බක් මී ශාකයෙහි ඇති ඖෂධීය ගුණ (BakMee)

බක් මී ශාකයෙහි ඇති ඖෂධීය ගුණ (BakMee) - Your Choice Way
✅ බක් මී ගසේ ගෙඩි පළතුරක් ලෙස ආහාරයට ගනු ලැබේ. කහ පාට ප්‍රමාණයෙන් කුඩා රවුම් හැඩති බක්මී ගෙඩි ඇඹුල් පැණි රසකින් යුක්ත වේ. බක්මී ගෙඩි කෑමෙන් ඇඟ සිසිල් වෙනවා. ලේ පිරිසිදු වෙනවා. 

✅ ඉදුණු බක්මී ගෙඩි කිහිපයක් ගෙන හොඳින් තළා තලපයක් සේ සාදා කුෂ්ට මතු පිට දිනපතා උදේ සවස සති කිහිපයක් ආලේප කරනවා නම් කෙමෙන් සුවයක් ලබා ගත හැකිවේවි. 

✅ බක්මී ගෙඩි යුෂ රැගෙන සූදුරු, සීනි මිශ්‍ර කර පානය කිරීමෙන් කෑම අරුචිය, අජීර්ණ තත්වයන් ආදිය මගහරවා ගත හැකියි. එසේම සර්ප විෂ නැසීමටද බක්මී දිව්‍යමය ඔසුවක්. 

✅ සීතල ප්‍රදේශ වල වැඩෙන මේ ශාකයේ පොත්ත, මුල්, ගෙඩි, මල් සහ කොළ ඖෂධ පිණිස ගන්නවා. උන රෝග, ගර්භාෂගත රෝග. මුත්‍රා ආසාදන, ශුක්‍රරෝග සහා වා, පිත්, සෙම්, යන තුන් දොස් සමනය කරනවා. 

✅ වේදනා නාශක ගුණයෙන් යුක්ත බක්මී ශාකයේ ගුණ අතර ශරීරයේ ඉදිමුම් වේදනා නාශනයට,පිරිමින්ගේ ශුක්‍ර රෝගවලටශරීරයේ විෂ නැසීමට,බඩ බුරුල් වීම නැවැත්වීම,බඩගිනි ඇතිවීමට,ආහාර දිරවීම,වමන වැළැක්වීමට,ඉදිමුම් නසයි,තනකිරි වැඩීමට මළ බද්ධය සුව කිරීමට ️අග්නිවර්ධනයට ️ශරීර බලය වර්ධනයට,චර්ම රෝග සදහා උපකාරී වේ. විසප්පු, අර්බූද, වණ, තුවාල, අතීසාරය, රක්ත අතීසාරය, පාචනය, දත් කැක්කුම, ජලභීතිකාව, සර්ප විෂ, මුත්‍රා ගල්, මුත්‍ර අඩස්සිය, සෙංගමාලය, අක්ෂි රෝග, මුඛ රෝග, හෘද රෝග, ක්ෂය රෝගය, උණ ආදී රෝග අවස්ථා බොහෝමයක් සදහා යොදා ගන්නවා .

✅ ප්‍රතිකාර කිරීමට බක් මී ශාකයේ කොළ, දළු, පොතු, මුල්, ගෙඩි ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරන බක්මී ශාකය දේශීය වෙදකමට ඉමහත් ඖෂධීය වටිනා කමකින් යුක්ත ශාකයකි. දැන් අපි බලමු කොටස් වශයෙන් වෙන වෙනම මෙම ශාකයේ ගුණ.

✅ බක්මී කොළ තම්බා ගත් වතුරෙන් කට සේදීමෙන් දත්මුල් දියවීම, සෙම් ගෙඩි ඒම, මුඛ දුඟද හැමීම, දත් පණුවන් කෑම, කට වණවීම සුවකර ගත හැකියි.බක්මී කොළ ගින්නේ රත්කර කුඩු කර තුවාල මත ආලේප කිරීමෙන් විෂබීජ නසා සුවපත් වෙනවා. 

✅ බක් මී කොළ පොතු මුල් යොදා සකසා ගත් කැඳ බීමට දීමෙන් නයි, පොළොං ආදී සර්ප දෂ්ටන වලදී විෂ නැති වෙනවා. බක්මී පොත්ත වියලා කුඩුකර උදේසවස කෝපි මෙන් පානය කිරීමෙන් අතීසාර රෝග මෙන්ම දියවැඩියාවද සුවපත් කර ගත හැකියි. සීනි මට්ටමද අඩු වෙනවා. 

✅ අධික මාස් ශුද්ධියටද බක්මී පොතු වියලා කුඩු කර කෝපි මෙන් පානය කිරීම ගුණ දායකයි. උණුවතුර සමඟ බක්මී පොතු කුඩු ග්‍රෑම් 1ක් හෝ 2ක් පමණ වරකට පානය කිරීම පමණි කළ යුත්තේ. බක්මී පොතු කලං 6ක්, හීං බොවිටියා කලං 6ක්, එලකිරි පත 1ක්, වතුර පත 7ක් සමඟ පත එකට සිඳවා පෙරා සීනි ස්වල්පයක් දමා උදේ සවස දින කිහිපයක් පානය කිරීමෙන් අක්මා රෝග සෙංගමාල රෝග ඉක්මනින්ම සුවපත් කර ගත හැකි වේවි. 

✅ කුෂ්ට රෝගීන්ට බක්මී අමු පොතු ගෙන කොටා ඇල්දිය සමග මිශ්‍ර කර දිනපතා උදේ සවස කුෂ්ටය මත ආලේප කරනවා නම් කාලයක් යද්දී සුවපත් වේවි. 

✅ අකාලයේ ගබ්සා වීම් සිදුවන කතුන්ටද එම අවධානමින් මිදුමට බක්මී මල් හෝ මුල් කසායක් ලෙස යොදා ගනියි. ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහාත් ගැබිණි මව්වරුන්ටත් බක්මී මල් හෝ මුල් කසාය ඉතාමත් සුදුසුයි. 

✅ තවද බක්මී මුල් තම්බා බීමෙන් දියවැඩියාවටද ගුණදායකයි. පැරැන්ණෝ බක්මී දඬු දත් මැදීමටත් යොදාගෙන තිබෙනවා. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැන ගැනීම Share කරන්න

🙏 සියලු සත්වයෝ සුවපත් වේවා! 🙏 විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බක් මී ශාකයෙහි ඇති ඖෂධීය ගුණ (BakMee) බක් මී ශාකයෙහි ඇති ඖෂධීය ගුණ (BakMee) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2021 Rating: 5

0 comments:

Post a Comment