Wel Fanta Song Lyrics - වෙල් ෆැන්ටා ගීතයේ පද පෙළ

Wel Fanta Song Lyrics - වෙල් ෆැන්ටා ගීතයේ පද පෙළ
Song Title : Wel Fanta (වෙල් ෆැන්ටා)
Written & Performed by SHAN PUTHA & Dr.BSKing
Produced and Mastered by Dr.BSKing
Co-Produced and Mixed by DJ JNK
Lyric Video by Boom Music
Official Content Photography - Yasas Sandakelum @ Studio Y Creation


මගේ නම පාල
විශාරද ගහලම සවු කොල රෝල
රට ඉඳී සීනි තමයි දැන් ඕන
මගේ බඩු සෙට්වෙන්නෙ එක්ක සම්බෝල

වෙල ලඟ තමයි සෙට්වෙන්නෙ කට්ටිය
ලුණු මඤ්ඤෝක්කා එක්ක මල් වට්ටිය
හැමදාම අමතක වෙන්නේ ගිනිපෙට්ටිය
සයිමා ගෙනියන්නේ පිරෙන්න හට්ටිය

දවසක් රෑ ටික ටික පෙරාගෙන එද්දී
ඇවිලුනා සෝමෙගේ කෙහෙල් යායම
බොරු කියන්න ඕනේ නෑනේ මහත්තයෝ
මම ආසම කාලෙට පායන

ඇඩ්ඩින් බන්ඩා පහල කඩේ සුනිල් තමයි
සැරටම වෙන්නේ දැන් දායක
වසන්ත මල්ලීගේ ඩෙංකුටු තාලෙට
අපි ගාව ඉන්නවා සුපිරිම ගායක

ලාවට ගහලා ආවේ මං අඩියක්
අවුරුද්දට පෙරනව මං වඩියක්
ගනින් ගෑණියේ කන්න හදපු රොටියක්
පහල කඩෙන් අරං වරෙන් මට බීඩියක්
රාලාහිමිලා නම් ආදාල නෑ
OIC ට (ඕවයිසීට) තමයි බය

අපි එලියට බහින්න බලාගෙන ඉන්නෙ
පහු වෙනකන් වෙලාව හය
කටු කම්බි බෙහෙත් පෙති ජරාව දෙන්නෑ
දිරනවා ඕවට කය
අත්පිට මුදලට විතරයි මගෙ ගනුදෙනු
වෙන්නෙපා මට නම් ණය

දානෙට මලගෙට මගුලට සෙට්වෙන
පට්ටම එලකිරි පදමක්
ශොට් එක ගානට දෙන්නේ මම
වැඩිපුර ගත්තොත් වැටෙනවා මෙතනම වරුවක්

ඕන්නම් (COOKTAIL)කොක්ටේල් SOFT DRINK(සොෆ්ට් ඩ්‍රින්ක්) CACKE(කේක්) හදන්නත්
නියමයි එක්කලා සරුවත්
මගෙ පදමට ඉන්නේ බබරුත් සමවැදිලා
පාවලා දෙන්නෑ උන් මැරුවත්

කවුද කවුද අර එනවා පේනවා
ගැන්සිය වෙන්නනම් බෑ
කට්ටිය දන්නවා 10න් පස්සේ නම්
මං බඩු විකුනන්නේ නෑ

අප්පටසිරි පිපුනා ඇගේ හිරි
දැන් බැස්සා වෙරි අවේ පොලීසියෙන්
අදනම් ඉවරයි දිව්වොත් මාට්ටු
කෑවා ටොපියක් මං හදිස්සියේ

අනෙ අනෙ මේන්න වැන්දා එපා මාව ගෙනියන්න
මං ආස නෑ මහපාරේ ඇබරෙන්න
ඕකගේ බෙල්ලෙන් ආල්ලපං දුවන්න බැරි වෙන්න
සාජන් දැගලුවොත් ගහපිය මූණ පොඩිවෙන්න

ගනින් බූලි ඔක්කොම කීයද
නඩුවක් දැම්මොත් දැන් HIGH COURT (හයි කෝට්) නේ
බොලා මේ නඩුවක් අතේ තියන්
අපි දැක්කාම නිකං දාන්නේ තවුසන් ටෝක්නෙ

අඩෝ කෙලින් ඉදපං මූන පුරෝලා දෙන්නෙ බොට
දැනටමත් හොදටම DOPE (ඩෝප්) නේ
කෝ ගනින් ඕක මෙහෙට
අප්පට මේ බඩු ශෝක්නෙ

මම තනියෙම ආවේනෑ දුවන්න හදන්න එපා
පොලිසිය අගලෙන් අගලේ
බට බට බූලි ටිකයි අඩු කුඩුම ටිකයි ගනින්
කෝ තොපි හංගපු දගරේ

මේ සැරේ ජාවාරං කියලා නඩුව දෙන්නේ මං
ගැලවීමක් නෑ තොපිට
මම SI (එස් අයි) ශාන්ත
රැකියාව මෙහේ ගම බෙන්තර පාලමෙන් එපිට

එපා ලොරි TALK (ටෝක්) හැබයි බඩු ටික ශෝක්
උබ SUBJECT (සබ්ජෙක්ට්) එකේනම් රුසියා

උබලා නඩු බඩු හංගලා
ගෙවල් එහෙම බංගලා
හොරෙන් විකුනන්නේ කසියා
අඩෝ පොට්ටපාල උබ
වැරදි කාරයනේ ගම් හතේම බඩු බෙදුවාට
ඇත්ත නොකීවොත් රමනය කරනවා
පේන තුරා හඳේ ආවාට

ඔය එකා එකා ගනිල්ලා පෝලින් කරෝලා
සල්ලි හොයන්නේ බොලා මිනිස්සු මරෝලා

JEEP (ජිප්) එක ගමු සාජන් මෙතෙනට හරෝලා
ඕකට ගහපිය වම් අත පුරෝලා

ඔහොම ඉන්න සර් ඕනෙම දේකට
තියෙනවා OPTION (ඔප්ශන්) දෙක දෙක
මම ජෙනුවින් මිනිහා සර් දිව්වෙත් නෑනේ
සර්ලා ඕම මෙම එනවා දැක දැක
උබ බාබා සර්ලා බඩු ටික දාගන්ඩ කොල්ලෙක් එවන්නම්
ඌ බාරගනී නඩුව
අනේ සර් මාව අරං යන්නෙපා
කොහොම දරන්නද ගෑනිට මං නැති අඩුව

ඔය ඔක්කොම බස්සපං සාජන්
අපි ගානේ කොල්ලෝ ටික ඔක්කොම නිදහස්
හැබැයි මට පේන්න බැරි උබේ තමන් ගැන හිතන
අනුන්ට කෙලවන අදහස්
අඩෝ ආපස්ස හැරියන් අත් දෙක උස්සපං
ගහපං පාලයා දන
මූට මාංචු දම්මලා උස්සලා දාගනින්
උඹ දන්නෑ ශාන්ත ගැන

අනෙ අනෙ මේන්න වැන්දා එපා මාව ගෙනියන්න
මං ආස නෑ මහපාරේ ඇබරෙන්න
ඕකගේ බෙල්ලෙන් ආල්ලපං දුවන්න බැරි වෙන්න
සාජන් දැගලුවොත් ගහපිය මූණ පොඩිවෙන්න

අනෙ අනෙ මේන්න වැන්දා එපා මාව ගෙනියන්න
මං ආස නෑ මහපාරේ ඇබරෙන්න
ඕකගේ බෙල්ලෙන් ආල්ලපං දුවන්න බැරි වෙන්න
සාජන් දැගලුවොත් ගහපිය මූණ පොඩිවෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wel Fanta Song Lyrics - වෙල් ෆැන්ටා ගීතයේ පද පෙළ Wel Fanta Song Lyrics - වෙල් ෆැන්ටා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 28, 2021 Rating: 5

0 comments:

Post a Comment