පැහැපත් සමකට හෙළ සත්කාර (Hela Sathkara)

පැහැපත් සමකට හෙළ සත්කාර (Hela Sathkara) - Your Choice Way
✅ සමේ විවිධ ස්වරූප
🍁 අපි හැමෝගෙම සම එක වගේ නැහැ . ඒ වගේම සමේ ස්වරූප කිහිපයක් තියෙනවා.

🌿 සමේ ප්‍රධාන වර්ග 04 කි.

🍁 සාමාන්‍ය සම
අධික තෙල් ගතියක් නොමැති , වියළි ගතියක්ද නොමැති, සුසිනිදු, ලප කැළල් වලින් තොර පැහැපත් සම සාමාන්‍ය සමයි.

🍁තෙල් සහිත සම
මුහුණේ T කලාපය (නළල, නාසය, නිකට සහ මුඛය වටා ප්‍රදේශය) අධික තෙල් සහිත නම්, සමහර විට සමේ කුරුළෑ තිබේනම් ඒ තෙල් සහිත සමයි.

🍁 වියළි සම
සම අභ්‍යන්තරයේ තෙල් නිෂ්පාදනය අඩුනම්, තෙතමනයෙන් තොර, කසන සුළු හා ඉරිතැලුන සම වියළි සමයි.

🍁 මිශ්‍ර සම
මුහුණේ T කලාපය (නළල, නාසය, නිකට සහ මුඛය වටා ප්‍රදේශය) තෙල් සහිත නම්, මුහුණේ අනෙකුත් ස්ථාන වියලි නම් එය මිශ්‍ර සමයි.

🌿 මීට අමතරව සම අනු කොටස් කිහිපයකට බෙදෙනවා.
🍁 වියපත් සම
🍁 සංවේදී සම
🍁 අදුරු / අවපැහැ  සම

✅ සම හදුනාගැනීම
🍁 සාමාන්‍ය සමක්ව හදුනාගන්න ගැටළුවක් නැහැනේ. ඒත් ඔබේ සම සාමාන්‍ය ‌‌නොවේ නම් ඔබේ සම ‌මොන වගේද? මේක සරල පරීක්ෂණයක්, ඔබට අවශ්‍ය වෙන්නේ ටිෂු එකක් විතරයි. උදේ නැගිට්ට ගමන් සම හොඳින් පිරිසිදු කරන්න. පැයකට පසු ටිෂු එකක් මුහුණ මත සම්පුර්ණය‌ෙන්ම විනාඩි 2 ක් අතුරා තබා ඉවත් කරන්න.

🍁 තෙල් සහිත සම - ටිෂු පේපර් එකේ තෙල් දකින්න පුළුවන්.

🍁 වියළි සම - ටිෂු පේපර් එක වියලියි.

🍁 මිශ්‍ර සම-  මුහුණේ T කලාපය (නළල, නාසය, නිකට සහ මුඛය වටා ප්‍රදේශය)  තෙල් සහිතයි.

🌿 සෑම විටම සමේ PH අගය සමානුපාතික වෙන ලෙස නිරෝගිව පවත්වා ගෙන යෑමට අප වග බලාගත යුතුයි.

🌿 දින 7 න් සුදුවෙන සමට අහිතකර රසායන ද්‍රව්‍ය වලින් තොර නිරෝගිමත්, ආකර්ෂණීය සමක් ඔබටත් අවැසියි නේද?  ඔන්න එහෙනම් සමේ PH අගය නිසි අගයක පවත්වාගනිමින් ඔබේ සමේ වර්ණය පැහැපත් කර ගත හැකි පහසු සත්කාර  කිහිපයක්.

⭕සාමාන්‍යයෙන් අපි සමට කරන ප්‍රධාන සත්කාර  කිහිපයක් තියෙනවා.

1. සම පිරිසිදු කිරීම.

☘️ ඔබේ සමේ රැදෙන දුහුවිලි, අපද්‍රව්‍ය සම අවර්ණ කරන අතර සමේ විවිධ තත්වයන් ඇති කරනවා. ඒ නිසා මුලින්ම සම පිරිසිදු කරගන්න අවශ්‍ය වෙනවා.  සම පිරිසිදු කිරිමේදී සබන් භාවිතා කරන්න එපා.ඒ සදහා වු ස්වභාවික සත්කාර කිහිපයක්  බලමු.

🍁 සාමාන්‍ය සමට
නැවුම් කිරි පුළුන් කැබැල්ලක ආධාරයෙන් මුහුණේ ආලේප කරන්න. ඊලගට එය සෝදා ඉවත් කරන්න.

🍁 තෙල් සහිත සමට
කඩල පිටි, කහ හා නැවුම් කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඊලගට සෝදා එය ඉවත් කරන්න.

🍁 වියළි සම
බිත්තර කහමද, මී පැණි හා කුඩු කරගත් ආමන්ඩ් ඇට කහ හා නැවුම් කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඊලගට සෝදා එය ඉවත් කරන්න.

🍁 මිශ්‍ර සම
පිපිඤ්ඤා හා මී කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඊලගට එය සෝදා ඉවත් කරන්න.

2. ස්ක්‍රබ් කිරීම

🌿 ඔබේ සමේ සෛල මිය යන බව ඔබ දැන සිටියාද? එසේ මිය යන සෛල සමේ එකතු වෙමින් තට්ටු ලෙස තැම්පත් වෙනවා. ඒ නිසා ඒ මඟින් සමග අව පැහැයක් මෙන්ම අවලස්සනක් එකතු වෙනවා. ඒවා ඉවත් කිරීම ස්ක්‍රබ් කිරීමයි.

🍁 මිශ්‍ර සමට හා තෙල් සහිත සමට
හාල්පිටි තේ හැදි 1ක්, රෝස වතුර තේ හැදි එකක් දෙහි  බිංදු කිහිපයක් මිශ්‍ර කර ආලේප කරන්න. ටික වේලාවක් තබා එය ඇඟිලි තුඩු වලින් රවුමට මෘදුව පිරිමදිමින් එය ඉවත් කර මුහුණ සෝදන්න.

🍁 වියළි සමට
කෙසෙල් ගෙඩි 1/2 ක්, ඕට්ස් තේ හැදි 2 ක් මී පැණි තේ හැදි 1ක් මිශ්‍ර කර ආලේප කරන්න. ටික වේලාවක් තබා එය ඇඟිලි තුඩු වලින් රවුමට මෘදුව පිරිමදිමින් එය ඉවත් කර මුහුණ සෝදන්න.

🍁සාමාන්‍ය සමට
සුදු හදුන් තේ හැදි 1 ක්, වෙනිවැල් ගැට තේ හැදි 1 ක්, මී පැණි තේ හැදි 1ක්, රෝස වතුර තේ හැදි 2 ක් මිශ්‍ර කර ආලේප කරන්න. ටික වේලාවක් තබා එය ඇඟිලි තුඩු වලින් රවුමට මෘදුව පිරිමදිමින් එය ඉවත් කර මුහුණ සෝදන්න.

3. ටෝනර් කිරීම

🌿 ටෝනර් මඟින් මුහුණේ රෝම කූප වැසීමක් සිදු වන්නේ නැහැ. මෙය විෂබීජ නාශකයක්ද වෙනවා.

🌿 පිපිඤ්ඤා යුෂ හා මීපැණි මිශ්‍ර කර ආලේප කරන්න.

🌿 පිපිඤ්ඤා යුෂ, කැරට් යුෂ, මින්චි යුෂ, ලෙමන් යුෂ එකට යොදා ආලේප කරන්න. මීපැණි, ලෙමන් යුෂ හා රෝස වතුර මිශ්‍ර කර ආලේප කරන්න. කෝමාරිකා, පිපිඤ්ඤා, කොමඩු හෝ කැරට් යුෂ වලට ලෙමන් බිංදු 08 ක් එක්කර ටෝනර් එකක්  සකස් කර ගන්න පුළුවන්.

✅ සම සුදු කිරීමට හෙළ සත්කාර

🍁 පළමු සත්කාරය

⏺️ තම්බාගත් අර්තාපල් ගෙඩි 01
⏺️ දෙහි ඉෂ්ම
⏺️ මී කිරි හෝ යෝගට්
⏺️ මීපැණි

🌿එකට මිශ්‍ර කර ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න. මෙම සත්කාරය සතියකට දින තුනක් කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉන්පසු සෝදා ඉවත් කරන්න.

🍁 දෙවන සත්කාරය

🌿 අල ගෙඩියකින් භාගයක් තම්බා ගන්න. අනෙක් භාගේ බෙලෙන්ඩ් කර ඊට රෝසවතුර එක් කර ගන්න.
⏺️ කස්තුරි කහ මේස හැදි 01
⏺️ සුදු හදුන් මේස හැදි 01

🌿 සියල්ල මිශ්‍ර කර සමට  ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න. ඉන්පසු සෝදා ඉවත් කරන්න.

🍁 තුන් වන සත්කාරය

🌿 ලප කැලල් මකා දමා කුරුළෑ පාලනය කර සම සුදු කිරීමට:
⏺️ කෝමාරිකා ජෙල් (මද) තේ හැදි 02
⏺️ සුදු හදුන් තේ හැදි 01
⏺️ දෙහි යුෂ තේ හැදි 01

🌿 සියල්ල මිශ්‍ර කර සමට  ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න. ඉන්පසු සෝදා ඉවත් කරන්න.

✅ අමතර සත්කාර

🍁 සුදු හඳුන් ඇල් දියෙන් ගලගා සමේ ආලේප කර මිනිත්තු තිහක්  පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා ඉවත් කරන්න .

🍁 කොකුම් පොතු, වැල්මී, වදකහ ඇල් දියෙන් මිශ්‍ර කර ගාන්න. සම සුදු  වෙනවා .

🍁 අමුකහ , කොහොඹ කොල අඹරා මිශ්‍රණය සමේ ආලේප කර මිනිත්තු තිහක්  පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා ඉවත් කරන්න .

🌿 තවද සමේ තෙතමනය නිසි පරිදි පවත්වා ගැනීම තුලින් PH අගය සමතුලිත වී සම වඩාත් පැහැපත් කිරීමට සමට බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් පෝෂණය ලබා දිය යුතු වෙනවා.

✅ ඔබේ සමට දිය හැකි පෝෂණය හා අමතර  සත්කාර
🍁 දිනකට පිරිසිදු ජලය වීදුරු 08 ක් පානය කරන්න.

🍁 කෘතිම සහ ක්ෂණික ආහාර පාන, පැණි රස දෑ, තෙල් සහිත දේවල් අඩු කරන්න.

🍁 කොමඩු, දොඩම්, දෙහි,තක්කාලි යුෂ, මිදි වැනි ජලය අඩංගු ආහාර නිතර ආහාරයට ගන්න.

🍁 රතු, කහ පැහැ එළවළු, පළතුරු නිතර ආහාරයට එක් කර ගන්න. එහි විටමින් ඒ බහුලයි.

🍁 බිත්තර, මුහුදු මාළු, ඇට වර්ග වැනි විටමින් B 2 අඩංගු ආහාර ලබාගන්න. මේ ආහාර ඔබේ සමේ කොලජන් ප්‍රතිශතය වැඩි කරන අතර සම වඩාත් පැහැපත් වෙනවා.

🍁 නිසි මානසික සුවය පවත්වා ගෙන සතුටින් ඉන්න.

🍁 ව්‍යායාම කරන්න.

🍁 දිනකට පැය හයකවත් සුව නින්දක් ලබාගන්න.

🍁 නිතර නාන්න. පිරිසිදුව ඉන්න.

🍁 හිරු එලියට යන විට සම ආරක්ෂා කරන ආලේපනයක් භාවිතා කරන්න.

🔅 ඔබේ සම නිසි ලෙස ආරක්ෂා කරමින් , පෝෂණය කරමින් රැක බලා ගන්නේ නම් සුදු වීමට වෙනත් රහස් අවශ්‍ය වන්නේ නැහැ . කෘතිම ප්‍රතිකාර ,ආලේපන, එන්නත්, පෙති වලින් අතුරු ආබාධ ලඟා කර ගන්නවාට වඩා ස්වභාව දහමට ලං වී එහි විශ්මිත රූ රහස් අත් විදින්න.

🙏 සියලු සත්වයෝ සුවපත් වේවා!🙏 විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පැහැපත් සමකට හෙළ සත්කාර (Hela Sathkara) පැහැපත් සමකට හෙළ සත්කාර (Hela Sathkara) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 24, 2021 Rating: 5

0 comments:

Post a Comment