Rau Nagee Ahase Song Lyrics - රැව් නැගී අහසේ ගීතයේ පද පෙළ

Rau Nagee Ahase Song Lyrics - රැව් නැගී අහසේ ගීතයේ පද පෙළ
Song Title : Rau Nagee Ahase (රැව් නැගී අහසේ)
Singing : Windy Goonatillake
Lyrics, Melody & Arrangements : Rookantha Goonatillake 
Music Production : Sanuka Wickramasinghe
Keys : Sugath Hettiarachchi 
Groove Enhancements : Kavishka K2
Electric Guitar : Rookantha Goonatillake 
Acoustic Guitar : Sanuka Wickramasinghe
Mixing & Mastering : Vinod Melpitiya 
Motion Graphics : Prasad Aluthwattha
Photography : Danushka Senadeera Photograph


දිස්නෙ දෙන්නම් වී සිතේ රන් මාලේ
සෝ සුසුම් මැකිලා යන්න පෙර කාලේ
මල් වවා දෙන්නම් සිතුම් විල පීදේ
ඉන්නකං ඉන්නම් සෙවණැල්ල වාගේ
සුන්දරයි මන නන්දනයි හද ආලේ
බැන්ද ප්‍රේමේ මා ඔබටමයි කීවේ

රැව් නැගී අහසේ
මා කිවු ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ
ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා ආදරේ

නිල් උදාවක් රන් සැඳෑවක් ගානේ
මල් හිනාවක් පෙම් කතාවක් වාගේ
නෙත් පුරා හද ආදරේ රස වෑහේ
ඉන්නකං ඉන්නම් පවනැල්ල වාගේ
සුන්දරයි මන නන්දනයි හද ආලේ
බැන්ද ප්‍රේමේ මා ඔබටමයි කීවේ

රැව් නැගී අහසේ
මා කිවු ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ
ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා ආදරේ

ආදරේ මහ සාගරේ දිය වාගේ
ආකහේ තරුමල් දිලිසුනා රෑනේ
මේ තරම් අප ප්‍රේමයෙන් වෙලුනා සේ
එක්ව යමු දෙන්නා ජීවිතේ දෑලේ

රැව් නැගී අහසේ
මා කිවු ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ
ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rau Nagee Ahase Song Lyrics - රැව් නැගී අහසේ ගීතයේ පද පෙළ Rau Nagee Ahase Song Lyrics - රැව් නැගී අහසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 15, 2021 Rating: 5

0 comments:

Post a Comment