පනීර් හදමු 🧀🧀🧀 (Paneer Hadamu)

පනීර් හදමු 🧀🧀🧀 (Paneer Hadamu) - Your Choice Way
ඔයාලා දන්නවද ලුණු නැති Cheese හදන්න. අද අපි ලුණු නැති Cheese ඒ කියන්නේ පනිර් හදමු. පොඩි අයගේ ඉදලා ලොකු අපිටත් හරිම පෝෂණීය අපේ ආහාරයට එකතු කරගත යුතු දෙයක් තමයි මේ Paneer.එහෙනම් අපි බලමු පනිර් හදන්න අවශ්‍ය මොනවද කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🧀 නැවුම් කිරි 1L
  • 🧀 දෙහි මේස හැදි 2-3ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම කිරි ටික භාජනයකට දමා හොදින් නටන තුරු රත් කරගන්න. 
  2. ඉන්පසු නටන කිරිවලට මුලින්ම දෙහි මේස හැන්දක් එකතු කරන්න දැන් හොදින් කලවම් කරන්න. ටික වේලාවක් කලවම් කරමින් සිටින විට කිරි වතුරෙන් වෙන්වී කැටී ගැසිමට පටන් ගනී. එවිට තව දෙහි මේස හැන්දක් එකතු කර නොනවත්වා කලවම් කරන්න.
  3. ඉන්පසු කිරි වතුරෙන් වෙන්වී කැටී ගැසි ඇති විට (වතුර කොළ පාටට හුරු කහ පාටකට හැරේ) පිරිසිදු රෙදි කෑල්ලකට දමා මිරිකා වතුර ඉවත් කර ගන්න.
  4. හොදින් වතුර ඉවත් කරගැනීමට කුමක් හෝ බර දෙයක් රෙදි කෑල්ලෙන් ඔතා ඇති Paneer මිශ්‍රණය උඩින් තබන්න. තවත් වතුර ඉතිරි වී ඇත්නම් එවිට ඉවත් වේ. 
  5. දැන් හොදින් වතුර ඉවත් වු Paneer ඔතා ඇති රෙදි කෑල්ලත් එක්කම ශිතකරණයේ ටික වේලාවක් තබන්න. (එවිට කෑලි කැපිමට පහසු වේ.)
  6. ඉන්පසු කෑලි කපා අවශ්‍ය පරිදි සකසා ගන්න.

✅ වැදගත් :

  • 💡 ශිතකරණයක් නොමැති නම් මුලින් යෙදු බරත් සමඟම විනාඩි 30ක පමණ කාලයක් එලෙසින්ම තබන්න.)
  • 💡 ඔයාලට අවශ්‍යනම් Paneer ශීතකරණයේ තැබීමට පෙර කෑලි මිරිස් හෝ ගම්මිරිස් දමා කලවම් කර නැවත තදින් ඔතා ශීතකරණයේ තබන්න.
ඊලග Recipe එකෙන් Paneer වලින් හදන රස වෑංජනයක් මම ඔයාලට අරගෙන එන්නම්.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
පනීර් හදමු 🧀🧀🧀 (Paneer Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පනීර් හදමු 🧀🧀🧀 (Paneer Hadamu) පනීර් හදමු 🧀🧀🧀 (Paneer Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 06, 2021 Rating: 5

0 comments:

Post a Comment