Sina Pipena Me Song Lyrics - සිනා පිපෙනා මේ ගීතයේ පද පෙළ

Sina Pipena Me Song Lyrics - සිනා පිපෙනා මේ ගීතයේ පද පෙළ

Sina Pipena Me Song Lyrics - සිනා පිපෙනා මේ ගීතයේ පද පෙළ
Song Title : Sina Pipena Me (සිනා පිපෙනා මේ)
ගායනය : සමිතා මුදුන්කොටුව සමඟින් ලක්ෂ්මන් විජේසේකර
සංගීතය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි


සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...

නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...

නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින්

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sina Pipena Me Song Lyrics - සිනා පිපෙනා මේ ගීතයේ පද පෙළ Sina Pipena Me Song Lyrics - සිනා පිපෙනා මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 19, 2021 Rating: 5

0 comments:

Post a Comment