එදා බෝගම්බර සිපිරිගෙදර අද බලන්න යමුද? 🎰🏚🏚🏢 (Bogambara)

එදා බෝගම්බර සිපිරිගෙදර අද බලන්න යමුද? 🎰🏚🏚🏢 (Bogambara) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ මහනුවර නගරයේ ප්‍රධාන ඓතිහාසික ගොඩනැගිලි අතරට ගැනෙන බෝගම්බර සිරගෙදර ගැන...

සිපිරිගෙයක් කිව්වම අපි කවුරුත් වැඩිය කතා කරන්න ආස තැනක් නෙමේ.. හැබැයි අපි එහි ඉතිහාසය ගැන පොඩ්ඩක් විපරම් කරමූ

මොකද අද මෙතන සිරගෙයක් නෑ.. අද මේක සංස්කෘතික උද්‍යානයක්...

ඒ හින්දා බෝගම්බර සිරගෙදර ආරම්භය සහ වර්තමානය ගැන විමසලා බලමූ..

අක්කර 11ක භූමි භාගයක පැතිරී පවතින බෝගම්බර සිපිරිගෙදර ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම සිපිරිගෙය යි. 

එතකොට විශාලතම සිපිරිගෙදර වැලිකඩ බන්ධනාගාරය තමා...

තවත් දෙයක් තියෙනවා කියන්න අවාසනාවන්ත මරණයකට මුහුණ දුන් ඇහැලේපොළ කුමාරිහාමි මහනුවර වැවේ ගිල්වා මරණයට පත් කිරීමෙන් අනතුරුව මළසිරුර ගොඩ ගැසූ බවට පිළිගන්නා ස්ථානය පවා තියෙන්නේ මෙම බන්ධනාගාර සංකීර්ණය ඇතුලේ...

උපරිම ආරක්ෂාව සහිත සිරගෙයක් වූ බෝගම්බර සිරගෙය ඉදිකරනු ලැබුවේ බ්‍රිතාන්‍ය- ශ්‍රී ලංකා ආණ්ඩුවේ උපදෙස් පරිදි 1876 වසරේදීයී... 

එය ඉදිකර ඇත්තේ මෙරට ප්‍රථම බන්ධනාගාර හා ‍පොලිස් කොමසාරිස්වරයා වූ එන්.ආර්. සෝන්ඩර්ස් මහතාගේ අධීක්ෂණය යටතේ...

ප්‍රංශයේ වැදගත් ඓතිහාසික සටනකට මුල් වූ බැස්ටිල් හිරගෙදර ගෘහනිර්මාණ ශිල්පයට සමානව මෙම බෝගම්බර බන්ධනාගාරය නිර්මාණය කර ඇතැ යි පැවසෙනවා...

මෙම බෝගම්බර බන්ධනාගාරයේ ඇති විශේෂත්වයක් වන්නේ එය කිසිම තැනකින් වෙන් නොවුණු තනි පාදමක් මත ඉදිකෙරුණු ආසියාවේ දිගම ගොඩනැගිල්ල වීම‍ නිසයි...

බන්ධනාගාරය මහල් තුනකින් සහ සිරමැදිරි තුන්සිය විසි අටකින් සමන්විත වෙනවා...

ලංකාවේ පළමුවරට,  එකවර තිදෙනෙකු එල්ලා මරා දැමිය හැකි ආකාරයේ එල්ලුම්ගසක් නිර්මාණය කර ඇත්තේ ද බෝගම්බර බන්ධනාගාරයේ පමණි...

1876 වසරේ සිට 1975 වර්ෂය දක්වා බෝගම්බර බන්ධනාගාරයේ ඇති මෙම එල්ලුම්ගසේ වැරදිකරුවන් 524 දෙනෙකු එල්ලා මරා දමා තිබෙනවා..

අද මේක බන්ධනාගාරයක් නෙමේ.

ඒ අනුව මෙය වර්තමානයේ බෝගම්බර සංස්කෘතික උද්‍යානය ලෙසයි නම් කරලා තියෙන්නේ..

මේ වන විට බන්ධනාගාරය පිහිටි භූමියේ ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්ථානයක්, මහජන උද්‍යානයක් සහ උඩරටට අවේනික සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම සඳහා එළිමහන් වේදිකාවක් ඉදිකොට තිබෙනවා..

බන්ධනාගාර ගොඩනැගිල්ල එලෙසින්ම සංරක්ෂණය කර බෝගම්බර බන්ධනාගාර පල්ලේ කැලේ ප්‍රදේශයට විතැන් කර අභිනවයෙන් ඉදිකෙරුණු සංස්කෘතික උද්‍යානය ඓතිහාසික වටිනාකමකින් යුත් මහනුවර නගරයේ තවත් ආකර්ශනීය ස්ථානයක් බවට පත් වී හමාර යී....

මේ පින්තූර අතර වර්තමානය හා අතීත පින්තූර සහිතයී...

පින්තූර මුල්හිමිකරු සතුයී📸🙏 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
එදා බෝගම්බර සිපිරිගෙදර අද බලන්න යමුද? 🎰🏚🏚🏢 (Bogambara) එදා බෝගම්බර සිපිරිගෙදර අද බලන්න යමුද? 🎰🏚🏚🏢 (Bogambara) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2021 Rating: 5

0 comments:

Post a Comment