Kale Gahaka Mal Pipila Song Lyrics - කැලේ ගහක මල් පිපිලා ගීතයේ පද පෙළ

Kale Gahaka Mal Pipila Song Lyrics - කැලේ ගහක මල් පිපිලා ගීතයේ පද පෙළ
Song Title : Kale Gahaka Mal Pipila (කැලේ ගහක මල් පිපිලා)
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය : ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද : මඩවල එස්. රත්නායක


කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා

කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා

ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා
මලේ මහිම ඒ අතරේ මට හමුවෙනවා
සදා සතුට සිහින ලොවේ කිරුළු දරනවා

කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා

මා තනි වූ විටදී පමණි එ මල දකින්නේ
හිරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ
අඳුර සමඟ මොහොතක්‌ මට ඉන්නට දෙන්නේ

කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kale Gahaka Mal Pipila Song Lyrics - කැලේ ගහක මල් පිපිලා ගීතයේ පද පෙළ Kale Gahaka Mal Pipila Song Lyrics - කැලේ ගහක මල් පිපිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2021 Rating: 5

0 comments:

Post a Comment