Wela Yana Athatai Song Lyrics - වැල යන අතටයි ගීතයේ පද පෙළ

Wela Yana Athatai Song Lyrics - වැල යන අතටයි ගීතයේ පද පෙළ
Song Title : Wela Yana Athatai (වැල යන අතටයි)
ගායනය : ආනන්ද පෙරේරා, සිහ ශක්ති


වැල යන අතටයි මැස්ස හදන්නේ
ගම යට කරගෙන වැල දිවයන්නේ //

ගම රට වැනසුනත් එකයි
අපි හෙට නැතිවුණත් එකයි //

අපි බැලුවේ එකම එකයි
වැලට මැස්ස හදන එකයි //

රළ යන අතටයි ඔරුව පදින්නේ
මකර කට වෙතයි රැල්ල ඇදෙන්නේ //

මකර කටට ගියත් එකයි
අපි හෙට නැතිවුණත් එකයි //

අපි බැලුවේ එකම එකයි
ඇදෙන අතට පදින එකයි //

පිටරට වෙතමයි ගත සිත යන්නේ
දෙස බස රැස ‍කොතැනද නවතින්නේ //

දෙස බස නැතිවුණත් එකයි
රට දැය වැනසුනත් එකයි //

අපි බැලුවේ එකම එකයි
වාසි පිලට ඇදෙන එකයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wela Yana Athatai Song Lyrics - වැල යන අතටයි ගීතයේ පද පෙළ Wela Yana Athatai Song Lyrics - වැල යන අතටයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 15, 2021 Rating: 5

0 comments:

Post a Comment