Pol Ruppawe Song Lyrics - පොල්රුප්පාවේ ගීතයේ පද පෙළ

Pol Ruppawe Song Lyrics - පොල්රුප්පාවේ ගීතයේ පද පෙළ
Song Title : Pol Ruppawe (පොල්රුප්පාවේ)
ගායනය : චන්දන ලියනආරච්චි
සංගීතය : නිහාල් ගම්හේවා
ගී පද : නිහාල් ගම්හේවා


පොල්රුප්පාවේ දඟකල සෙල්ලම් ‍
සුළ‍‍ඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන්සැරේ ඔබ මා අමතක කරදා..
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්..

රෑ රැහැයි හ‍‍ඬේ දුක් ගීත රාවයේ..//
සවනේ..වැකුනේ..ගොළුවූ හඬක් ලෙසින්
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල්වේ හද සෙනෙහෙ පැතුම්..

ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ..//
කඳුලින්..පිරිලා..දෙනුවන් වැසී යාදෝ
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්..

පොල්රුප්පාවේ දඟකල සෙල්ලම් ‍
සුළ‍‍ඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන්සැරේ ඔබ මා අමතක කරදා..
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්.....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pol Ruppawe Song Lyrics - පොල්රුප්පාවේ ගීතයේ පද පෙළ Pol Ruppawe Song Lyrics - පොල්රුප්පාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2021 Rating: 5

0 comments:

Post a Comment