පරිප්පු රොටි හදමු (Dhal - Parippu Roti Hadamu)

පරිප්පු රොටි හදමු (Dhal - Parippu Roti Hadamu) - Your Choice Way
අද මම උදේට රසවත් කැමක් හැදුවා . පරිප්පු රොටි . හරිම ලෙහෙසියි හදන්න . කිසිම පිපුම් කාරකයක්  දැම්මේ නැහැ . හදලා බලන්න කෝ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි 200g
  • ලුනු ස්වල්පයක්
  • තෙල් මේස හැදි 2 
  • වතුර අනා ගැනීමට 
  • පිරවුමට හැදුවේ පරිප්පු කරියක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව පරිප්පු සෝදා පෙගෙන්න තිබ්බා විනාඩි 30 ක් පමණ . පසුව වතුර පෙරා පැත්තකින් තබන්න . 
  2. භාජනයක් ලිප තබා තෙල් මේස හැදි 2 දමා එයට සුදු ළුනු බික් 3 පමණ පොඩියට කපා  දැම්මා .එය ටිකක් බැදෙන විට සිහින්ව කපා ගත් ළුනු , කරපිංච සහ කුරුදු කැලි 2 එකතු කර එයත් බැදෙන විට පරිප්පු එකතු කලා . 
  3. හොදට කලවම් කර ටිකක් බැදෙන විට කිරි එකතු කලා . ඒ සමගම කහ කුඩු , ලුණු එකතු කරලා පියනකින් වසා ටිකක් වෙලා පිස ගත්තා . 
  4. පසුව පියන ඇර මිරිස් කුඩු , කැලි මිරිස් සහ අමු තුනපහ එකතු කරලා හොදින්  මිශ්‍ර කරලා නැවත පියනෙන් වසා පිස ගන්න. 
  5. ටික වෙලාවකින් අමුමිරිස් කරල් 2 සිහින්ව කපා එකතු කරන්න . 
  6. කිරි ටික හිදුනාම හැන්දකින් පරිප්පු පොඩි කර ලිපෙන් ඉවත් කරන්න . 
  7. දැන් පිටි මෝලිය හදමු .
  8. භාජනයකට පිටි , ලුණු , තෙල් මේස හැදි 2 දමා හොදට මිශ්‍ර කරන්න . 
  9. පසුව වතුර ටික ටික එකතු කරමින් ටිකක් ඝන පිටි මෝලියක් සාදා ගන්න . 
  10. පිටි මෝලිය විනාඩි 2 පමණ නීඩ් කර භාජනය පියනකින් වසා විනාඩි 10 තබන්න . 
  11. විනාඩි 10 ට පසු පිටි මෝලිය ගෙන කොටස් 6කට වෙන් කර බෝල සාදා ගන්න . 
  12. පිටි බෝලයක් ගෙන පිටි  තැවරුණු ලෑල්ලක් මත තුනී කර කුමන හෝ රවුම් භාජනයක් තබා රවුමක් කපා මැදට පිරවුම තබා වටේට වතුර ගා මැදට එකතු කර තද කරන්න . 
  13. පසුව අනිත් පැත්ත හරවා ටිකක් අතින් තද කරන්න . මෙලෙස සියල්ලම සාදා ගන්න .(පහල පින්තූරයේ පෙනෙන පරිදි ).
  14. අවසානෙට රොටි තැටිය හෝ නන් ස්ටික් pan එකක් ලිප තබා මද ගින්දරේ දෙපැත්ත හරවමින් පුච්චා ගන්න . 
Dhammika Panangala (ධම්මිකා පනංගල)
පරිප්පු රොටි හදමු (Dhal - Parippu Roti Hadamu) - Your Choice Way

පරිප්පු රොටි හදමු (Dhal - Parippu Roti Hadamu) - Your Choice Way

පරිප්පු රොටි හදමු (Dhal - Parippu Roti Hadamu) - Your Choice Way

පරිප්පු රොටි හදමු (Dhal - Parippu Roti Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පරිප්පු රොටි හදමු (Dhal - Parippu Roti Hadamu) පරිප්පු රොටි හදමු (Dhal - Parippu Roti Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 24, 2021 Rating: 5

0 comments:

Post a Comment