Dama Yannata Song Lyrics - දමා යන්නට ගීතයේ පද පෙළ

Dama Yannata Song Lyrics - දමා යන්නට ගීතයේ පද පෙළ
Song Title : Dama Yannata (දමා යන්නට)
ගායනය : සෝමතිලක ජයමහ
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය :  රෝහණ වීරසිංහ


දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි...
මිදී ‍යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි...

බැදී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ වුන්
ලබැදි සිත් මල් පරව යනවිට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක් මය සසර මඟ දකිනා...

දමා යන්නට...//

බැදුනු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පන නල සමඟ රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ ‍නියත නික්මන සියළු බැමි සිදිනා...

දමා යන්නට...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dama Yannata Song Lyrics - දමා යන්නට ගීතයේ පද පෙළ Dama Yannata Song Lyrics - දමා යන්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 23, 2021 Rating: 5

0 comments:

Post a Comment