය.රටක ජනගහනයේ යකඩ ඌනතාව තුරන් කිරීමෙන් සේවා ස්ථානවල ඵලදායීතාව 20%කින් ඉහළ නැංවීමට ද හැකියාව ලැබේ. එපමණක් නොව පෝෂණය හා සම්බන්ධ ළමා මරණ තුරන් කිරීමෙන් ශ‍්‍රම බලකාය 9.4% කින් වැඩි කළ හැකි බව ද ගණනය කර ඇත.

කොවිඩ් 19 වසංගත තත්වයට මුහුණ දෙමින් එය පාලනය කර ගැනීමේදී අන් සියලු රටවලට වඩා මෙරට ආහාර රටාවද වැදගත් සාදකයක් වූ බව නොරහසකි.දේශීයව  නිශ්පාදනය කල හැකි ආහාර භෝග විදෙස් රටවලින් ආනයනය කිරීම හමුවේ මෙරටට අහිමිවන විදේශ විනිමය ප්‍රමානය ඉහල යාම රටට අහිතකර මෙන්ම රටේ ආර්ථිකයට ප්‍රබල අභියෝගයකි.මන්දපෝශනය සහ දරිද්‍රතාවට එරෙහිව ගෙන යන අරගලයේදී සහයෝගීතාවය ශක්තිමත් කිරීමට අදට යෙදෙන ලෝක ආහාර දිනයේදී අප සැම පෙළ ගැසිය යුතු ය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 16 ලෝක ආහාර දිනය (Significance Of The Day - October 16 World Food Day) දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 16 ලෝක ආහාර දිනය (Significance Of The Day - October 16 World Food Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, October 16, 2021 Rating: 5

0 comments:

Post a Comment