පොල්ටර්ගයිස්ට් සහ හොල්මන (Poltergeist)

පොල්ටර්ගයිස්ට් සහ හොල්මන (Poltergeist) - Your Choice Way
ඔයාලා හොල්මන් ෆිල්ම් එහෙම බලනවානම් අහලා ඇති poltergeist ( පොල්ටර්ගයිස්ට් ) කියලා වචනයක් අද මන් කියලා දෙන්න යන්නේ ඒ වචනේ එන තේරුමයි.

ලංකාවේ හොල්මන් කියන්නේ නම් සෙලවෙන මනස කියලනේ හුගක් අය කියන්නේ එකට හේතු වන මගේ පුද්ගලික අදහස තමයි සමහරක් මෙන්න  මේ වගේ වචන වලට හරි තේරුමක් අපි දන්නේ නැහැ උදාහරණයක් වශයෙන් poltergeist යන වගේ වචන තේරුම් තියනවද අපි දන්නේ නැද්ද දන්නේ නැහැ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.

poltergeist කියන වචන හැදිලා තියෙන්නේ 19 වන ශතවර්ෂය මැද භාගය පමණ වෙද්දී මේක ජර්මානු වචනයක්.

Poltergeist, from poltern ‘create a disturbance’ + Geist ‘ghost’ ( poltern - බාධා කරන Geist - අවතාර ) යන ආකාරයෙන් අපිට හදුන්වන්න පිළුවන් . දැන් එතකොට පොඩි හරි වැටහීමක් එන්න ඕනි ඔයාලට මොකක්ද මේකේ තේරුම කියලා.

තේරුම තමයි අවතාරයක් හෝ යම්කිසි බලයකින් සෘජු බලපෑමකින් ශරීරයට හානි පැනවීම හෝ ශබ්ධ ඇතිකිරීම හා භාණ්ඩ එහා මෙහා විසිකිරීම් වශයෙන් කෙටියෙන් අපිට හදුන්වන්න පුළුවන්.

අපි දැන් බලමු Ghost vs Poltergeist කියන්නේ මොකද්ද කියලා.

ඇත්තටම මේ දෙක අතර ගොඩක් වෙනස්කම් තියනවා අවතාරයක් කියන්නේ ඇත්තටම අපිව දඩයම් කිරීමක් නමුත් Poltergeist කියන්නේ බධකිරීමක්.

ඇත්ත වශයෙන්ම අවතාර කියන්නේ මියගිය ආත්මයක්, අවතාරයක් අපට පෙනෙන්නේ සමහරක් විට විනිවිද පෙනෙන ශරීරයකින් වෙන්න පුළුවන් ඒ වගේම දුමක් වැනි දෙයක් වෙන්න පුළුවන්.

නමුත් Poltergeist අවස්ථාවේදී පුළුවන් ජිවත් ව සිටින අයෙක් ඔහුට නොදැනෙන ආකාරයට හසුරුවන්න.

අවතාරයක් කියන්නේ අපිට පෙනිලා නැතිවෙලා යන දෙයක් නමුත් Poltergeist කියන දේ එහෙම නොවෙයි.

සමහර න්‍යායන් වල කියවෙනවා අවතාර කියන්නේ ජීවමාන දෙයක් වගේම Poltergeist කියන්නේ බිහිසුණු මරණයක සෘණ ශක්තියක ප්‍රකාශනයක් කියලා ( දැන් එක එකා කියන්න එපා අවතාර කොහෙද ජීවමාන කියල මන් පුලුවන් තරම් පැහැදිලි කරන්නයි සරල භාෂාවෙන් කියන්නේ ) ඒ වගේම කියවෙනවා අවතාර කියන්නේ නිෂ්ක්‍රිය ආත්ම සහ Poltergeist කියන්නේ ආක්‍රමණශීලි ආත්ම කියලා.

ඒවගේම තවත් විශේෂ දෙයක් තමයි අවතාර කියන්නේ යම්කිසි ස්ථානයක බැදී පවතින දෙයක් කෙනෙක් මරපු ස්ථානයක් ඒවගේම දිගු කාලයක් ජීවත්ව සිටි ස්ථානය යනාදියයි නමුත් Poltergeist කියන්නේ එහෙම නෙමෙයි යම්කිසි ස්ථානයක මෙය බැදී නොපවතින අතර යම්කිසි විශේෂ වස්තුවක් හෝ විශේෂ පුද්ගලයෙක් පසුපස හබයයි නමුත් මෙහි භයානක කරුණ වන්නේ මෙය වෙලාවක පුද්ගලයන් කීපදෙනෙක් හෝ වස්තුන් කිහිපයකට බලපෑම් ඇතිකළ හැකියි.

අවසාන වශයෙන් අවතාර වල බලය සමහ‍ර කාලයක් පමණක් ඇතිවිය හැකි අතර Poltergeist අවස්ථාවේදී බලය අවස්ථාවෙන් අවස්ථාවට වැඩිවේ.

මෙම ලිපියෙන් ඔබට පොඩි හෝ දැනුමක් ලැබුණානම් එයයි සතුට.

ස්තුතියි ෆොක්ස්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පොල්ටර්ගයිස්ට් සහ හොල්මන (Poltergeist) පොල්ටර්ගයිස්ට් සහ හොල්මන (Poltergeist) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 09, 2021 Rating: 5

0 comments:

Post a Comment