Ae Neela Warala Pirala (Suranganavi) Song Lyrics - ඈ නීල වරල පීරලා (සුරංගනාවී) ගීතයේ පද පෙළ

Ae Neela Warala Pirala (Suranganavi) Song Lyrics - ඈ නීල වරල පීරලා (සුරංගනාවී) ගීතයේ පද පෙළ
Song Title : Ae Neela Warala Pirala (Suranganavi) (ඈ නීල වරල පීරලා) (සුරංගනාවී)
ගායනය : ධනපාල උඩවත්ත
තනුව : ආර්.ඒ. චන්ද්‍රසේන
ගී පද : කරුණාරත්න අබේසේකර


ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා
පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා

සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //

වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා
සිසිල් සුළං යාවි පාවෙලා
දඟ පුළුලුකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා
නිල් නෙත් යුග මහද මත් කලා

සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //

ලස්සන මල් කුමාරියෙ ගම එලි කල මනාලියේ
ඔබ දුටු මගෙ හද පිනා ගියේ
සුර ලෝකෙ සුරඟනාවියේ මගෙ හද දිනු දයාවියේ
සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ

සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //

හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ
සිනහ මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැඳි ලොවේ කුමරියෙ ඔ‍බ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ

ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා
පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා

සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ae Neela Warala Pirala (Suranganavi) Song Lyrics - ඈ නීල වරල පීරලා (සුරංගනාවී) ගීතයේ පද පෙළ Ae Neela Warala Pirala (Suranganavi) Song Lyrics - ඈ නීල වරල පීරලා (සුරංගනාවී) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 13, 2021 Rating: 5

0 comments:

Post a Comment