Mage Surathal Podi Duwa Song Lyrics - මගේ සුරතල් පොඩි දුව ගීතයේ පද පෙළ

Mage Surathal Podi Duwa Song Lyrics - මගේ සුරතල් පොඩි දුව ගීතයේ පද පෙළ
Song Title : Mage Surathal Podi Duwa (මගේ සුරතල් පොඩි දුව)
ගායනය : මැක්ස්වෙල් මෙන්ඩිස්
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
පද : මැක්ස්වෙල් මෙන්ඩිස්


මගේ සුරතල් පොඩි දුව හොඳ ළමයෙකු වෙනවා
එහි සැකයක් නැති බව මට වැටහී යනවා
මට ඇති එක වස්තුව මේ ලොවෙහි ඔබ තමා
මා මැරු‍ණත් මගේ හිත නැහැ යන්නේ ඇය දමා

පාන්දරින් මම යනවිට රැකියාව කරා
මිදුලට බැස අත වනනව නොපෙනි යන තුරා
පොඩි සපත්තු ඇඳුම් තවද කැවිලි ගේනවා
මේවා දීලා මං ඇගේ පොඩි සිත සනසනවා
පොඩි සපත්තු ඇඳුම් තවද කැවිලි ගේනවා
මේවා දීලා මං ඇගේ පොඩි සිත සනසනවා

පොඩි දේකට බැන්නොත් එයා දුකින් හඬනවා
එවෙලෙට මට අනුකම්පාවක් ඇතිවෙනවා
නාඬන් මගේ දුව කියමින් වඩා ගන්නවා
හොඳයි නරක දෙක එයාට වටහා දෙනවා

කල්ගත වී පොඩිදුව ලොකු ළමයෙක් වෙනවා
දැන් එයාට හොදයි නරක ටිකක් දන්නවා
චරිතේ ඔබේ පණටත් වැඩියෙන් රැක ගන්න
දිවි රැකුණත් කිළුටින් පල නැතැයි සිතන්න
චරිතේ ඔබේ පණටත් වැඩියෙන් රැක ගන්න
දිවි රැකුණත් කිළුටින් පල නැතැයි සිතන්න

මගේ සුරතල් පොඩි දුව හොඳ ළමයෙකු වෙනවා
එහි සැකයක් නැති බව මට වැටහී යනවා
මට ඇති එක වස්තුව මේ ලොවෙහි ඔබ තමා
මා මැරු‍ණත් මගේ හිත නැහැ යන්නේ ඇය දමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Surathal Podi Duwa Song Lyrics - මගේ සුරතල් පොඩි දුව ගීතයේ පද පෙළ Mage Surathal Podi Duwa Song Lyrics - මගේ සුරතල් පොඩි දුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 12, 2021 Rating: 5

0 comments:

Post a Comment