යෝගට්‍ හදමු 🥛🥛🥛 (Yogurt Hadamu)

යෝගට්‍ හදමු 🥛🥛🥛 (Yogurt Hadamu) - Your Choice Way
පහසුවෙන්ම ගන්න පුලුවන් යෝගට් මොකද ගෙදර හදන්නේ? ඔයාලට මෙහෙම හිතෙනවා නේද. මම කියන්නම් ඒ ඇයි කියලා. දැන් තියෙන කිරිපිටි වර්ග කොහොමත් ශරිරයට අහිතකර බව අපි හැමෝම දන්නවා. සමහර යෝගට් නිෂ්පාදන ආයතන මේ කිරිපිටි යොදා ගෙනත් යෝගට් හදනවා. ඒ විතරක් නො‍වේ කලක් නරක් නොවී තබා ගැනීමට විවිධ රසායනිකයන් එකතු කරනවා.(උදා:- E කාරක වර්ග) ළමයින්ට හොද පෝෂණයක් දෙන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා යෝගට් එකක් හැමදාම දෙන්න. ඔයාලට හිතාගන්න පුලුවන්නේ එතකොට මොකද වෙන්නේ කියලා. දැන දැන අපේ ළමයින්ගේ, අපේ ජිවිත අනතුරේ දමා ගන්න කවුද කැමති. ඒ නිසාවෙන් ගෙදර හදන දේවල්ම පුලුවන් තරම් අපේ කෑමට එකතු කර ගන්න අපි පුරුදු වෙමු.
දැන් අපි යෝගට් හදමු. හදන්න අවශ්‍ය වෙන්නේ,

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥛 නැවුම් කිරි 1L
  • 🥛 සීනී රස අනුව 
  • 🥛 යෝගට් 1 ½ 

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම කිරි සීනී එකතු කර නොනවත්වා කලවම් කර නටවා ගන්න.(තුන් සැරයක් විතර සැරින් සැරේ හොදින් නටවගන්න)
  2. ඉන්පසු ලිපෙන් බා ගෙන කිරි එකට ඇගිල්ල දාගෙන ටික වේලාවක් ඉන්න පුලුවන් වන තරමට කිරි එක නිවෙන්න තබන්න.
  3. එම කිරි එකට හොදැන් දිය වුණු යෝගට් එකතු කර කලවම් කර ගෙන භාජනයකට දමා හොදින් වසා පැය 8ක් අදුරු උණුසුම් තැනක තබන්න.
  4. ඉන්පසුව ශිතකරණයේ පැයක් 2ක් තබා රසවිදින්න.
අපිට මේ යෝගට් එක සති 2ක් විතර තියාගන්න පුලුවන්. අපිට මේ යෝගට් එකෙන් 1 ½  ක් ඉතිරි කරගෙන නැවත යෝගට් හදන විට මුහුම් වලට එකතු කර ගන්න පුලුවන්. එතකොට අපිට කඩෙන් යෝගට් ගන්න අවශ්‍ය වෙන්නේ නෑ.

මේ Yogurt හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
යෝගට්‍ හදමු 🥛🥛🥛 (Yogurt Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
යෝගට්‍ හදමු 🥛🥛🥛 (Yogurt Hadamu) යෝගට්‍ හදමු 🥛🥛🥛 (Yogurt Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2021 Rating: 5

0 comments:

Post a Comment