Gypsies & Marians Medley Song Lyrics - Gypsies & Marians Medley ගීතයේ පද පෙළ

Gypsies & Marians Medley Song Lyrics - Gypsies & Marians Medley ගීතයේ පද පෙළ
Song Title :  Gypsies & Marians Medley by Sarith & Surith with News
All Credits Goes to Original Artists
Live track Mixed & Mastered by Vihara Hettiwatta ( Musix Factory )
Live Mix :  Chamith Perera
Light Engineers :  Amila Costha & Angel Cooray
Videography by Newsmakers ( Sandev Hettiwatte , Chandula Perera )
Project Coordinator :  Sathsara Senanayake
Band Manager :  Jagath Jayawardena


පළමුව සිනාසේයි-දෙවනූව ලියූම් දෙයි
තෙවනූව තෑගි බෝග අරන් යයි
ඉන්පසු ප්‍රේම ගඟේ පිනාලා සතුටින්
ප්‍රේම කරයි දෙන්නට දෙන්නා

ඉන්පසු ප්‍රේම ගඟේ පිනාලා සතුටින්
ප්‍රේම කරයි දෙන්නට දෙන්නා

හදුනාගෙන දෙන්නෙක් කරයි ආදරේ

ලැබුනා දෙදෙනාටම පෙම්සූවේ..
කරනා විටදි යොවුන් කලට ආදරෙ
ලෝකෙම සුන්දර බව දැනෙන්නේ
ආදරේ ආදරේ… ඔහොමයි ආදරේ
ආදරේ ආදරේ…-පුදුම ආදරේ

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

ජෑම් පන් තවත් කන්න බෑ
කිබුල බනිස් කෑවත් මට කිසි ගතියක් නෑ
මුං ඇට මට එපා කිරි බත් මට එපා
උඹේ අතින් රසට හදලා
ඉදි අප්පන් ටිකක් කන්න

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

ලන්තෑරුම් පත්තු කරන් වෙරල අද්දර
විඳගනිමින් රළු සීතල රැයක සුන්දර
ලැබ ගන්නට සැනසුම මුළු ලොවක් නිදි කර
ලොව පරසිදු වැල්ල මේක කළුවා මෝදර
ලොව පරසිදු වැල්ල මේක කළුවා මෝදර

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට
අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට

කොණ්ඩය දිග හින්දා
ඇඟපත මදි හින්දා
අතමිට නැති හින්දා
මගේ අයරින් තරහා උනා
සංගීතය හින්දා
මුළු රෑ නිදි මරලා
දවසම බුදි හින්දා
මගේ කැතරියා පැනලා ගියා

එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා එපා දාල යන්න එපා

රොසලිනා… රොසලිනා… රොසලිනා
මගේ රොසලිනා
රොසලිනා… රොසලිනා… රොසලිනා
මගේ රොසලිනා

තේක්ක බුරුත නැදුන් කරුවල ලෑලි
ගෙනල්ල සෑදූ බඩු කාගෙත් මනලෝලී
විචිත්‍ර ලිය මල්කම් කැටයම් පේළී
දමාපු අල්මාරිද හොඳ බඩු මේ ලී

වඩු වැඩෙන් දිවි රකින
බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මං
කිසිම හැඩක් නැති මෙලීය
අරගෙන මං කරන දිරිය
කපල කොටල ඉරල මැනල
හදන ලී බඩූ
වඩු වැඩෙන් දිවි රකින
බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මං

ලොරෙන්සෝ ද අල්මේදා
කොලොම්තොටට යහපත් නාවිකයා
ලොරෙන්සෝ ද අල්මේදා
කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින්
ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා
සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ ටැමරින් බැන්ජෝ මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා
කණු හතරෙම ලයිට් දාලා

බ්රැන්ඩි බීලා නොන්ඩි ගහලා
අම්බානක ගුස්පි දාල
ඉම්පෝටඩ් මොරිනාකා
ඇපල් තැපැල් ගොඩගැහිලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා

නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gypsies & Marians Medley Song Lyrics - Gypsies & Marians Medley ගීතයේ පද පෙළ Gypsies & Marians Medley Song Lyrics - Gypsies & Marians Medley ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 26, 2021 Rating: 5

0 comments:

Post a Comment