Sihina Nelum Mal Song Lyrics - සිහින නෙළුම් මල් ගීතයේ පද පෙළ

Sihina Nelum Mal Song Lyrics - සිහින නෙළුම් මල් ගීතයේ පද පෙළ
Song Title : Sihina Nelum Mal (සිහින නෙළුම් මල්)
ගායනය : මරිසසෙල් ගුණතිලක
ගී පද : අජන්තා රණසිංහ
සංගීතය : රොෂාන් ද සිල්වා


සිහින නෙළුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා
මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා

බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ
මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ
සුළැඟිල්ල පටලා හෙට යං පුතේ
ඇවිදින්නට මා හා මිදුලේ වටේ

අම්මා කියූ නාමේ ම‍ට දුන් පතේ
රාජිණියකි දැන් මා පුතුගේ පිනින්
හැම මව්වරුන් සේ අම්මා නුඹේ
සතුටින් හිඳිමි පිහිනා පුතුගේ නමින්

පුතු දකින උදයේ හැමදාම දැං
නව දවසකි මට නම් දෙන වාසනා
හිරු සඳු දවල් රෑ මට පායනා
පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ

සිහින නෙළුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා
මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihina Nelum Mal Song Lyrics - සිහින නෙළුම් මල් ගීතයේ පද පෙළ Sihina Nelum Mal Song Lyrics - සිහින නෙළුම් මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 19, 2021 Rating: 5

0 comments:

Post a Comment