සත්‍ය අත්දැකීමක් (Real Story)

සත්‍ය අත්දැකීමක් (Real Story) - Your Choice Way
මේ කතාවත් මට සිදුවුනු සත්‍ය සිදුවීමක්.හොරන ප්‍රදේශයේ ගමක තමයි මේ සිදුවීම වෙන්නෙ.උපාලි කියල අයිය කෙනෙක් ඉදල තියෙනවා.එයා බොහොම හොද කාටත් උදව් කරන කෙනෙක්.හැබැයි මත් පැන් පානය කලාම යකෙක් වගේලු.ගමේ අයත් එක්ක රන්ඩු වෙනවා.ගෙදර වයිප්ට ගහනවා..ඒත් අනිත් වෙලාවට හරිම හොදයිලු.කාලය ගෙවී යද්දි මේ අයියට රිය අනතුරක් වෙනවා හොරන ටවුන් එකේදි.කොළඹ අරන් ගියත් දවස් තුනක්ම සිහිය නැතිව ඉදල තමයි මැරෙන්නෙ.

මස්සිනාගෙ දුවට හොදටම අපලයි කියල හදහන බලන්න ගෙදර හිටපු උපාලි අයියව බලෙන් තමයි එක්කන් ගිහින් තියෙන්නෙ.එදා ඒ අයියා බීල ඉදලත් නෑ.කොහොම හරි බයිසිකලේ ත්‍රීවිල් එහෙක හැප්පිලා තමයි අයියා නැති වුනේ.කවදාවත් කතා කරන්න බැරිව හිටිය අපල තියෙනව කිව්ව දරුව මේ අයිය මැරුන ගමන් කතා කරල.

මේ අයියා නැති වෙන්නෙ අවු 29න්.සත් දවසෙ දානෙ දවසෙ ඉදලම අහල පහල ගෑනු මෙයාව දැකල බය වෙලා තියෙනවා.වැඩියෙන්ම නෑයො තමයි දකින්නෙ.ඒත් ඒ සිදුවීම් කාලයත් එක්ක මැකිල යනවා.

ඉතින් විදෙශ් ගත වෙන්නෙ අනාගතය වෙනුවෙන් දියුනුවෙන්න කියල.ඒත් රට ගියාට පස්සෙ මේඅක්ක හොදටෝම වෙනස් වෙනවා.දරුවො දෙන්න ගැන වුනත් හොයල බලන්නෙ නෑ.ඇදුම් පැලදුම් පවා වෙනස් වෙලා.ඉතින් දැන් වෙනත් විවාහයක් කර ගන්නයි ලෑස්තිය.එයාට දැන් උපාලි අයියව මතක නෑ.දරුවො ගැන ගානකුත් නෑ.ලොකු දුවට එතකොට අවු 16ක් වගේ ඇති.අයිය නැති වෙන කොට එයාගෙ වයස 8යි.

ඉතින් මේ අක්ක රට ඉන්නකම්ම තමන්ගෙ සැමියව හීනෙන් දැකල බය වෙලා.ඊට පස්සෙ ලෙඩ වෙනවලු.එයා බැදල තියෙන්නෙ අවු 15න්.ගෙදර විරුද්දත්වය මැද්දෙ මෙයා ආදරේ කරනව කෙනෙකුට.අර දුව හරිම විරුද්දයි මේකට .නිතර රන්ඩු වෙනවා.ඒ දුව ස්කෝලෙ ගියෙ අපේ ගෙදර නැවතිලා.මට ඉතින් නංගි කෙනෙක් වගේ.දවසක් ඒ ගෙදර දානයක් තියෙනවා කියල මටත් එන්න කිව්වා උදව් කරන්න.මාත් හරි ආසාවෙන් ඉතින් ගියා.දානෙට දවසක් කලින් ගියේ.අක්ක තරුණ නිසා කසාද බැන්දට කමක් නෑ කියල මාත් ඉතින් නිකමට කිව්ව.අර නංගි මාත් එක්ක තරහ වෙන්න වගේ මුන රතුකරගෙන නිදා ගන්න ගියා.දැන් ගෙදර හැමෝම නිදි.මම හිටපු කාමරේ පස් දෙනෙක්ම හිටියා.පොඩි ලමයි දෙන්නෙකුයි තව අක්ක කෙනෙකුයි.උපාලි අයිය බැදපු අක්කයි මම තමයි අන්තිමයට හිටියෙ.මට නින්ද යන්නෙ නෑ පිට ගෙවල් වල.

ඉතින් ඔන්න ඇස් දෙක පියාගෙන පාඩුවෙ ඉන්නකොට( 12 පහු වෙලා එතකොට)මට දැනෙනවා කවුරු හරි කාමරේට එනවා.මම හෙමින් ඇස් ඇරල බලන්නෙ මේ කවුද කියලා.කාමරේ ඇතුලෙ දෙපාරක් එහාට මෙයාට යනවා චායාවක් වගේ දැක්ක.සරමක් ඇදපු කෙනෙක් වගේ තමයි දැක්කෙ.පේන්නෙත් එහා කාමරේ ලයිට් එලියට.මම ඉතින් නිදි වගේ සද්ද නොකර හිටියා.දෙපාරක් එහා මෙහා ගියාට මම දැක්කෙ නිකන් පාවෙනවා වගේ.ඊලග පාර එයා ඇද ලග නැවතුනා.ඒ කියන්නෙ මගේ ලගම මට ඉතින් මොකද්ද වගේ.මට පේනවා එයා අක්ක දිහා බලන් ඉන්නවා වගේ.හරියට මම ඉන්න නිසා එයා ලගට යන්න විදිහක් නෑ වගේ.මගේ ලග හිටගෙන ඉන්නවා කියන එකනම් හොදටම දැනෙවා.ඔන්න ඔහේ කෝකටත් කියල මම හැරිල බැලුව කවුද කියල.දැකපු දෙයින් මාව හිරි වැටිල ගියා.එයා හරිම උසයි කෙට්ටුයි.සරමක් කමිසයක් සුදට පේනවාඑකපාරටම බලපු නිසා දැක්කෙ එයාගෙ හිස කදින් වෙන් වෙලා වගේ..ඒත් තියෙනවා..

එහා මෙහා පේනවා කද වෙනමයි හිස වෙනමයි තියෙන විදිහට.ඒ කියන්නෙ කද මනුස්සයෙක්ගෙ වගේ තිබුනට හිස පේන්නෙ එහා මෙහා පේන ඡායාවක් වගේ විතරයි.මම කෑගහන්න හැදුවට සද්දෙ ඇහෙන්නෙ නෑ.මාව හිර වෙලා වාගෙ.මම අර අක්කට අතින් ඇන්නට ඒ අක්ක ඇහැරෙන්නෙ නෑ.ඒත් එක්කම වගේ ඡායාව නැති වෙලා ගියා.මාව බය වුනා.මම අර අක්කට ආයෙත් කතා කලා .එයාට හොදට නිදි. ඉක්මනට නැගිටල අර අක්කගෙ අම්ම නිදා ගෙන හිටියෙ සාලෙ.මම ඒ නැන්ද ලගට දුවගෙන ගියා..ගිහින් එයාවත් ඇහැරවලා එයා ලගට වෙලා හිටිය එලිවෙනකම්ම.එදායින් පස්සෙ මම ඒ ගෙදර රෑට නිදා ගත්තෙ නෑ.බයට නෙවෙයි .පස්සෙ මම බැලුවම දැක්කෙ ඒ අයිය මැරුනට තාම දන්නෙ නෑ එයා මැරිල කියල .එයා හිතාගෙන ඉන්නෙ එයා ජීවත් වෙනවා කියල.ඔලුව නැතුව පේන්නෙ එයා මැරිල තියෙන්නෙ ඔලුව හැප්පිලා.මොලේ මැරිල නිසයි බේර ගන්න බැරි වුනා කියල ඒ අක්ක කිව්වෙ.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සත්‍ය අත්දැකීමක් (Real Story) සත්‍ය අත්දැකීමක් (Real Story) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2021 Rating: 5

0 comments:

Post a Comment