චොකලට් කුකීස් හදමු (Chocolate Cookies Hadamu)

චොකලට් කුකීස් (Chocolate Cookies) - Your Choice Way
අද මම ☕ වෙලාවට හැදුවා රසම රස කැමක් . චොකලට් කුකීස් . දෙවිදියකට හැදුවා . එකක් පයිපින් බැග් එකකට 1M නොසල් එක දාලා . අනික් විදිය චොක්ලට් චිප්ස් කලවම් කරලා උඩිනුත් තිබ්බා . හරිම රසයි. 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි  200 g
  • සීනි  150g (කුඩු කර ගත්)
  • මාජරීන්  100g
  • කොකෝ පවුඩර් 25g
  • බිත්තර 1 
  • වැනිලා තේ හැඳි 1 
  • පිටි කිරි හෝ ෆ්‍රෙශ් මිල්ක් මේස හැදි 3 
  • බේකින් පවුඩර් තේ හැඳි 1 /2

✅ සාදා ගන්නා ආකාරය:

  1. පලමුව පාන් පිටි එකට බේකින් පවුඩර් එකතු කර පෙනේරයකින් හලා  පැත්තකින් තබන්න .
  2. භාජනයකට කාමර උශ්නත්වය බටර් දමා බීට් කරන්න .පසුව එයට කුඩු කර ගත් සීනි එකතු කර නැවතත් බීට් කරන්න . දැන් එයට  වැනිලා එකතු කර තව ටිකක් බීට් කරන්න . කොකෝ පවුඩර් එකතු කර බීට් කරන්න . අවසානෙට කිරි එකතු කර ටිකක් වෙලා බීට් කරන්න . 
  3. දැන් පාන් පිටි ටික ටික මිශ්‍රණයට එකතු කරමින් spatula එකකින් හෝ හැන්දකින් කලවම් කරන්න . 
  4. බේකින් ට්‍රේ එකට මාජරීන් ගා තෙල් කඩදාසියක් එලා එහිත් මාජරීන් ගාන්න .
  5. දැන්  පයිපින් බැග් එකක් ගෙන තුඩ ටිකක් කපා නොසල් එක දමා බේකින් ට්‍රේ එක උඩ පයිප් කරන්න . මම බාගයක් එහෙම කලා .
  6. අනිත් බාගෙට චොක්ලට් චිප්ස් ටිකක් සහ තව පාන් පිටි ටිකක් දමා අනා ටිකක් ඝන ඩෝ එකක් සාදා බෝල සාදා යාන්තමට තද කර උඩින් චොක්ලට් චිප්ස් වලින් සරසා ගත්තා . එයත් විනාඩි 10 ශිත කරණයෙහි තිබ්බා.(පහල පින්තූරයේ පෙනෙන පරිදි )
  7. මෙම ට්‍රේ එක විනාඩි 10 ශිත කරණයෙහි තබන්න . 
  8. එම වේලාව අතරතුර උශ්නත්වය 180ට විනාඩි 10 අවන් එක  pre heat කරන්න .
  9. විනාඩි 10 ට පසු ට්‍රේ එක ශිත කරණයෙන් එළියට ගෙන අවන් එකට දාන්න . අවන් එක විනාඩි 25 කට සෙට් කරන්න . 
  10. විනාඩි 25 ට පසු එළියට ගත් විට කුකීස් ටිකක් සොෆ්ට් ගතියයි . ඒ වුනාට නිවෙන කොට තද ගතියයි . හදලා බලන්න කෝ .
Dhammika Panangala (ධම්මිකා පනංගල)
චොකලට් කුකීස් (Chocolate Cookies) - Your Choice Way

චොකලට් කුකීස් (Chocolate Cookies) - Your Choice Way

චොකලට් කුකීස් (Chocolate Cookies) - Your Choice Way

චොකලට් කුකීස් (Chocolate Cookies) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චොකලට් කුකීස් හදමු (Chocolate Cookies Hadamu) චොකලට් කුකීස් හදමු (Chocolate Cookies Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 28, 2021 Rating: 5

0 comments:

Post a Comment