Your Choice Way

බුදුදහමේ මුල්ම ආරාම - මිහින්තලේ අටසැටක් ලෙන් (Mihinthale Atasatak Len)

බුදුදහමේ මුල්ම ආරාම - මිහින්තලේ අටසැටක් ලෙන් (Mihinthale Atasatak Len) - Your Choice Way

ජූනි මාසය ළංවන විට අපට මතක් වන්නේ පොසොන් පෝය යි. වෙනත් අවුරුදුවල නම් පොසොන් එකට අනුරාධපුරය, මිහින්තලේ අතුරු සිදුරු නැතිව බොදු බැතිමතුන්ගෙන් පිරීගියත් කොවිඩ් අවදානම ඉහළ ගොස් ඇති නිසා මේ පාරත් ගෙදර ඉඳන්ම පොසොන් සැමරීමට සිදුව තිබෙනවා. ඉතින් මිහින්තලේ වන්දනා කරන වැඩිදෙනෙක් අවධානය යොමු නොකරන ලංකාවේ මුල්ම ලෙන් ආරාම සංකීර්ණය ගැන තොරතුරු ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් තමයි මේ.

මහින්දාගමනය....
මහාවංශයේ 13 වෙනි පරිච්ඡේදයේ සඳහන් පරිදි මහින්දාගමනය සිදුවූයේ පොසොන් පොහෝ දිනක දී යි. ඒ අනුව ගණනය කරන විට මහින්දාගමනය සිදු වන්නේ ක්‍රිස්තු පූර්ව 308 හෝ 307 දී පමණ පොසොන් පුන් පොහෝ දිනක බව ඉතිහාසඥයන් පවසනවා. මිහින්තලය හා රජගලින් හමු වූ සෙල්ලිපි මේ කරුණට පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය ලෙස ද සඳහන් කළ හැකියි. මහින්දාගමනය සම්බන්ධව දීපවංසය, මහාවංශය, සමන්තපාසාදිකාව, මහාබෝධි වංසය ආදි පාලි කෘතීන්වල සහ පූජාවලිය, සිංහල බෝධිවංසය ආදි සාහිත්‍ය මූලාශ්‍රයයන්වල සඳහන් වෙනවා.

රජ පිරිසට බුදුදහම...
මිහිඳු හිමියන් විසින් මුලින්ම දෙවනපෑතිස් රජ ඇතුළු පිරිවර බුදු සසුනෙහි පිහිටුවූ අතර රජුගෙන් තෙරුන් ගුණ අසා සිටි අන්ත:පුර ස්ත්‍රීන් වෙනුවෙන් රජ මාළිගාව තුළ කළ ධර්ම දේශනාවක් ද පැවැත්වුණා. අනුරපුර අගනුවර වැසියන් වෙනුවෙන් මාළිගාවේ ඇත්හලෙහි ධර්ම දේශනාවක් පැවැත්වූ බව සඳහන්. නුවර දකුණු දොරින් පිට පිහිටි නන්දන උයනේත්  ප්‍රසිද්ධ ධර්ම දේශනාවක් පැවැත්වුණා. මහාවංශයේ දැක්වෙන්නේ ලක්වැසියන් මේ නව ආගමික සම්ප්‍රදායට සීඝ්‍රයෙන් කැමැත්ත දැක්වූ බව යි. 

ලක්දිව බොහෝ පෙදෛස්වලට මුල් කාලයේම  බුදු සමය පැතිරී ගියා. ඒ බව පුරාවිද්‍යාත්මකව සනාථ කරන්නේ ක්‍රිස්තු පූර්ව 3 සියවසේ සිට ඇරඹී ලක්දිව පුරාම පැතිරී ගිය ආරාම පූජා, ලෙන් පූජා විෂයෙහි ලියැවී ඇති 1400කට අධික සෙල්ලිපි මාලාව යි.

අටසැටක් ලෙන්...
මිහින්තලා කඳුවැටියේ ආදිතම ස්මාරක ලෙස සැලකිය හැක්කේ කණ්ටක චේතිය අවට කඳු බැවුමේ පිහිටි අටසැටක් ලෙන් සංකීර්ණය යි. මුලින්ම මිහින්තලාවට පැමිණ පසුව අනුරාධපුර නගරයට ගිය මිහිඳු හිමියෝ ඒ නාගරික වටපිටාව බවුන් වැඩීමට යෝග්‍ය නොවන බව පවසා යලිත් මිහින්තලාවට වැඩම කරනවා. එසේ පැමිණෙන මිහිඳු හිමි ප්‍රමුඛ භික්ෂු පිරිසට වාසයට සකස්කර දෙන්නේ කඳු බෑවුමේ පිහිටි වනගත ලෙන්. මෙහි ලෙන් 68ක් සකස්කර පූජා කළ බව සඳහන් වන අතර, ඒවා 'අටසැටක් ලෙන්' වශයෙන් මහාවංශය සඳහන් කරනවා. ඒවා කරවන ලද්දේ දේවානම්පියතිස්ස රජුගේ නියමය පරිදි බව යි පැවසෙන්නේ. ඒ සඳහා රාජකීය පවුලේ සාමාජිකයන් ද දායක වූ අයුරු අදටත් හෙළිදරව් කරන්නේ බ්‍රාහ්මී අක්ෂරයෙන් කොටා ඇති ලංකාවේ පැරණිම සෙල්ලිපි සමූහය යි. ක්‍රි. පූ. තුන්වැනි සියවසට අයත් එම ලිපිවලින් බුදු සසුනේ මුල්ම අවස්ථාව පිළිබඳ කරුණු හෙළිදරව් වෙනවා. එමෙන්ම සිංහල අක්ෂර මාලාවේ විකාශය හැදෑරීමේ දීත් එම සෙල්ලිපි උපකාරී වෙනවා.

මෙම ලෙන් ඉතා සරල යි. ඒවා සමහරක පසුකාලීනව ගඩොල් බිත්ති බැඳ තිබුණු බවට සාධක හමුවෙනවා. මුල් යුගයේ භික්ෂූන්ගේ සරල ජීවිතය අදටත් මේ ලෙන් පැහැදිලි කරනවා. නමුත් පසුකාලීනව බුදුදහමට රාජකීය අනුග්‍රහය විශාල වශයෙන් ලැබෙන්නට වූ අතර ඉන්පසු භික්ෂූන් උදෙසා පහසුකම් පිරි ආරාම ඉදිකිරීමත් ආරම්භ වී තිබෙනවා.

රාජකීයයන්ගේ ලෙන් පූජා....
මිහි­න්තලේ ආරාම සංකී­ර්ණයේ ලෙන්වල කොටා ඇති පූර්ව බ්‍රාහ්මී හා අපර බ්‍රාහ්මී ලෙන්ලිපි 75ක් පමණ පළකර තිබෙනවා. එම ලෙන්ලිපි මිහි­න්තලා කන්ද, අනෛ­යි­කුට්ටි කන්ද, රාජ­ගිරි ලෙන කන්ද යන ස්ථාන­වල පැතිර තිබෙනවා. වනගත ස්වභා­වික ලෙන් පද්ධ­ති­යක් මුල් කර­ගෙන ආරම්භ වූ ස්වාභා­වික ලෙන් සංඝයා වහ­න්සේගේ වාස­ස්ථාන ලෙස සකස් කිරීමේ ක්‍රියාවලියේ දී, ඒවායේ කටා­රම් කොටා, වැසි ජලය ගුහාව තුළට පැමි­ණීම වළක්වා තිබෙනවා. එම ලෙන් සකස්කර භික්‍ෂු සංඝයා සඳහා පූජා කළ පුද්ග­ල­යාගේ විස්තර ද කටා­රමට පහ­ළින් සෙල්ලිපියක් ලෙස කොටා තිබෙනවා.  

දේවානම්පියතිස්ස රජුන් ඇතුළු පවුලේ සාමාජිකයන් ද, ප්‍රාන්ත රජවරුන් හා රටේ ප්‍රභූ පුද්ගලයන් ද මේ ලෙන් පූජා කළ පිරිස අතර සිටිනවා. 'ගාමිණීතිස්ස' (ගමණිතිස) හා 'දේවානම්පියතිස්ස' (දෙවනපියතිස) ලෙස ලෙන් ලිපිවල සඳහන්කර ඇත්තේ දේවානම්පියතිස්ස රජු බව ඉතිහාසඥයන් සඳහන් කරනවා. 'ගමණි උති' යනු ඔහුගේ සොයුරු උත්තිය රජු බවත් හඳුනාගෙන තිබෙනවා. උත්තිය රජුගේ බිරිය වූ සුමනාදේවි මෙන්ම දියණිය තිසා ද ලෙන් පූජා කළ පිරිස අතර සිටිනවා. 'වරුණදත්තා උපාසිකාව' ලෙස සඳහන්කර ඇත්තේ දෙවනපෑතිස් රජුගේ බිසවගේ සොයුරිය යි. 'රාමදත්තා' යනු දෙවනපෑතිස් රජුගේ බිසව යි. 'ගාමිණීතිස්ස' ලෙස සඳහන් වන තවත් ලිපියක අක්ෂරවල කාලය අනුව එහි සඳහන් වන්නේ දුටුගැමුණු රජුගේ සොයුරු සද්ධාතිස්ස බව මහාචාර්ය පරණවිතාන නිගමනය කරනවා. 'දිපරාජ' යන විරුදාවලිය ලත් රජකු ගැනත් මේ ලෙන්ලිපිවල සඳහන් වෙනවා. 'කණගම තිස්ස' නම් රජකෙනකු ගැනත් ඔහුගේ දියණිය වූ 'ශවෙර' ගැනත් තවත් ලිපියක දැක්වෙනවා.

මේ ලිපිවල සේනාපති, භාණ්ඩාගාරික, සහ අධ්‍යක්ෂකෙනකු ද සඳහන් වෙනවා. මේ බොහෝ දෙනා පරුමකවරු හෙවත් ප්‍රධානින් ලෙස යි හඳුන්වා තිබෙන්නේ. දෙවනපෑතිස් රජ කාලයෙන් පසුවත් දිගටම ලෙන් පූජා කළ බව සද්ධාතිස්ස රජුගේ කාලයට අයත් ලෙන් පැවතීමෙන් පෙනෙන කරුණක්. මිහින්තලේ විහාරයේ වාසය කරන භික්ෂු සංඛ්‍යාව ඉහළ ගිය විට යලි යලිත් ලෙන් කටාරම් කොටා වාසයට සුදුසු පරිදි සකස්කර පූජා කිරීම සිදුව තිබෙනවා. මේ සෑම ලෙනක්ම පූජාකර ඇත්තේ 'සතරදිගින් පැමිණි නොපැමිණි භික්ෂූන්වහන්සේගේ ප්‍රයෝජනය උදෙසා' බව ඒවායේ කොටා තිබෙනවා (අගත අනගත චතුදිශ ශගශ දිනෙ). දැන් මෙන් නිකාය භේදයක් එකල නොපැවතීම එයට හේතුව යි.

මහින්දාගමනය තහවුරු කළ සෙල්ලිපි සාධක....
දෙවනපෑතිස් රජුගේ ඇවෑමෙන් රජ කිරුළ දරන්නේ ඔහුගේ සොයුරු උත්තිය කුමරු යි. ඔහු රජ වී  8 වන වර්ෂයෙහි මිහිඳු රහත් හිමියන් පිරිනිවන් පානවා. උන්වහන්සේ පිරිනිවන්පාන්නේ වප් මස (ඔක්තෝබර්) මස පුර පක්ෂයෙහි අටවක දා බව මහාවංශයේ සඳහන් වෙනවා. බද්ධමාලකයේ කළ ආදාහන පූජෝත්සවයෙන් පසු මිහිඳු හිමියන්ගේ ධාතු ගෙන්වා ගන්වාගත් උත්තිය රජු අනුරාධපුරයේ ද, සෑගිරි වෙහෙරේ ද, සියලු විහාරයන්ගේ ද සෑ බැඳවූ බව සඳහන් වෙනවා.

මිහිඳු හිමියන්ගේ ධාතු තැන්පත්කර තැනූ දාගැබක් අම්පාර රජගලින් හමුවී තිබෙනවා. නටබුන් ඒ දාගැබ අසල පර්වතයේ කොටා ඇති සෙල්ලිපියේ මෙසේ සඳහන් වෙනවා:

“යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉදික තෙර මහිද තෙරහ තුබෙ”

පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් යුතු පාඨය සහිත එම සෙල්ලිපියේ සඳහන් වන්නේ, 'මිහිඳු හිමියන්ගේ හා ඉත්තිය හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත්කර තැනූ දාගැබ මෙය' කියලයි.

මිහින්තලය සෑගිරිය වෙයි......
දේවා­න­ම්පි­ය­තිස්ස රජුගේ තිස්හත් වැනි රාජ වර්ෂයේ දී සෑගි­රි­ය විහා­රයේ නව­කම් සිදුකර තිබෙනවා. ඊට පසුව උත්තිය රජුගේ රාජ්‍ය පාලන සමයේ දී මහින්ද මහ රහතන්වහන්සේගේ ධාතූන් කොටසක් තැන්පත්කර සෑගි­රියේ සෑයක් බඳවා තිබෙනවා. එසේම මිහි­න්ත­ලාව ටික කලක් යනවිට 'සෑගි­රිය' ලෙස හැඳින්වූ බව සඳහන් වෙනවා. එහි දාගැබ් බහුලව තිබීම නිසා ඒ නම ලැබී ඇති බව යි පේන්නේ. එළාර රජු සෑගි­රි­යට ගොස් පැමි­ණීමේ දී ඔහුගේ රථය දාගැ­බක වැදී එහි කොට­සක් කැඩී­ගිය බව මහා­වං­සයේ සද­හන් වෙන කරුණක්. ලඤ­ජ­තිස්ස රජු (ක්‍රි. පූ. 119-109) සෑගිරි විහා­රයේ ඇති කටු­සෑයේ ධාතු ගර්භය කර­වන ලද බවත්, කූඨ­ක­ණ්න­තිස්ස රජු (ක්‍රි. පූ. 41-19) සෑගි­රියේ පොහො­ය­ගෙය හා ශිලා ස්ථුපය බැඳ­වීම ගැනත් සඳහන් වෙනවා.  භාති­කා­භය රජු (ක්‍රි.පූ 19 ක්‍රි.ව 09) සෑගිරි විහා­රයේ භික්‍ෂූන්ට සලාක දානය දුන්බව මහාවංශය තවදුරටත් පවසනවා.

ලෙන් පූජා කළ විවිධ පුද්ගලයන්.....
මිහි­න්තලේ දැකිය හැකි ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපිවල, මහ­රජ, ගපති, උප­ශික, පරු­මක, බත, ගමික, ගමණි, බ්‍රහ්මණ යන පදවි දැරූ පුද්ග­ල­යන් විසින් එම ලෙන් පූජා කර තිබෙන බව සඳහන්. මිහි­න්තලේ ඇති පූර්ව හා අපර බ්‍රාහ්මී අභි­ලේ­ඛන අතර රාජ­කීය පද­විය සහිත 'මහ­රජ' හෝ, රජ පද­විය දැරූ පුද්ග­ල­යන් කිහිප දෙනෙක්ම සිටිනවා. ඒ අතර අතර 'මහ­රජ ගමණි තිස්ස', 'දෙව­න­පිය මහ­රජ', 'දීප­රජ', 'ගමණි ධම්ම­රජ', 'ගමණි උති මහ­රජ' යනු­වෙන් සඳ­හන්ව තිබෙනවා. මිහි­න්ත­ලෙන් හමු වන පරු­මක ශිලා ලිපි අතර, 'පරු­මක බඩ­ග­රික (භාණ්ඩා­ගා­රික), 'පරු­මක චුඩ' (මැණි­ක්කරු) ආදී තන­තුරු දැරූ­වන් විසින් ලෙන් පූජා කෙරුණු බව හඳු­නා­ගත හැකියි. 

................අන්තර්ජාලය ඇසුරෙනි.............දැනුම සොයන්න මේ පාරෙන් එන්න.....
බුදුදහමේ මුල්ම ආරාම - මිහින්තලේ අටසැටක් ලෙන් (Mihinthale Atasatak Len) - Your Choice Way

බුදුදහමේ මුල්ම ආරාම - මිහින්තලේ අටසැටක් ලෙන් (Mihinthale Atasatak Len) - Your Choice Way

බුදුදහමේ මුල්ම ආරාම - මිහින්තලේ අටසැටක් ලෙන් (Mihinthale Atasatak Len) - Your Choice Way

බුදුදහමේ මුල්ම ආරාම - මිහින්තලේ අටසැටක් ලෙන් (Mihinthale Atasatak Len) - Your Choice Way

බුදුදහමේ මුල්ම ආරාම - මිහින්තලේ අටසැටක් ලෙන් (Mihinthale Atasatak Len) - Your Choice Way

බුදුදහමේ මුල්ම ආරාම - මිහින්තලේ අටසැටක් ලෙන් (Mihinthale Atasatak Len) - Your Choice Way

බුදුදහමේ මුල්ම ආරාම - මිහින්තලේ අටසැටක් ලෙන් (Mihinthale Atasatak Len) - Your Choice Way

බුදුදහමේ මුල්ම ආරාම - මිහින්තලේ අටසැටක් ලෙන් (Mihinthale Atasatak Len) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බුදුදහමේ මුල්ම ආරාම - මිහින්තලේ අටසැටක් ලෙන් (Mihinthale Atasatak Len) බුදුදහමේ මුල්ම ආරාම - මිහින්තලේ අටසැටක් ලෙන් (Mihinthale Atasatak Len) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, July 02, 2021 Rating: 5

0 comments:

Post a Comment