ඔබේ හිසකෙසුත් අකලට සුදු වෙලාද? (Is Your Hair Prematurely White?)

ඔබේ හිසකෙසුත් අකලට සුදු වෙලාද? (Is Your Hair Prematurely White?) - Your Choice Way
ඔබේ හිසකෙස් සම්බන්ද ගැටලු වලට පිළියම් මෙන්න.නිරෝගි කලු පැහැති දිගු කෙස් කළඹකට අශා නොකරන කෙනෙක් නැත.

නමුත් වර්තමනයේ එවැනි කෙස් කැළඹක් දැක ගැනිමක් දුර්ලභය. ෂැම්පු, කන්ඩිෂනර්,ඔයිල් වර්ග හා විවිධ රෑපලාවන්‍ය නිපයුම් සුලභ වර්තමානයේ ඒ වැනි තත්වයක් උදා වි ඇත්තේ ඇයි? මොහොතකට සිතන්න. වෙළද දැන්වීම් හරහා ප්‍රචාරය කරන හා මවා පාන සියලු දේ ඒ අකාරයෙන්ම සිදුවෙනම් අද සමජයේ තරුණමෙන්ම මහලු වයසේ සිටින පිරිස්ද ඉතා සූරුපිහා නිරෝගී විය යුතු නොවෙද?මන්දයත් වයස් ගත භේදයකින් තොරව සියලු දෙනාම මං මුලා වී සිටින බැවිනි. ඇද හිස කෙස් ඩයි නොකරන කෙනෙකු සොයා ගැනිමට නොහැකිතරම්ය. අයුර්වේද රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහා පැමිනේන බොහෝ පිරිසගේ ගැටලු හිසකෙස් හා සම්බන්ධය.

* අකලට හිසකෙස් වැටීම/පැසීම

* කෙස් අග පැලිම

* තඹ පැහැ හෝ දුර්වර්ණ වීම

* වියළි බව

* හිස් හොරි ආදී ගැටළු වලින් ඔවුන් පිඩා විදියි.

ශරිරයේ උත්තම අංශය හිසයි. ශාකයක මුලට යොදන ජලය, පොහොර ආදී දේ නිසා ඒය හොදින් සරව දළුලා වැඩෙන්නා සේ හිසට යොදන ස්භාවික සත්කාර නිසා  හිස පමනක් නොව ශරිරයම නිරොගී වේ. සම මගින් කෙරෙනුයේ  උරා ගැනීමයි. අප ගල්වන ආලේප  හොද නරක කියා බෙදීමකින් තොරව ශරිරයට උරාගනියි. හිසට යොදන බොහෝ රසායනික ද්‍රව්‍යයන් අඩංගු නිෂ්පාදන ද  හිසේ චර්මය( හම ) මගින් උරාගනියි.  ශරිරයේ වැදගත්ම ඉන්ද්‍රයන් හිස තුලද පිහිටන නිසා මෙම ස්භාවිකත්ම්යට විරුද්ඩ්ධ දේ හිසට යේදීමෙන් ශරිරයම රෝගි වේ.

අප දැනගත යුතු තවත් කරුණක් නම් කොතරම් ස්වභාවික ඖෂධ යොදාගෙන නිපදවන ආලේපයක් වුවද කල් තබා ගැනිම, සුවඳ දීම, ආදී දේ සඳහා  යොදන රසායනික ද්‍රව්‍යය හේතුවෙන් එහි ස්වභාවික ගුණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

⭕ නිරෝගී දිගු කෙස් කළඹක් සඳහා නිවසේදී කළ හැකි ප්‍රතිකාර අපමණ ඇත.
* රක්තය (ලෙය ) දූෂණය කරන උෂ්ණාධික ආහාර වලින් ඈත් වන්න.

* පළා වර්ග, කොළ කැද නිතර ආහාරයට ගන්න.

* කෘතිම පැණි බීම වර්ග වලින් ඇත් වී නෙල්ලි, රසකිද රණවරා මල්, බෙලි මල්, ඉරමුසු ආදී පානයෙන්ට හුරුවන්න.

* මනස සන්සුන්ව තබාගන්න.

* හැකි හැමවිටම සන්සුන් ආහාර වෙලක් ගන්න.

* පිරිසිදු ජලය පානය කරන්න

⭕ හිසට යෙදිය හැකි ස්භාවික සත්කාර
⏺️ ඖෂධීය තෙල් වර්ගයක් හෝ පිරිසිදු පොල්තෙල් මදක් උණුසුම් කර හිසට දමා හිස පුරා හිස් කබලට තෙල් ගැවෙන සේ ඇගිලි තුඩූ වලින් රවුම් ආකාරයට හොදින් සම්භානය කරන්න (විනාඩි 20 )

⏺️ ෂැම්පු වෙනුවට - ගොඩපර ගෙඩි කැබලි කපා පවනේ වියළා, කුඩු කරන්න, සේපාලිකාකොළද ඒසේ සකසාගෙන උළුහාල් කුඩුද සම සමභාගව දමා පිරිසිදු බොතලයක අසුරා තබාගන්න.

⏺️ අවශ්‍ය විට නටන උණුවතුර පත1ට මෙයින් මේස හැදි 2ක් දෙහි බිංදු  කිහිපයක් දමා තැම්බෙන්න තබා හිසෙහි ආලේපකර විනාඩි 30 කින් පමණ නාන්න.(අවශ්‍යනම් බිත්තර සුදු මදයක්ද එක් කර ගතහැක.)

⏺️ පොකුරු වද මල් අඹරා ගා මෙසේ හිස සේදිමෙන් හිස් කෙස් දීප්තිමත් වේ. පහසුවෙන් හසුරවා ගත හැක.

දිනකට දෙවරක් දැති ලොකු පනාවකින් හොදින් හිස පිරන්න, කෙස් මුලට ක්‍රමවත්  රුධිර සැපයුමක් ලැබීමෙන් හොඩින් වර්ධනය වේ.

තද හිරු රශ්මිය ඇති විට ගමන් යන්නේ නම් කුඩයක් හෝ හිස් ආවරණයක් භාවිතා කරන්න

මෙසේ ස්භාවික ප්‍රතිකාර භවිතා කිරිමෙන් මිනිස් සිරුරේ උත්තමංගය වන් හිස රැක ගන්න. ඒමගින් අක්ෂි රෝග කර්ණ් රෝග ස්නායූ අබාධ ආදී බොහෝ උවදුරු වී ඔබ නිරෝගී වනවා ඇත.                   

ආහාර පානවල පෝෂණීය වැදගත්කම, නින්ද, ස්නානය කරන වෙලාව හා පීනස වැනි රෝග තත්ත්ව තිබේනම් ඒවාට නිසි පිළියම් ලබා ගැනීම ආදිය පිළිබඳවද අවධානය යොමු කළ යුතු වෙයි.

එක් එක් පුද්ගලයාගේ ශරීරයේ ප්‍රකෘතිය අනුව මෙහිදී ආයුර්වේදයට අනුව ඖෂධ නියම කරයි. ඖෂධීය තෙල් වර්ග ද රෝගියා අනුව වෙනස් වේ.  මීට අමතරව,
⏺️ දෙහිගැට, උළුහාල් තම්බා හිස සේදීම

⏺️ වෙරළු කොළ යුෂ මඟින් හිස සේදීම
ආදිය නිවසේදී කළ හැකි ඉතා සාර්ථක ප්‍රතිකාර වේ. 

⭕ හිසකෙස් සුදු වීමට විශ්මිත හෙල සත්කාර..
• නෙල්ලි ගෙඩි කෙස් වර්ධනයට යොදන මාහැඟි ඔෟෂධයකි. නෙල්ලි ගෙඩි කැබැලි කර පවනේ වියළා පොල් තෙල් සමඟ රත්කර සාදා ගන්නා තෙල් දිනපතා ගා මසාජ් කිරීමෙන් හිස කෙස් අකලට සුදු වීම පාලනය වේ.

• වියළි නෙල්ලි කැබැලි ජලයේ දමා රැයක් පොඟවා උදෑසන එම ජලයෙන් හිස සේදීමෙන් ක්‍රමානුකූලව කෙස් සුදුවීම සුව වේ.

• සෑම රාත්‍රියකම නෙල්ලි ගෙඩි ඉස්ම ස්වල්පයක් ඔලිව් තෙල් සමඟ මිශ්‍රකර හිස ගල්වා සම්බාහනය කරන්න.

• නැතහොත් නෙල්ලි ගෙඩි ඉස්ම ස්වල්පයකට දෙහි ඇඹුල් බින්දු කිහිපයක් මිශ්‍ර කර හිස ගල්වා මසාජ් කරන්න. මේ මඟින් කෙස්වල පෝෂණය වැඩි වී නව කෙස් කළු පැහැයට පත් වේ.

• කර පිංචා කොළ යුෂ, කොළ කැඳ හෝ සලාද ලෙස ආහාරයට ගැනීම කෙස්වල පෝෂණයට හේතු වේ. කරපිංචා කොළ ඉස්ම මොරු සමඟ මිශ්‍රකර පානය කිරීම කෙස් වර්ධනයට හේතු වේ.

• කරපිංචා කොළ පොල් තෙල්වල බැද පසුව එම කොළ ඉවත් කර ලබාගන්නා තෙල් හිස ගැල්වීමට සුදුසුය. මෙයද කෙස්වලට වටිනා පෝෂණ කාරණයකි.

⭕ ආරක්‍ෂාකාරී වර්ණකාරක
හෙනා පත්‍ර පොල් තෙල්වල බැද පසුව එම පත්‍ර ඉවත්කර තෙල් හිසේ ගැල්වීම මඟින් කෙස් කළු පාට වේ. හෙනා පත්‍ර පොල් තෙලින් අඹරා එම කල්කය කෙස්වල ගෑමෙන්ද කෙස් කළු පාට වේ.

අරලු, බුළු, නෙල්ලි, නිල් අවරිය පත්‍ර, ලෝහ අළු හා කීකිරිඳිය සමාන ප්‍රමාණයෙන් ගෙන බැටලු මුත්‍රයෙන් අඹරා කෙස්වල ආලේප කිරීමෙන් කෙස් කළු පැහැ වේ.

හිස කෙස් සුදු වීම වැළැක්වීම සඳහා මෙවැනි ස්වාභාවික විධික්‍රම අනුගමනය කිරීමෙන් වඩාත් සෞඛ්‍යාරක්‍ෂිතව හිස කෙස්වලට ප්‍රතිකාර කළ හැකිය. ඒ මඟින් කෘත්‍රිම රසායනික ආලේප වර්ග, ඩයි වර්ග භාවිතයෙන් ඇති වන අහිත කර තත්ත්ව ඇති නොවන බව ස්ථීර වශයෙන්ම කිව හැකිය.

⭕ හිසකෙස්වල තෙල් ආලේපයෙන් ඔබට ලැබෙන දේවල්..
 හිසේ ඇතිවන විවිධ ලෙඩ රෝග නැති වේ.

 හිසකෙස්වල මෘදු බව ඇතිවේ.

 හිසකෙස්වල දීර්ඝ බව ඇතිවේ.

 කෙස් දීප්තිමත් වේ.

 කෙස් බහුල වේ.

 පංචේන්ද්‍රයන් පෝෂණය වේ.

 මුහුණේ සම පැහැපත් වේ.

 මනස නිරවුල් කර හිස් බව නැති වේ

⏬ වටිනවනම් share කරන්නත් අමතක කරන්න එපා..විශ්මිත හෙළ ඔසු
ඔබේ හිසකෙසුත් අකලට සුදු වෙලාද? (Is Your Hair Prematurely White?) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඔබේ හිසකෙසුත් අකලට සුදු වෙලාද? (Is Your Hair Prematurely White?) ඔබේ හිසකෙසුත් අකලට සුදු වෙලාද? (Is Your Hair Prematurely White?) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 18, 2021 Rating: 5

0 comments:

Post a Comment