රෝ දුක් නිවාලන ගෞරවණීය ශාකය - අශෝක (Ashoka)

රෝ දුක් නිවාලන ගෞරවණීය ශාකය - අශෝක (Ashoka) - Your Choice Way
✅ සීතා   සොයා  ගිය  හනුමාට මල්  වනයක දී  ඇය  හමුවී  ශෝකය     නිවී ගිය   හෙයින්,  එම මල් වර්ගය   ශෝක නැති  යන අරුතැති  ,   අසෝක, අසෝකමු,    අශෝභම්   වැනි නම්වලින්  හැඳින්වෙන  බව  සඳහන්  වෙනවා.

✅ කාන්තාවන්  ප්‍රිය  බැවින්    අංගන  ප්‍රිය  ලෙස ද  හැඳින්වෙන  අශෝක  ශාකය,    හෝපලු ,    සීතා  අශෝක,  හේම පුෂ්ප,   දියරත්මල, දිය රතඹල, ආදි  තවත්  විවිධ  නම්වලින්ද  හැඳින්වෙන්නක්.  ගස  යටින්  ගියත්   නිරෝගි වන්නේ  යයි    දනන්  අතර  කියවෙන  වටිනා  ඖෂධිය ශාකයක්. 

✅ මීටර් 10ක්  12ක් උසට  වැවෙන එය සංයුක්ත පත්‍රවලින්  යුක්තයි.   ශාක  කඳෙහිත්  අතුවලත් තැඹිලි පාටැති අලංකාර  මල්  පොකුරු පිපී පරවීගෙන එනවිට  රතු  පැහැ  ගැන්වෙනවා. එහි  සෑදෙන  කරල  බීජ    4-8 කින්  යුක්තයි.  වියළි කලාපයේ  ඇල  මාර්ග  අසළ  බෙහෙවින්  දක්නා  ලැබෙනවා.  Fabaceae කුලයට  අයත් වනවා.

✅ ඉන්දියාවේ   ඉමහත්  ගෞරවාදරයට  පත්වූ  ශාකය  එහි  වේද  සාහිත්‍යයේ  හැඳින්වෙන්නේ  වාසනාව   ගෙනෙන්නක්  ලෙසටයි.  පද්ම  පුරාණය   ඇතුළු  පුරාණ  ග්‍රන්ථවල   අශෝක  ශාකය   සිටුවීම   මංගල්‍යයක්  බවත්,   සිටුවීමෙන්   නිවසේ  සෝ  දුක්  දුරුවන  බවත්,   එහි  සාමය  සෞභාග්‍යය  ළඟාවන   බවත් , විස්තර කෙරෙනවා

✅ ආයුර්වේද ග්‍රන්ථ  වන   සුශෘත,  චරක,  සංහිතාවල  එය වේදනා  නාශකයක්  සේ   හැඳින්වෙනවා. එසේම  සිසිල ,  වර්ණවත්  බව   ගෙනෙන, හදවතට  හිතකර ,දාහය  විඩාව  පිපාසය  නිවන ,  විස  නසන , ගුණයන්ගෙන්  යුතු   බව සඳහන්  වෙනවා.

✅ කාන්තා  රෝග සුවයට  නැතිවම  බැරි  ශාකයක්  ලෙස  හැඳින්වෙන     අශෝක  ශාකය  රුධිරය  පිරිසිදුකිරීමේ ,  රුධිරගත  සීනි  පාලනය  කිරීමේ හා රුධිර  වහන නවතාලීමේ   හැකියාවෙන් ද  යුක්තයි.  

✅ එය   ගර්භාෂ   ගෙඩි  ,  ශ්වේත,   රක්ත  ප්‍රදර  රෝග,   දන්ත  හා  මුඛ  රෝග,   අර්ශස්,  කු ෂ්ට,  තුවාල,   ඉදිමුම්,  කැඩුම්  බිඳුම්   අතීසාර    මුත්‍රා රෝග  සුවපත්කිරීමේ හැකියාව  සහිතයි.ඒ  සඳහා   ශාකයේ පොතු,  ඇට,   මල් හා   මුල්   යොදා ගන්නවා.

✅ අශෝක  පොතු  බැක්ටීරියා දිලීර ආසාදනවල ට  එරෙහි මනා  ක්‍රියාකාරිත්වයක්  ඇත්තක්  ලෙස සැළකෙනවා.   පැරණි  තුවාල   කුෂ්ට  බිබිලි  ආදිය  සුවකර ලේ  පිරිසිදුකර    වර්ණවත්  සමක් ලබාදීමට ඊට  හැකි යි . 

✅ පොතු  කෂාය  අර්ශස්  රෝග  පාලනයට ද යොදාගන්නවා. අශෝක මල්  රුධිරගත   සීනි  පාලනයට  උපකාරි වන්නක්  සේත්   අශෝක  මුල්  කාන්තා  ප්‍රජනන  ශක්තිය වඩවන්නක්   සේත්   සැළකෙනවා.  

✅ අශෝකාරිෂ්ටය     අශෝක සෘතය   වැනි    කාන්තාරෝග  නිවාරණය  කෙරෙන   වටිනා   බෙහෙත් නිෂ්පාදනයවී  ඇත්තේ ද    අශෝක ශාකය  මගින්.

✅ අශෝක ශාකයෙන්  අත්  බෙහෙත් (වෛද්‍ය  ලේඛන  මගින්)


⭕ කාන්තා ප්‍රජනන  පද්ධති,  ගර්භාෂ  ආශ්‍රිතරෝග සඳහා
🌿 අශෝක  පොතු වියළා  කුඩුකර   තේ  මෙන්  පානය  කිරීම.

🌿 පොතු  ග්‍රෑම්  60  කට  වතුර  පත  හතක්  හා   එළකිරි  පතක්  යොදා  අට  එකට  සිඳුවා කෂාය  උදේ  සවස  පත  බාගය  බැගින්  බීම (එළකිරි  වෙනුවට වතුර යොදාගන්නත්  හැකියි)

⭕ දිය  වැඩියාවට
🌿 අශෝක  මල්  පවනේ  වියළා  කුඩුකර   උණු  වතුර  වීදුරුවකට මිශ්‍රකර දිනකට  දෙවරක්  පානය  කිරීම

🌿 පවනේ  වියළූ  මල්  මිටක්  පත  හතර  එකට  සිඳුවා  පතබාගය බැගින්    සතියක්  උදේසවස    බී ම

⭕ විදුරු මස්  ආසාදන,  මුඛ  දුර්ගන්ධය  ,  සෙම්ගෙඩි   වලට
🌿 පොතු  වේළා  කුඩුකර ඇල් දියෙන් අනා දත්  මැදීම

⭕ කට වණවීම්,මුඛයේ   බැක්ටීරියා   නැසුමට
🌿 පොතු  කුඩු දැමූ  උණු වතුරෙන්  කට  සේදීම

✅ සැරව  සහිත පරණ  තුවාලවලට
🌿 අමු  පොතු  අඹරා  ගෑම

🌿 සමේ  කුෂ්ට  බිබිලි   දුරුකර  සම  පැහැපත් කිරීමට  හා  ලේ  පිරිසිදු කිරීමට පොතු  කෂාය  අට එකට  සිඳුවා  සීනි  දමා  පැණියක්  කර  දිනකට  තේ  හැඳි  දෙක  බැගින්  බීම

⭕ හන්දිපත්  රුදාවට
🌿 පොතු  කබලේ  බැද   කුඩුකර   ශුලහර  තෙලට  මිශ්‍ර කර ආලේපකිරීම

⭕ කැඩුම් බිඳුම් වලදී
🌿 පොතු  කුඹුක්  පොතු  සමග මිශ්‍ර  කර   පත්තු බැඳීම

⭕ අතීසාරයට
🌿 මල්  කෂායකර  බීම

⭕ රක්තාතීසාරයට  හා අර්ශස් වලට
🌿 පොතු  තම්බා  කෂාය  කර බීම

⭕ වකුගඩු  ආශ්‍රිත    ගල්  දියවීමට
🌿 අශෝක  ඇට  වියළා  කුඩුකර  ඉන් ස්වල්පයක්  උණුවතුර වීදුරුවකට  දමා උදය  සවස  පානය කිරීම..

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රෝ දුක් නිවාලන ගෞරවණීය ශාකය - අශෝක (Ashoka) රෝ දුක් නිවාලන ගෞරවණීය ශාකය - අශෝක (Ashoka) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 18, 2021 Rating: 5

0 comments:

Post a Comment