කෑම මේසය මත හැසිරෙන්නේ කෙසේද? 🍽️🍴🧆 (How To Behave On The Dining Table?)

කෑම මේසය මත හැසිරෙන්නේ කෙසේද? 🍽️🍴🧆 (How To Behave On The Dining Table?) - Your Choice Way
මෙම ලිපිය තුලින් නිවැරදිව කෑම මේසයකදී හැසිරෙන ආකාරය පිලිබද දල දැනුමක් ලබාදීමට මා උත්සහ දරනවා. මෙවැනි මාතෘකාවක් පිලිබභද සිංහලෙන් ලියැවුනු ලිපි බහුල නොවන නිසා මෙය අන් අය සමග බෙදා ගන්නා ලෙසත් මෙහි කතෘ අයිතිය සැමට විවෘත බවත් සතුටින් සදහන් කිරීමට කැමැත්තෙමි.

බොහොමයක් දෙනා හට පවතින ගැටලුවක් වන්නේ වැදගත් කෑම මේසයකදී හැසිරෙන ආකාරයය. එම ගැටලුවට පිලිතුරක් මෙම ලිපිය මගින් සොයාගත හැකිවනු ඇත. ජීවිතයේ කවම දිනකදී හෝ මෙවැනි කෑම වේලකට සහභාගීවීමට සිදුවුව හොත් එය ගොඩ දමා හැනීමට මෙයි හැකි වේවි. නත්තල ලග එන නිසා මෙහි වටිනාකම තවත් වැඩි වනු ඇත.මූලික වශයෙන් සදහන් කල යුත්තේ මෙම හැසිරීම් තමන්ට අවශයය ආකාරයෙන් වෙනස් කරගත හැකි බවයි. ඒ පිලිබද එතරම් තැකිය යුතු නෑ. මන්ද මෙම සිරිත් සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා. සාමානයයෙන් යුරෝපීය රටවල භාවිතා වන්නේ මෙහි සදහන් ආකාර පිලිවෙත් කිහිපයක්. මෙම සිරිත් පිලිපදින ආකාරය ඔබට පහසු වන ආකාරයට සාදා ගැනීමට කිසිදු බාධාවක් නෑ. එනමුත් මෙම සෑම පිලිවෙතක්ම යම් හේතුවක් මත පදනම්වයි ගොඩනැගී ඇත්තේ. මූලික කරුණ නම් අන් අයට බාධාවක් නොමැතිව, අන් අයට අප්රසන්න බවක් නොහැගෙන පරිදි තම ආහාර වේල බුක්ති විදීමයි.

තැනට සුදුසු නුවණ හා අනුන් පිලිබද තැකීම යන කරුනු මත පිහිටා කටයුතු කරන්නේ නම් ඔබට ඉගෙන ගැනීමට ඇත්තේ ඉතාමත් ස්වල්පයක්.මෙය ලිවීමට භාවිතාකලේ මා කුඩා කල සිට උගත් දෑය. කතෝලික පවුල් පසුභිමකය. සමහර විට යම් යම් කරුනු කාලානුරූපීව වෙනස්ව පැවතිය හැක. මෙහි නිවැරදි විය යුතු කරණු ඇතිනම් නැවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එහෙත් මෙම පිලිවෙත් ඉහත සදහන් කල පරිදි අපට අවශයය අයුරින් වෙනකර ගත හැක. මූලික කරුණ නම් අන් අයට බාධාවක් නොමැතිව, අන් අයට අප්රසන්න බවක් නොහැගෙන පරිදි තම ආහාර වේල බුක්ති විදීමයි යන්න හැම විටම මතක තබා ගන්න.

🈶 කෑම වේල ආරම්භ කිරීම 🈶


පියවර 1
ඔබ කෑම මේස මත වාඩිවී කෑම ගැනීම ආරම්භ කිරීමට පෙර මුලින්ම සිදු කල යුත්තේ අත් පිස්නාව (napkin) දමා ගැනීමයි. එය උකුල මත දමා ගත යුතුයි. එමගින් ගන්නා ආහාර ඇදුම් මත වැටීම මගින් ඇදුම්වලට සිදුවන හානිය අවම කර ගත හැක. යම් අවස්තාවක අත් පිස්නා දෙකක් සපයා තිබීමට හැක. එවිට එය බෙල්ල පහලින් රදවා ගන්න. එවිට කමිසය මතට ආහාර වැටීම මගින් සිදුවන හානිය අවම කර ගත හැක. මෙය වඩාත් අවශයය වන්නේ ඔබ පූර්ණ ඇදුමකින් (full suite) සැරසී සිටින විටය. මෙම අත් පිස්නාව ලස්සන, පිලිවෙල සහිත ක්රමයකට නමා තිබේ එය සම්පූර්ණයෙන්ම දිග හැර උකුල මතා දමා ගැනීමට වග බලා ගන්න.

පියවර 2
මීලගට වැදගත් වන්නේ කෑම ගන්නා පිලිවෙලයි. යුරෝපීය ක්රමයට අනුව කෑම වේල කොටස් කිහිපයකට බෙදා සංග්රහ කිරීමක් දක්නට ලැබේ. එවැනි කෑම වේලකදී මුලින්ම ගත යුත්තේ සුප් එකකි, සුප් එක සමග පාන් හෝ බනිස් වර්ගයක් ලබා දිය හැක. එසේත් නොමැතිනම් සුප් එක නොමැතිව පාන් හෝ බනිස් බටර් සමග ලබා දිය හැක.සුප් පානය සදහා හැදි තබා ඇති පැත්තේ අවසානයට ඇති ලොකු හැන්ද භාවිතා කරන්න. ඒ අතර පාන් පෙත්තක් හෝ බනිස් ගෙඩියක් කෑමට ගත හැක. මුලින්ම පාන් පෙත්ත හෝ බනිස් එක සපයා ඇති පොඩි පිගානකට දමා ගන්න. ඉන්පසු සුප් පානය කරන අතරතුර පාන් පෙත්ත හෝ බනිස් එක අත භාවිතා කරමින් කඩා ගෙන කන්න. පාන් කැබලි සුප් වල බහා කෑමට අවශයය නම් මුලින්ම පාන් කැබැල්ල කඩා ගන්න ඉන්පසු දකුනු අතින් හැන්දට සුප් පුරවාගෙන එය සුප් කෝප්පය උඩින් සිටින සේ අල්ලා වම් අතින් පාන් කැබැල්ල හැන්ද තුල ඇති සුප් වල බහා පාන් කෑල්ල ආහාරයට ගත හැක. මෙහිදී පාන් කැබැල්ල පොගවන විට හැන්දෙන් සුප් පිරී ඉතිරී යා හැකි නිසා හැන්ද පිරී ඉතිරී යන ලෙස සුප් පුරවා ගන්න එපා. එලෙසම පොඩි පාන් කැබලි කඩා ගන්න. ලොකු කැබලි කඩාගෙන කෑම අශෝබන ක්රියාවක් ලෙස සැලකේ.

පාන් හෝ බනිස් බටර් සමග ආහාරයට ගන්නා විට මුලින්ම බටර් ගෙන කුඩා පිගානකට දමා ගන්න. ඉන්පසු බටර් පාන් පෙත්තට ගා ගැනීමට බටර් ගැමට ගන්නා පිහිය යොදාගන්න. පෙර පරිදිම කුඩා කැබලි කඩා වම් අතින් එය අල්ලා ගන්න. ඉන්පසු දකුනු අතින් පිහිය ගෙන තම පිගාන මත ඇති බටර් වලින් ටිකක් ගෙන එය පාන් පෙත්ත මත ගාගන්න. බටර් ගාගැනීමට යොදා ගත් පිහිය ඉන්පසු (බටර් ගාගැනීම තවදුරටත් අවශයය නොවූ විට) පාන් දමා ගත් පිගාන මත දකුනු අත පසට වන්න තබන්න. එහි තලය පිගාන මැදට විය යුතුයි. හැකි තරම් පිහිය පිගාන තුල රැදවීමට උත්සහ ගන්න. මෙලෙස සුප් හෝ පාන් ගනු ලබන්නේ අහාර සදහා රුචිය වැඩි කිරීමටයි. මේ සදහා බොහෝ දුරට යොදාගන්නේ සුදුලූනු පාන්ය (Garlic Bread). කෑම වේල කෙතරම් වැදගත් වුවද වියලි ආහාර (පාන්, බනිස්) අතින් කඩා ගෙන කෑම ප්රශ්නයක් නොවේ. සාමානයය ක්රමය වන්නේ එයයි.

පියවර 3
මීලග වීදුරු භාවිතය සලකමු. අවම වශයෙන් වීදුරු වර්ග තුනක් කෑම මේසය මත විය යුතුය. සුදු වයින් සදහා හා රතු වයින් සදහාය. මීට අමතරව වතුර සදහා තවත් වීදුරුවක් වේ. විශාලම වීදුරුව රතු වයින් සදහා වේ. ඉතිරි දෙකෙන් කුඩා කට සහිත වීදුරුව සුදු වයින් සදහා වන අතර ඉතිරි වීදුරුව වතුර සදහා වේ.
සුදු වයින් පානය කිරීමට ගන්නා විට එය වීදුරුවේ යට කොටසින් (stem) අල්ලා පානය කල යුතුය.

පියවර 4
මීලගට හැදි, පිහි හා ගෑරුප්පු භාවිතය සලකා බලමු. සාමානයෙන් හැදි හා පිහි තබන්නේ දකුනු පසිනි. ගෑරුප්පු වම් පසින් තබනු ලබයි. මුලින්ම භාවිතා කල යුත්තේ පිටතින්ම ඇති හැන්ද හා ගෑරුප්පුවයි. ගෑරුප්පුව භාවිතා කිරීමට කැමති අතක් භාවිතාකල හැක. නමුත් ගෑරුප්පුව හා හැන්ද එකම විට භාවිතා කරන විට ගෑරුප්පුව වම් අතෙහි භාවිතා වේ. ගෑරුප්පුව හා පිහිය භාවිතය. මේ සදහා ක්රම දෙකකි. අමෙරිකන් ක්රමයට අනුව ගෑරුප්පුව වම් අතින් ගෙන පිහිය දකුනු අතින් ගෙන කපාගෙන පිහිය පිගාන මත තබා ගෑරුප්පුව දකුනු අතට ගෙන මස් කැබැල්ල කට තුලට දමා ගන්න. අනිත් ක්රමයට අනුව එනම් යුරෝපීය ක්රමයට අනුව මස් කැබැල්ල කට තුලට දමා ගැනීමට වම් අතම යොදා ගනී. කෑම ගෙන ඉවර වූ පසු ගෑරුප්පුව හා පිහිය පිගාන මත තැබිය යුතුය. ගෑරුප්පුව හා පිහිය පිගාන තුලම වීමට වග බලාගන්න.

පියවර 5
කෑම ගැනීම ඉවර වුනු පසු භාවිතා කල අත්පිස්නාව මේසය මත නොතබන්න. ඔබ මේසය ම්අතින් නැගිට යනවිට අත්පිස්නාව ගෙන පිගාන දකුනු පසින් තබා යන්න. කිසි විටෙක අත් පිස්නාව පිලිවෙලට නවා තැබීමට උත්සහ නොකරන්න. එය අපිලි වෙලට නමා මේසය මත තබා යන්න.වැදගත් දෙයක් ලබා ගත්තා නම් එච්චරයි. සෑම පියවරක් ගැනම වැඩි විස්තර පසුවට කතා කරමු.


සටහන අයිතිය ® රොෂාන්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කෑම මේසය මත හැසිරෙන්නේ කෙසේද? 🍽️🍴🧆 (How To Behave On The Dining Table?) කෑම මේසය මත හැසිරෙන්නේ කෙසේද? 🍽️🍴🧆 (How To Behave On The Dining Table?) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2021 Rating: 5

0 comments:

Post a Comment