Nihanda Arana Song Lyrics - නිහඩ අරණ ගීතයේ පද පෙළ

Nihanda Arana Song Lyrics - නිහඩ අරණ ගීතයේ පද පෙළ
Song Title : Nihanda Arana (නිහඩ අරණ)
Singing : Rohan Shantha Bulegoda


නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පළඳයි
ආදරයේ නිම් නැති අභිමන්

නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පළඳයි
ආදරයේ නිම් නැති අභිමන්

සයුරෙහි දිය කඳු මත හිඳ
අහසින් එන වැහි බිඳුවට පෙරුම් පුරන්නම්
දැල්වෙන ඉර හඳ යට හිඳ
පහනෙන් එන එළි හිතකට ඇළුම් කරන්නම්
ඔබ තරුවන් සේ ජීවිතයට පහදා දේ නම්

නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පළඳයි
ආදරයේ නිම් නැති අභිමන්

නිල් කඳු හිස ජය ගත් දින
දෙව් ලොව දුර ඈතක බව වටහා ගන්නම්
විල් දිය ඇහැරෙන කොඳ මල
රතු ඇස් ඇති හිරු මඩලෙන් සඟවා ගන්නම්
ඔබ කවියක් සේ ජීවිතයට පහදා දේ නම්

නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පළඳයි
ආදරයේ නිම් නැති අභිමන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nihanda Arana Song Lyrics - නිහඩ අරණ ගීතයේ පද පෙළ Nihanda Arana Song Lyrics - නිහඩ අරණ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2021 Rating: 5

0 comments:

Post a Comment