Tikirimalee Pasal Yana Song Lyrics - ටිකිරිමලී පාසැල් යන ගීතයේ පද පෙළ

Tikirimalee Pasal Yana Song Lyrics - ටිකිරිමලී පාසැල් යන ගීතයේ පද පෙළ
Song Title : Tikirimalee Pasal Yana (ටිකිරිමලී පාසැල් යන)
ගායනය : අනිල් භාරතී
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : වර්නන් පෙරේරා


ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
මගේ හදවත ඔබ වෙත බැඳුණා //

නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා
ඔබේ පිනට කරල් පැහෙනවා
ඇඹුල බෙදන කලද ම දෙස හොරෙන් බලනවා
මගේ හිතට රහස් කියනවා

ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
මගේ හදවත ඔබ වෙත බැඳුණා

හේනේ පැලේ පැල් රකිද්දි ඔබ සිහිවෙනවා
පාළු තනිය නැති වී යනවා
මට ලැබේද වෙන ගමකට යාද සිතෙනවා
හිතේ දුකට කවි කියවෙනවා

ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
මගේ හදවත ඔබ වෙත බැඳුණා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tikirimalee Pasal Yana Song Lyrics - ටිකිරිමලී පාසැල් යන ගීතයේ පද පෙළ Tikirimalee Pasal Yana Song Lyrics - ටිකිරිමලී පාසැල් යන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 09, 2021 Rating: 5

0 comments:

Post a Comment