Mal Yahanawaki Loke Song Lyrics - මල් යහනාවකි ලෝකේ ගීතයේ පද පෙළ

Mal Yahanawaki Loke Song Lyrics - මල් යහනාවකි ලෝකේ ගීතයේ පද පෙළ
Song Title : Mal Yahanawaki Loke (මල් යහනාවකි ලෝකේ)
ගායනය : එම්. එස්. ප්‍රනාන්දු
සංගීතය : ප්‍රේමලාල් දන්වත්ත, ෂෙල්ටන් පෙරේරා
ගී පද : කරුණාරත්න අබේසේකර
ඩොමී ජයවර්ධනයන්ගේ සිංගප්පූරු චාලි චිත්‍රපටියෙන්


මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ

යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී //
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ

ඊයේ ගතවිය හෙට පැමිණී නැත
අද පමණයි ඇත්තේ
අද පමණයි ඇත්තේ //
සඳ බැස යාවිද‍ ඉරු නැග ඒවිද
එය ස්ථිර නැත්තේ
එය ස්ථිර නැත්තේ //

සිතෙහි සතුට නැත සදහට පවතින්නේ
ලැබුණු තැනදි ඇයි සිතමින් ළතවෙන්නේ

මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ //
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී //
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ

රන්වන් පැහැයෙන් රහසින් අමතන
මීවිත අතට ගමු
මීවිත අතට ගමු //
මල් මදිරාවේ පෙම් සිළිලාරෙ
රසවිද ඔකඳ වෙමු
රසවිද ඔකඳ වෙමු //

පියා සලාගෙන කාලය පියඹනවා
පමා වුනෝතින් අප මග තනිවෙනවා

මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ //
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී //
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ

අඬමින් ඉපදී අඬමින් පසු වී
අඬමින් අප යන්නේ
අඬමින් අප යන්නේ //
එහෙනම් චුට්ටක් විනෝද වෙමු අපි
ඇයි බල බල ඉන්නේ
ඇයි බල බල ඉන්නේ //
පළ නැත අවුරුදු සියයක් සුසුම් හෙලා
දවසක් ජීවත් වෙමු අපි උදම් වෙලා

මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ //
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී //
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Yahanawaki Loke Song Lyrics - මල් යහනාවකි ලෝකේ ගීතයේ පද පෙළ Mal Yahanawaki Loke Song Lyrics - මල් යහනාවකි ලෝකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2021 Rating: 5

0 comments:

Post a Comment