Your Choice Way

Me Ayurin Api Song Lyrics - මේ අයුරින් අපි ගීතයේ පද පෙළ

Me Ayurin Api Song Lyrics - මේ අයුරින් අපි ගීතයේ පද පෙළ
Song Title : Me Ayurin Api (මේ අයුරින් අපි)
ගායනය : ටී. එම්. ජයරත්න
තනුව : ප්‍රේමසිරි කේමදාස
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ


මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..

සාලිය මාලා පෙම් බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇති..
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති..

මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..

අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇති..
සාගර ජලයත් මදි හැඬුවා මම
ඔබ හින්දා ඔබ දන්නෙ නැති..

මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..

ආත්ම ගණනේ ඔබෙ පය පාමුල
මගෙ කඳුලින් සේදෙන්න ඇති..
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇති..

මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Ayurin Api Song Lyrics - මේ අයුරින් අපි ගීතයේ පද පෙළ Me Ayurin Api Song Lyrics - මේ අයුරින් අපි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, August 16, 2021 Rating: 5

0 comments:

Post a Comment