ස්විස් රෝල් හදමු (Swiss Roll Hadamu)

ස්විස් රෝල් හදමු (Swiss Roll Hadamu) - Your Choice Way
අද මම හදන්න යන්නේ කවුරුත් කැමති Chocolate & Vanilla Swiss Roll. අනේ ඕවා හදන්න අපිට Oven නැනේ කියලා හිතුණද? දුක්වෙන්න එපා අපි මේවා හදන්නේ Fry Pan එකේ ලිපේ තියලා. වැඩි බඩු ඕන නැ. හරිම රසට හරිම ලේසීයෙන් ඉක්මනට හදාගන්න පුලුවන්. එහෙනම් අපි හදමු රසම රස Swiss Roll.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥮 නැවුම් කිරි ½ Cup
  • 🥮 දෙහි යුශ 1 tsp
  • 🥮 පාන් පිටි ½ Cup
  • 🥮 කුඩු කරගත් සීනී ¼ Cup
  • 🥮 බේකින් පවුඩර් ½ tsp
  • 🥮 බේකින් සෝඩා ¼ tsp
  • 🥮 පොල් තෙල් 3 tbsp
  • 🥮 කොකෝ පවුඩර් 1 tsp

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම නැවුම් කිරි, දෙහි යුශ භාජනයකට දමා හොදින් කලවම් කරගන්න.
  2. ඉන්පසු පාන් පිටි, කුඩු කරගත් සීනී, බේකින් පවුඩර්, බේකින් සෝඩා පෙනෙරයකින් හලාගෙන කිරි මිශ්‍රනයට එකතු කරගන්න.
  3. දැන් තෙල් මේස හැදි 3ත් එකතු කර හොදින් කලවම් කරගන්න.
  4. දැන් එම මීශ්‍රනය කොටස් දෙකකට වෙන් කරගෙන එක කොටසකට කොකෝ පවුඩර් දමා කලවම් කරගන්න.(Chocolate Swiss Roll සැදීම සදහා)
  5. ඉන්පසු Fry Pan එකේ බටර් හෝ තෙල් ටිකක් ගාගෙන Chocolate කේක් මීශ්‍රනය දමා උඩින් බුබුලු දමන තෙක්  අඩු ගින්දරේ වසා තබාගන්න.
  6. ඉන්පසු Tooth Pick එකකින් කේක් එකට ඇනලා බලන්න. Tooth Pick එකේ කේක් මිශ්‍රනය ගැවුනේ නැතිනම් කේක් එක ලිපෙන් බා ගන්න.
  7. දැන් Baking Paper එකක් උඩින් තියලා රස්නෙන්ම Baking Paper එකත් එක්කම Roll කරගන්න.
  8. රස්නේ නැත්වෙන කල් Roll කර තබා ගෙන පසුව කේක් එක දිගහැරගන්න.
  9. දැන් එම කේක් එක මත Whipped Cream ගාගෙන නැවත Baking Paper එකත් සමගම Roll කරගෙන ටික වේලාවක් තබා දිගහැරගෙන කෑලි කපා රස බලන්න.
  10. Whipped Cream වෙනුවට ඔයාලට Nutella, Jam වගේ දෙයක් වුනත් ගන්න පුලුවන්.
  11. ඉන්පසු ඉතිරි වැනිලා කේක් මීශ්‍රනයත් මේ විදිහටම Pan එකේ හදාගන්න.


ස්විස් රෝල් හදමු (Swiss Roll Hadamu) - Your Choice Way
මේ  Swiss Roll  එක හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම - ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ස්විස් රෝල් හදමු (Swiss Roll Hadamu) ස්විස් රෝල් හදමු (Swiss Roll Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 08, 2021 Rating: 5

0 comments:

Post a Comment