නොකාම බැරි ගොරකා (Goraka - Garcinia Gummigutta)

නොකාම බැරි ගොරකා (Goraka - Garcinia Gummigutta) - Your Choice Way
ශරීරයට බොහෝ සේ ගුණ දෙන ඖෂධීය ගුණ පිරි ගොරකා (ක්ලූසියාසියේ) Clusiaceae ශාක පවුලට අයත් (ගාර්සීනියා ගුම්මි ගුටා) Garcinia Gummigutta යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගොරකා ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ සරුවට වැඩෙන බෝගයකි. වැඩුණු ගසක් අඩි 50-60 පමණ උසකින් යුක්ත වන අතර, මෙම ශාකයේ විශේෂත්වය නම් ස්ත්‍රී පුරුෂ මල් දෙවර්ගයම එකම ශාකයේ හට ගැනීමයි. ගැහැනු මල පිරිමි මලට වඩා විශාලය. ගොරක ශාකයේ මල් හට ගැනීම සිදු වන්නේ පෙබරවාරී සහ මාර්තු මාසවලය. පෙබරවාරි මාර්තු මල පිපිණු විට පත්‍ර හැලෙයි. අතු අග පෙති හතරක්‌ සහ රේණු රාශියකින් යුක්‌ත මල් කුඩයක හැඩය ගැනීම ද, පිරිමි මල් තුනක්‌ - හතරක්‌ එකම කුඩයක හැඩයෙන් ගෙඩිය හටගනී.

ගොරකා ප්‍රධාන වශයෙන් ඇඹුල් රසයෙන් යුක්ත වන අතර ඒ තුළ විටමින් සී බහුලව අන්තර්ගතය. ඊට අමතරව ජලය, ටාටරික් අම්ලය, පොටෑසියම් හා විවිධ විටමින් වර්ග රාශියක් මේ තුළ අඩංගු වේ. උෂ්ණ ගුණයෙන් සහ සැහැල්ලු ගුණයෙන් යුතු ගොරකාවල විස්මිත ගුණ එදිනෙදා ජීවිතයේදී වඩාත් ප්‍රචලිතව ඇත්තේ කුළුබඩුවක්, ආහාර රසකාරකයක් සහ ආහාර පරික්ෂකයක් ලෙසයි. ඊට අමතරව විශ්මිත ඖෂධීය ගුණයන් රාශියක් මේ මඟින් ශරීරයට ලබා දෙයි.

පුරාණ ග්‍රන්ථ අනුව චරක නම් මහා ඍෂි වරයෙකු පවසා ඇත්තේ හදවතට හිතකර දිව්‍යමය ආහාර දහයක් ඇති බවත්, ගොරකා ද ඉන් එකක් බවත්ය. ආයුර්වේදයේ දී රෝග ප්‍රතිකාරක සඳහා මෙහි පංචාංගයම යොදා ගන්නා බව ද කියැවේ.

රුධිරගත කොලෙස්ටරෝල් පාලනයටත්, හදවතේ ධමනි තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීම වළකාලීමටත් ගොරකා මහෝපකාරී වේ. මෙමඟින් සිරුර තුළ සංසරණය වන ලිපිඩ ප්‍රමාණය අඩු කිරීම නිසා රුධිරගත කොලෙස්ටරෝල්වල අහිතකර LDL කොලෙස්ටරෝල් අඩු වී, හිතකර HDL වර්ධනය වන බව කියැවේ. එමෙන්ම මෙමඟින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා කාර්යක්ෂම වී ප්‍රතිශක්තිකරණය ශක්තිමත් වේ. රෝගාබාධ හා ආසාදනවලට එරෙහිව ක්‍රියාත්මක වී උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සාමාන්‍ය රෝග වැළැක්වීමට හෝ ඉක්මනින් සුවපත් කිරීමට උපකාරී වේ. ආහාර රුචිය වර්ධනය කරන අතර ඉදිමුම්, දැවිලි, සන්ධි රෝග සමනය කරයි. ගොරකා ගර්භාෂ රෝගවලට ගුණදායක වන අතර විදුරුමස් රෝගවලට ද හිතකර වේ.

තරබාරුකම දුරු කිරීම සහ අනවශ්‍ය මේද දහනය ද ගොරකා මඟින් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභයන් ය. මෙමඟින් ඔබට සිහින් සිරුරක් ලබා ගැනීමට අනිවාර්යයෙන්ම හැකි වන අතර, ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට, ආහාරවල විෂ සමනයට, බඩවැල්වල පිළිකා වැළැක්වීමට මෙන්ම බිඳුණු අස්ථි ඉක්මනින් සුවපත් කිරීමට ද ගොරකා උපකාරී වේ. කැඩුම් බිඳුම් සඳහා ප්‍රතිකාර කිරීමේ දී ගොරකා පොතු සහ මල් යොදාගන්නා අතර වකුගඩුවල ඇති ගල්, කැබලි කිරීමේ ශක්තිය ද ගොරකා සතු ය. රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට ද ගොරකා උපකාරී වේ. එමෙන්ම ශරීරයේ තැල්මට ද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

රක්තවාතය, වණ, බඩවැල්වල රෝග සහ සත්ව රෝග සඳහා ද ඖෂධ සැකසීමට ගොරකා යොදා ගනියි.

බලයා, කෙලවල්ලා වැනි සැර මාළුවලින් ඇති විය හැකි අසාත්මිකතා වැළැක්වීමට, ඒවායේ ඇති හිස්ටමින් නැමැති රසායනය ගොරකා මඟින් 80%කින් උදාසීන කරන බව සොයා ගෙන ඇත.

මීට අමතරව දේශීය කෙම් ක්‍රම සහ ශාන්ති කර්ම සඳහා ද ගොරකා යොදා ගනු ලබයි. කිරි පට්ටි හිමි ගොවියන් තමන්ගේ පට්ටියේ කිරි දෙනුන් නිරන්තරයෙන්ම අසනීපවලට ගොඳුරු වන විටත්, දෙනුන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණය අඩු වන විටත් විවිධ කෙම් ක්‍රම භාවිත කරයි. තමන්ගේ ගව පට්ටියට ඇතුළුවෙන ස්ථානයේම 'ගොරක' පැළයක් සිටුවීම ද මේ කෙම් ක්‍රමයකි. මේ සඳහා ගොරක පැළයක්ම තෝරා ගන්නේ විශේෂ හේතුවක් නිසාය. ගොරක විසන්ධි කළ විට 'ගෝ+රක' ලෙස යෙදේ. එහි අර්ථය ගවයන් රකින්නා යන්නයි. ගැමි විශ්වාසය අනුව ගවයන් රකින්නේ ගොපලු දෙවියාය. ගොපලු දෙවියන් වැඩ වාසය කරන ගොරක ගසක් ගව පට්ටියට ඇතුළු වෙන තැනම සිටුවීමෙන් එම ගසට ගොපලු දෙවියන් වැඩ තම ගව පට්ටිය ආරක්‍ෂා කරයි යන විශ්වා­සය ගැමියා තුළ වෙයි. 

ආයුර්වේදයේ දී ගොරකාවල පංචාංගයම භාවිතයට ගන්නා අතර එදිනෙදා ජීවිතයේ දී ගොරකා ගෙඩිය පළා, අව්වේ වියළා ආහාර රස කිරීමට යොදා ගනු ලබයි. මාළු ඇඹුල් තියල්, පොළොස් ආදී ව්‍යාංජන රසවත් කිරීමට ගොරකා අත්‍ය­වශ්‍ය ය. ගොරකා මදවලින් තෙල් සිඳ ගැනීමෙන් ඒවා ඖෂධයක් ලෙස භාවිතයට ගනු ලබයි. පානයක් ලෙස ද ගොරකා පිළියෙළ කර ගත හැකි අතර එය ඔබට නිවසේ දී ම සිදු කරගත හැකි ය. 

නීරෝගී ජීවිතයක් පිළිබඳ සිහින මවනා එහෙත් කාර්යබහුල ජීවන රටාව තුළ බොහෝ විට ඔබ මඟහරින අපගේ කුළුබඩු වෙනුවට ඔබ රසකාරක විෂ කාරක එකතු කළ කෘත්‍රිම සෝස් වර්ග, රසකාරක වැනි ශරීරයට අතිශයින්ම අහිතකර නිෂ්පාදනවලින් බැහැරව මෙවැනි ඖෂධ ගුණ ඇති අපේම ස්වභාවික කුළු බඩු පරිභෝජනයට හුරු වීම මඟින් දේශීය ගොරකා නිෂ්පාදකයා හට මනා අත්වැලක් ලබා දෙනවා මෙන්ම, අනාගත දරු පරපුර ද නීරෝගිමත් කර ගත හැකි.

වටිනවනම් share කරන්නත අමතක කරන්න එපා..
නොකාම බැරි ගොරකා (Goraka - Garcinia Gummigutta) - Your Choice Way

නොකාම බැරි ගොරකා (Goraka - Garcinia Gummigutta) - Your Choice Way


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නොකාම බැරි ගොරකා (Goraka - Garcinia Gummigutta) නොකාම බැරි ගොරකා (Goraka - Garcinia Gummigutta) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2021 Rating: 5

0 comments:

Post a Comment