Podi Wije Song Lyrics - පොඩි විජේ ගීතයේ පද පෙළ

Podi Wije Song Lyrics - පොඩි විජේ ගීතයේ පද පෙළ
Song Title : Podi Wije (පොඩි විජේ)
ගායනය : ඇන්ටන් ජෝන්ස්


පොළොන්නරුවේ පොඩි විජේ
වෙඩි නොවදින පොඩි විජේ
දැඩි එඩි පෑ පොඩි විජේ
කැළේ රජ වුණා
වෙඩි පිට වෙඩි තිය තියා
නීතිය ලුහුබැඳ ගියා
කලකම් පලදී එයා
මරුට බිලි වුණා

ගෙනයන්නට බැරි තැන පවුලක බර
පොඩි විජේ කලේ ගමට හිරිහැර
බැද්දෙට වෙඩි සද්දේ හොඳින් හුරු කර
පරසිද්ද වුනා හද්ද පිටිසර
මව්පියො සොහොයුරුසොහොයුරියන් රැක
ගන්නට වෙහෙසුනා විඳ දුක
හිමි නැති සැපතක සිහිනය දැක දැක
දරුණුයි කල සැහැසිකම් ටික

පොළොන්නරුවේ පොඩි විජේ
වෙඩි නොවදින පොඩි විජේ
දැඩි එඩි පෑ පොඩි විජේ
කැළේ රජ වුණා
වෙඩි පිට වෙඩි තිය තියා
නීතිය ලුහුබැඳ ගියා
කලකම් පලදී එයා
මරුට බිලි වුණා

ජිවිත කිහිපයකට කල හානිය
දුටු අය පවසාවී සැම දෙය
බිහිසුණු අපරාධ වලින් නම ගිය
පොඩි විජේට මුළු ගමම බය විය
පොඩි විජේ සමඟ එම හිතවත් කල්ලිය
වනරොදේ දවස් ගණන් සැඟවිය
පසුපස ලුහුබැඳ යන විට නීතිය
වෙන කැලයක් දෙසට පැන ගිය

පොළොන්නරුවේ පොඩි විජේ
වෙඩි නොවදින පොඩි විජේ
දැඩි එඩි පෑ පොඩි විජේ
කැළේ රජ වුණා
වෙඩි පිට වෙඩි තිය තියා
නීතිය ලුහුබැඳ ගියා
කලකම් පලදී එයා
මරුට බිලි වුණා

නොදැනයි සැරසුනේ අන්තිම සටනට
පනස්දහක් බලෙන් ගන්නට
ලැබුණා ඔත්තුව රැක්කා හරියට
මින්නේරිය රජ ඇල අවට
පැන ගිය මුත් එතැනදි වී කලබල
හවරියපැලැස්ස වනරොද අසල
ඇසුණා හඬ පොඩි විජේගේ එමකල
වෙඩි හඩ පිට වුණ වන තුල

පොළොන්නරුවේ පොඩි විජේ
වෙඩි නොවදින පොඩි විජේ
දැඩි එඩි පෑ පොඩි විජේ
කැළේ රජ වුණා
වෙඩි පිට වෙඩි තිය තියා
නීතිය ලුහුබැඳ ගියා
කලකම් පලදී එයා
මරුට බිලි වුණා

පැන්නා ගැලවීමට කටු අකුලට
වැදුණා වෙඩි එකක් එක පිට
වැටුණ පොඩි විජේ අවසන් නින්දට
නීතිය රජ වුණා සදහට
කටුකෙලිය ගම නිසසල පෙදෙසකි
හොර මැරකම් සෙමින් යයි මැකී
අඬමින් ජීවත් වීමත් අපුලකි
දැහැමින් මිය යෑම සැපතකි

පොළොන්නරුවේ පොඩි විජේ
වෙඩි නොවදින පොඩි විජේ
දැඩි එඩි පෑ පොඩි විජේ
කැළේ රජ වුනා
වෙඩි පිට වෙඩි තිය තියා
නීතිය ලුහුබැඳ ගියා
කලකම් පලදී එයා
මරුට බිලිවුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Podi Wije Song Lyrics - පොඩි විජේ ගීතයේ පද පෙළ Podi Wije Song Lyrics - පොඩි විජේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 27, 2021 Rating: 5

0 comments:

Post a Comment