796 වෙනි - මහ සමන් දේවාල පෙරහැර 🐘❤️ (Maha Saman Dewala Perahara)

796 වෙනි - මහ සමන් දේවාල පෙරහැර 🐘❤️ (Maha Saman Dewala Perahara) - Your Choice Way

ආරක්ෂකයෙකු වැඩහිදින - සමන් දේවාලය🙏

සාසන බාරවූ විෂ්ණු දෙවියනේ
මේ හිම බාරවූ සමන් දෙවියනේ
දොසක්‌ තිබුණ මුත් දුරලා හරිනේ
වඳින්ට යන්නට අවසර ලැබෙනේ

අද අපි කතා කරන්න යන්නේ මහ සමන් දේවාල පෙරහැර හා දේවාල ඉතිහාසය ගැන..

සබරගමු ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණ පරිච්ඡේදයක් සටහන් කරමින් ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ 796 වෙනි පෙරහැර මංගල්ලය උත්සවත්ශ්‍රීයෙන් පැවැත්වුණා...

එහි අවසන් රන්දෝලි පෙරහැර පසුගිය සදුදා (20) දින බිනර පුර පසළොස්වක පෙහෝ දා රාත්‍රියේ දේවාල වීදියේ ගමන් කලා...

මිගාර ජයසුන්දර වත්මන් ගරු බස්නායක නිලමේ තුමාගේ ප්‍රධානත්වයෙන් හා අධීක්ෂණයෙන් යුතුව සමන් දෙවිඳුන් උදෙසා වන සියළු පුද පූජා චාරිත්‍ර නිසියාකාරව ඉටුකරමින් විචිත්‍රවත් සංස්කෘතික මංගල්ලයක් ලෙස මෙවර පෙරහැර පවත්වන්නට යෙදුනා.

අවසන් මහ  පෙරහැරේ සධාතුක කරඬු වහන්සේ වැඩම වීම රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා මඟුලැතු විසින් හරි ආකාරව රාජකාරි ඉටු කළා...

ඒ වගේම ශ්‍රී දළදා මාලිගයේ සිංහරාජා සහ කැළණි රාජමහා විහාරයේ කණ්ඩුල යන ඇතුන් දෙපළ දෑලේ ගමන් කලා..

නේක වර්ණ විචිත්‍රවත් උඩරට, පහතරට හා සබරගමු සම්ප්‍රදායේ නර්තනාංග රාශියකින් අවසන් මහ පෙරහැර හැඩගන්වා තිබුණා...

මේ සමන් දේවාල ඉතිහාසය මතක් කළොත්

ආර්යකාමදේව නමින් හැඳින්වූ අධිකරණ ඇමතිවරයෙකු මැණික් ගැරීම සඳහා රත්නපුරයට පැමිණ ඇති බව පුරාවෘත්තවල සඳහන් වෙනවා..

ඔහු මෙම කාර්යය සඳහා භාරයක් ද වී තිබෙනවා.. 

ඒ, මැණික් ගැරීම සම්බන්ධයෙන් ඔහු සිදුකරන මෙම ගවේෂණය සාර්ථක වුවහොත් සමන් දෙවියන්ගේ පිළිරුවක් තැන්පත් කිරීම සඳහා එහි දේවාලයක් කරවන බවට යි..

ආර්යකාමදේවගේ මෙම ගවේෂණය සාර්ථක වී ඇති අතර අනතුරුව ඔහු ප්‍රථමයෙන් ම රත්නපුර සමන් දේවාලය කරවීමට කැපවූ බව ඉතිහාසයේ සඳහන් ය.

මේ කතාපුවත එක් ජනප්‍රවාදයක්...

මෙම දේවාලය සඳහා හින්දු ආගමික ඇදහිලි බොහෝ සේ බලපා තිබේ.

1505දී ගාලු කොටුව හරහා මෙරටට පැමිණි පෘතුගීසීන් සීතාවක රාජසිංහ රජුගේ අභාවයෙන් පසු එම ප්‍රදේශයේ වෙහෙර විහාර විනාශ කර තිබෙනවා.. 

මේ අතර 1618-1620 කාලය අතරතුරදී පෘතුගීසින් විසින් රත්නපුර සමන් දේවාලය වටා රත්නපුර කොටුව සහ දේවස්ථානය ඉදිකරන ලදී.

කෙසේ වෙතත් පසුව උඩරට රාජධානියේ පාලකයා වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747-1781) රත්නපුර අත්පත් කර ගැනීමට කටයුතු කළා..

ඒ වන විට රත්නපුර සමන් දේවාලය වටා ඉදිකර තිබූ රත්නපුර කොටුව සහ දේවස්ථානය විනාශ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු එම භූමියේ බෞද්ධ විහාරස්ථානයක් ඉදිකර තිබෙනවා.. 

අද රත්නපුර සමන් දේවාල භූමියේ දක්නට ඇති බෞද්ධ විහාරස්ථානය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ඉදිකරන ලද්දක් බවට විශ්වාස කෙරෙනවා..

සබරගමු මහ සමන් දේවාලය රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ රත්නපුර සිට කිලෝ මීටර් තුනක් දුරින් ප්‍රධාන මාවතට වම් පසින් කළු ගඟ අසබඩ ඇති උස්බිමක පිහිටා තිබෙනවා..

සමන් දෙවොල අද වන විට සබරගමු පළාතේ ඓතිහාසික ස්ථාන අතුරින් ප්‍රධාන තැනක් උසුලනවා...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
796 වෙනි - මහ සමන් දේවාල පෙරහැර 🐘❤️ (Maha Saman Dewala Perahara) 796 වෙනි - මහ සමන් දේවාල පෙරහැර 🐘❤️ (Maha Saman Dewala Perahara) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 29, 2021 Rating: 5

0 comments:

Post a Comment